(යොහාන් භාසුර)
ශ්‍රී ලංකාව තුළ තිරිඟු පිටි (පාන් පිටි) හිඟයක් ඇති වීම නිසා පිටි මිල ද ඉහළ ගොස් ඇති බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන මහතා පැවසීය.
බේකරි කර්මාන්තකරුවන්ට ද මේ දිනවලට ඉල්ලුමට සරිලන ලෙස පිටි සැපයුම නොලැබෙන බවත් බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන මහතා කීය.
බේකරි කර්මාන්තයට බහුලව යොදාගන්නා පිටි වර්ග පහෙන් සියයට 60 ක් පමණ යොදාගන්නා තිරිඟු පිටි වර්ගයේ මිල රුපියල් 12 කින් වැඩි කර ඊයේ එය නැවත පැවති මිලට පත්කර ඇති බව කී ජයවර්ධන මහතා කෙසේ වෙතත් සෙසු පිටි වර්ග හතර වැඩි කළ මිලේම පවතින බවත් ජයවර්ධන මහතා සඳහන් කළේය.
පිටකොටුව තොග වෙළෙඳපොලේදී තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 10 කින් පමණ ඉහළ ගොස් ඇති බවත් එම වැඩි මිලට හෝ මිලදී ගැනීමට පිටි නොමැති බවත් පාරිභෝගිකයෝ පවසති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිලවැඩිකිරීමේ අලුත්ම සූත්‍රය... කොරෝනාවලට ජයවේවා...!
අපේ පාරිභෝගික කටයුතු අමාත්‍යතුමන්ගේ ප්‍රතිචාරය කුමක්දැයි බලා සිටිමු...
පාන් පිටි ආනයනය කරන්නේ රජයද? රේගුවට බලා ගන්න පුළුවන් කොපමණ ආනයනය කලාද කව්රු කව්රුද ඒවා රැගෙන ගියේ කියලා ඉතුරු හරිය පාරිබෝගික අධිකාරිය කරාවි සඟවාගෙන සිටිනවානම්.
සිනි,වී ගෑස් හිගවුනා. දැන් පිටි හිගයි....... අනේ අම්මපා රට තුලට පිටි කොච්චර ගෙනාවද, කවදද ගෙනාවේ, කව්ද ගෙනාවේ එසේ ගෙනාපු ඔක්කොම පිටිවලින් කොත්තු රොටි සාදා ගිල දැම්මාද, නොඑසේ නම් ජෙප්පන්ගේ පෝස්ටර් අලවන කොන්තරාත්තුව ලබාගත් අන්තරේ ඉන්න අන්දරේ බැටෑලියන් එක පාප්ප සෑදීමට ගත්තාද යන විස්තර අදාළ ආයතන ලේඛණ ගත කරලා තියෙන්නේ කෙසෙල් දළුවලද මන්ද ??
සීනි ගැසට් ක්‍රමයට පිටි ගැසට් එකක් ගහල ප්‍රශ්නය විසදන්න හැකි යි.