(යොහාන් භාසුර)
‘කොවිඩ්’ මර්දන එන්නත් මාත්‍රා දෙකම ලබාගත් පුද්ගලයන් සහ ‘කොවිඩ්’ වයිරසය ආසාදනය වී සුවවූ පුද්ගලයන් යළි යළිත් කොරෝනා වයිරසයට ගොදුරුවීමේ හැකියාව පවතින බව සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂ්‍යඥා වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසීය.
කොරෝනා ආසාදිතයන් වයිරසය වැළදී නියමිත කාලසීමාව ඉක්මවීමෙන් පසුව එන්නත ලබාගත යුතු බවත් වයිරසයෙන් ආරක්‍ෂාවීමට එන්නත ලබාගැනීම වඩාත් ප්‍රයෝජනවත් බවත් විශේෂ්‍යඥා වෛද්‍ය හේමන්ත හේරත් මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පළමුව ඔබ අපිට කිව්වා එන්නතේ පළමු මාත්‍රාව ප්‍රමාණවත් කියලා... ඊට පස්සේ කිව්වා එන්නත් මාත්‍රා 02 ම ප්‍රමාණවත්.. කොහොමද අපි මේවා විශ්වාස කරන්නේ?
ඊලඟට කියන්න එන්නත ගත්තත් කොවිඩ් හැදිල මැරෙන්න පුළුවන් කියල. ඊටත් පස්සේ කියන්න එන්නත වැඩක් නෑ අපි ඉතුරු ටික දෙවියන්ට බාර කලා කියලා
මේ තත්වය යටතේ කොරෝනා වලට බාල වර්ගයේ එන්නත් ආනයනය කිරීම කරුණාකර නතර කරන්න.
එක වෛද්‍යවරයෙක් කියනවා... අලුත් ප්‍රභේද වලට එන්නත ක්‍රියා කරන්නේ නෑ කියලා.. තව එක්කෙනෙක් කියනවා එන්නත තමයි හොඳම විසඳුම කියලා.. තව එක්කෙනෙක් කියනවා එන්නත ගත්තත් හැදෙනවා කියලා. මෙයාලා ඕවා කියන්න වෙම මාධ්‍ය හමුත් කියලා හදන්නේ තමන් ජනප්‍රිය වෙන්නද?
ඔබතුමා ඕක දැනගෙන රටට කියන කොට අපි දැනගෙන ඉවරයි. මම දන්න කීප දෙනෙකුටම ආයෙත් රෝගය වැළඳුණා. ඔය කියන කතා ගම්මට්ටමේ නෑ මහත්තයෝ... බෙහෙත් දෙක විදලා මැරුණු අයත් ඉන්නවා 60ට අඩු...
මුලින් කිව්වේ කොහොමද? දවසින් දවස කතාව වෙනස් කරනවා..., නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ..
එහෙනම් එන්නත් දෙන්නේ මොන බම්බුවටද?
එන්නත හදලා එවපු අය කියන්නේ මොකක්ද කියලා බලලා පිලිගනිමු.