( තිළිණි ද සිල්වා )
ඩිජිටල් සංචාරක වීසා (Digital Nomad Visa) නමින් නව වීසා ක්‍රමවේදයක් හඳුන්වා දීමට රජය තීරණය කර ඇතැයි ශ්‍රී ලංකා සංචාරක අධිකාරිය කියා සිටී.
විදේශයක රැකියාවක් සිදුකරන පුද්ගලයින්ට මෙරටට පැමිණ, විදේශයන්හි නිරත රැකියාව ඩිජිටල් තාක්ෂණය ඔස්සේ සිදු කිරීමට මෙම නව වීසා ක්‍රමවේදය යටත් අවස්ථාව හිමිවන බව සංචාරක සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ධම්මිකා විජේසිංහ මහත්මිය සඳහන් කළාය.
මෙහිදී වීසා හරහා මෙන්ම අදාළ පුද්ගලයාගේ වැටුප ද මෙරටට පැමිණී වියදම් කිරීම තුළින් එම මුදල් ද රට තුළ සංසරණය වීමක් සිදු වන බවද සංචාරක සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරිය කියා සිටියාය.
මෙම අවස්ථාවේ රට තුළට විදේශ විනිමය ලබා ගැනීමේ කටයුත්තක් ලෙස ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත මෙම ක්‍රමවේදයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇතැයි, ඇය වැඩිදුරටත් කීවාය.
දුරස්ථව රැකියා කළ හැකි සහ දිගු කාලයක් මෙරට රැඳී සිටින විදේශීය අමුත්තන් සඳහා වසරක් දක්වා වීසා ලබා දීමට යෝජිතව ඇත.
ශ්‍රී ලංකා සංචාරක ව්‍යාපාරය එහි තිරසාර උපාය මාර්ගයන්හි කොටසක් ලෙස ඩිජිටල් සංචාරක වෙළෙඳපොළ පුළුල් කිරීම යටතේ මෙම නව වීසා පහසුකම් සැලසීමට සංචාරක අධිකාරිය අප්ක්ෂා කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය වීසා එක තිබ්බට වැඩක් නෑ ලංකාවේ ඉන්ටර්නෙට් මන්දගාමී. වතුර කපනවා ගොඩක් වෙලාවට, කරන්ට් එක යනවා. මට ලංකාවට ඇවිල්ල වැඩ කරන්න පුළුවන් ඒත් මම එන්නෙ නෑ හේතුව මේ කාරණා නිසා ඉන්ටර්නෙට් වේගය අඩුයි ඔය වගේ මූලික අවශ්‍යතා ටික කොළඹ වත් හරියට නෑ. ඔය ප්‍රශ්නේ ලංකාවේ ඉන්න ගොඩක් අයි ටී කරන කට්ටිය මුහුණ දෙන ප්‍රශ්නයක්.
මේ කියන දේ මටනම් හරිම අපැහැදිලියි.
අන්තර්ජාල සේවා වගේම බැංකු පහසුකම් වුනත් වෙනස් විය යුතුයි.
එන්නතවත් හරියට ගහලා දෙන්න බැරිව ඉද්දී මොන විසා කතාද.?
වැඩ කරන අය මෙන්ම බොහෝ රටවල පුරවැසිකම ලබාගෙන ජීවත් වෙන ශ්‍රී ලාංකිකයින් ඉන්නවා. එම අයට ලංකාවට පැමිණ වැඩි කාලයක් ඉන්නට වීසා පහසුකම් දෙන්න. එතකොට එම පුද්ගලයින් ලංකාව තුළ වියදම් කරන්නේ පිටරට සල්ලි... මේ තුළින් තවත් විදේශ විනිමය රැකගත හැකියි...
මම ඔන්ලයින් ගේමින් කරලා සල්ලි හොයන්නේ.. ඉන්නේ ජපානයේ. ලංකාවේ ඇවිත් ඕක කරලා බැලුවා. ස්පීඩ් හොඳටම මදි.. රියල් ටයිම් වර්ල්ඩ් එකත් එක්ක හැප්පෙන්න හිතන්නවත් බැහැ. අනික අන්ලිමිටඩ් ඉන්ටර්නෙට් පට්ටගණන්.. එ්ක ලංකාවේ සුපිරි සේවාවක් වගේ.. ඕවා ඔක්කොම එන එක හොයලා බලනවා.
රජයේ මැති ඇමතිවරු බොහෝ දෙනෙක් අන්තර්ජාලය කියන්නේ මොකක්ද කියලවත් දන්නේ නැතුව ඇති.
ලංකාවේ සංචාරක ව්‍යාපාරය සහ ආර්ථිකය දියුණු කළ යුතුයි