
(නිමන්ති රණසිංහ සහ රංජිත් කරුණාවීර)
කොවිඩ් ආසාදිත ව රෝහල් ගත වී ප්‍රතිකාර ලබමින් සිටි ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලාඇත්තන් ගේ බිරිය "හීන් මැණිකේ" ඊයේ (04) රාත්‍රියේ මිය ගියාය.
කොවිඩ් නිවුමෝනියා තත්ත්වය ඇති වීමේ හේතුවෙන් "හීන් මැණිකේ" මහියංගන රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව පෙරේදා (02) පේරාදෙණිය රෝහලට මාරු කර යවා ඇති අතර එහිදී දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඇය ඊයේ (04) රාත්‍රී මෙසේ මිය ගියාය.
හීන් මැණිකේ දරුවන් නව දෙනෙකුගෙන් මෑණියන් වූවාය. ඇය ඇතුළු ඇගේ පවුලේ සාමාජිකයන් කිහිපදෙනෙකු කෝවිඩ් ආසාදිත ව මහියංගන රෝහලට ඇතුළත් කරනු ලැබුවේ 29වැනිදාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ පව්....එතුමියට නිවන්සුව අත්වේවා.....
නිවන් සැප ලැබේවා ! ඉපැරණි වෙදකම්, අත් බෙහෙත් දන්නවා කියනවා උනත් වන්නිලාඇත්තන්ට මෙතුමිය බේරාගන්න බැරි උනා. අද ඉන්නවා දේශීය වෙදකම ප්‍රවර්ධනය කරන මුවාවෙන් තමන්ගේ මඩිය තරකරගන්න මාන බලන අය. ඇතැමුන් වන්නිලාඇත්තන් එක්ක ඡායාරූපගෙන හිතනවා තමන් තමා වෙදකමේ ආරක්ෂකයා කියලා. මිනිස්සුන්ව එව්ව පෙන්නලා රවටනවා. මෝඩ මිනිසුන් මිස වෙන කවුරුන්ද ඒවට රැවටෙන්නෙ ? එන්නත ගනිමු... සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමු..
ආගමික භක්තින්ට, විශ්වාසයන්ට, ඇදහීම් වලට කොරෝනා මර්දනය කිරීම වෙනුවෙන් කිසිම දෙයක් කරන්න බැහැ... නමුත් ඒ බව නොදන්න වර්තමාන බහුතරයක් පූජ්‍ය/ පූජක පරම්පරාව කරන්නේම මිනිස්සුන්ව... රැවටීමයි. හම්බ කිරීමයි.. රැස්කිරීමයි.. පිනවීමයි.. ආත්ම වංචාවයි...
නිවන් සුව !.....
කොරෝනා කියන්නේ ලෝකයේ බලවත් රටවල් දෙකක අතර ඇති බල අරගලයේ දූෂිත නිර්මාණයක්... අද ඒ ඒ අය එය නිපදවූයේ තමන් නොවෙයි අනිකා බවට එකිනෙකාට චෝදනා කරගන්නවා. ඔවුන් බුදුදහමට අනුව සැබෑ බොදුනු අදහස් හා ගතිගුණ තිබුණු අය වුවේ නම්, මෙවන් විනාශකාරී වයිරසයක් කිසිදා නිපදවනු ලබන්නේ නැත. ඒ ගැන කල්පනා නොකරන ඇතැම් දෙනා, ආගම්වල බලයෙන් රෝගය සුව නොකරන්නේ යැයි චෝදනා කරති. හරි හැටි ආගමික පිහිට ලබන්නට මිනිසා සිල්වත් හා ශිෂ්ඨ විය යුතුයි. මේ රටේ ඇතැම් පූජකයින් ඇතුළු උන්මත්තකයින් සමාජ මාධ්‍ය යොදාගෙන නරලෝ විගඩම් නටති. බොහෝ දේ අසරණයින් රවටා ඔවුන්ගේ පොකට්ටුවට විදීමටයි. ඒ කෙසේ වෙතත්, එන්නත් දෙකම විදගත්තත් මියයෑම් ගැනද, නිතර අසන්නට ලැබේ. මිනිසා විසින්ම තම විද්‍යාත්මක නුවණ යොදා දරුණු වෛරස් නිපදවා මිනිසාගේ විනාශයට යොදන්නේ නම්, ඒ ගැන ආගම් වලට දොස් කියනවා නම්, එය වලිගය පාගාගෙන කතාකිරීමකි. උසස් ආගම් ලොව ඇතත්, දූෂිත මිනිසා ඒ අනුව දිවි ගෙවන්නේ නැත. තමන් එසේ දිවිගෙවමින්, ඒ අශ්ලීල, නොහික්මුණු මිනිසා තමන්ගේ ගැන නොසිතා, පැත්තක තිබෙන ආගමකට දොස් නැගීම, මස්කඩයක් පවත්වාගෙන යන ලේ සහ මස් ගඳ ඇති ඔහු සිල්වතෙකු මෙන් ආගම් වලින් පිහිට පැතීමක් මෙනි...
දැඩි සත්කාරයට දැම්මා කියන්නේ කියන්න අමාරුයි... රෝහල්ගත නොකළානම් බේරෙන්නත් තිබුණා...
මිය යන හැමෝම කොරෝනාවලින්ද මැරෙන්නේ? දැන් වෙන ලෙඩ නැද්ද ලංකාවේ...?
ඔබ තුමියට පැතු අයුරින්ම ඔබතුමියගේ පරලොව විමුක්තිය උදාවේවා. !!! මම අදහන බුද්ධ දර්ශනය අනුව උතුම්වූ නිවන් සුව අත්වේවා...!!!
හීන් මැණිකාට නිවන් සුව ලැබේවා... නැවතත් ආදිවාසීන් වී අප අතරටම පැමිණෙත්වා...
මගේ සාතිශය සංවේගය..!!!