(ඩයනා උදයංගනී සහ අංජුල මහික වීරරත්න)
පහන්තුඩාව සිද්ධියට සම්බන්ධ යුවල බව කියමින් වෙනත් යුවලකගේ ඡායාරූප සමාජ මාධ්‍යවලට නිකුත් කළ අය සොයා වහාම විමර්ශනයක් කරන ලෙස මහජන ආරක්ෂක ඇමති රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා අපරාධ පරීක්ෂණ කොට්ඨාශය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට උපදෙස් දී ඇත.
සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ අදාළ සිද්ධියට සම්බන්ධ බව කියමින් තම ඡායාරූප පළ කර ඇති බවට තරුණ යුවලක් කර ඇති ප්‍රකාශ සැලකිල්ලට ගෙන ඇමතිවරයා මෙම පියවර ගෙන ඇත.
සමාජ මාධ්‍ය ඔස්සේ මෙවන් වූ සිද්ධීන් බොහොමයක් වාර්තා වී ඇති අතර මෙම සිද්ධියෙන් වෙනත් යුවලක් අගතියකට පත්වී ඇත්නම් එසේ කිරීමට කටයුතු කළ අය සොයා මෙම විමර්ශනය සිදු කරන ලෙස ද ඇමති සරත් වීරසේකර මහතා උපදෙස් දී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ යුවළ නිරපරාදේ නින්දා අපහාස විඳිනවා.මේවාට නිසි දඬුවම් හිමිවිය යුතුමයි.
අනිවාර්යයෙන් සමාජ මාධ්‍ය නියාමනයක් සිද්ධ වෙන්නම ඕනේ.. ෆේස් බුක් එකෙයි යූ ටියුබ් එකෙයි පේජ් කාරයෝ කරන්නේ කාටහරි මඩක් ගහන එක..එක්කෝ කාවහරි සම්බන්ධ කරලා කුණු කතාවක් ගොතන එක..අපේ මිනිස්සුත් කුණු රසයට ආස නිසා ඒවා කියවලා ඇත්ත කියලා විශ්වාස කරගෙන හතර අතේ පතුරවනවා.. මේක තේරෙන්නේ තමන්ට මේක සිදු වුන දවසක.. විපක්ෂයේ අය ප්‍රජාතන්ත්‍රවාදය ගැන කියාගෙන එයි..ඒත් අනිවාර්යයෙන් මොවුන් බහුතරයක් තහනම් කරන්නම ඕනේ මේ රට ගොඩගන්න ඕනේනම්
සමාජ මාධ්‍ය විතරක් නෙවෙයි. අනෙකුත් මාධ්‍යවලත් ගිහින් තිබුණේ ඒ වැරැදි පින්තූරෙ මම හිතන්නේ..
මේවාට සම්පූර්ණ වග කියන්න ඕනෑ ඒ දෙන්නම තමයි...
කොල්ලා වැඩට බැස්සා... මිනිහා පාස්කු ප්‍රහාරයේ මහ මොලකාරයා හොයාගත්තා. අනුර කුමාරට පුස් වෙඩි වෙනුවට ජීව උණ්ඩ වලින් වැඩ දුන්නා. බුර්කා තහනම් කළා. ඉස්කොලෙ යන කොල්ලන්ට යුද පුහුණුව දුන්නා. බලන්න මේ වැඩකාරයා මේ කෙටි කාලෙට කරලා තියෙන වැඩ කන්දරාව. ගිනස් පොතට යයිද දන්නේ නැහැ...
ඡායාරූප ගන්නේ ඡායාරූප ශිල්පියෙකි. මෙවැනි වීඩියෝ පට නිපදවන්නා වීඩියෝ නිර්මාණ කරුවකු හෝ එවැනි සංස්කාරක වරයෙකි. ලියන්නා ලේඛකයෙකි, වාර්තා කරන්නා වාර්තා කරුවෙකි. ඒලෙස වැඩසටහන් ඉදිරිපත් කරන්නෝද, බ්ලොග් කරුවෝද, යූ ටියුබ් කරුවෝද, එක් එක් වර්ග වල එක් එක් අංශවල අය සිටිති. ප්‍රශ්නය වන්නේ මාධ්‍යවේදයා යන්න ගැන මෙලෝ හසරක් නොදන්නා ඔවුන්ට ඔවුන්ගේ වෘත්තියෙන් ආමන්ත්‍රණය නොකර මාධ්‍යවේදීන් ලෙස ආමන්ත්‍රණය කිරීමයි. එබැවින් මාධ්‍යවේදයට හා මාධ්‍යවේදයට මුවා වී ඔවුන් රැකවරණය ලබාගනී... තවද එයට සංස්කෘතිය බල්ලට දමා මානව හිමිකම් යන වචනයද එකතු කර තවත් ඔප මට්ටම් කර ගනී. එබැවින් මාධ්‍යවේදීන් විසින් පළමුව ආචාරධර්ම පිහිටුවාගෙන ඒවා ඉක්මවා යන්නන්ට එරෙහිව හඬක් නැගිය යුතුයි.
මේවාට තමා ඉල්ලගෙන කනවා කියන්නේ. මෙවැනි දේවල් නිසා සමාජ ජාල නියාමනයට ඉබේම පාර කැපෙනවා. කට උත්තර නැහැනෙ
අන්න එහෙම එන්න ඇමතිතුමා.