(යොහාන් භාසුර)
කොළඹ දිත්‍රික්කයේ පිහිටි ආර්ථික මධ්‍යස්ථාන හරහා නිවසටම අත්‍යවශ්‍ය ආහාර ලබාදීමේ ව්‍යාපෘතියක් හෙට (05) වැනිදා සිට ක්‍රියාත්මක කරන බව කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතා පැවසීය.
කොළඹ දිස්ත්‍රිකයේ පිහිටි ආර්ථික මධ්‍යස්ථන හතරෙන් තොග වෙළඳාම කරන මීගොඩ ආර්ථික මධ්‍යස්ථානය හැර නාරාහේන්පිට, රත්මලාන සහ බෝකුන්දර යන සිල්ලර අළෙවියේ යෙදෙන ආර්ථික මාධ්‍යස්ථාන තුනෙන් මෙම ව්‍යාපෘතිය ආරම්භ කරන බව කී ප්‍රදීප් සයරත්න මහතා අදාල ආර්ථික මාධ්‍යස්ථාන තුනේ කළමනාකරුවන් සම්බන්ධකරගැනීමෙන් ජනතාවට මේ සඳහා වන ජාලයට සම්බන්ධ වියහැකි බව සඳහන් කළේය.
කොළඹ දිස්ත්‍රික්කයේ ආර්ථික මධ්‍යස්ථාන සතුව ඇති එම ආර්ථික මධ්‍යස්ථානවල පාරිභෝගිකයන් පිළිබඳ දත්ත පද්ධතිය ‘වට්ස්ඇප්’ ජාලයක්’ බවට පත්කර ව්‍යාපෘතිය ආරම්භ කළ ද සෙසු ජනතාවට ද අදාල කළමනාකරුවන් සමඟ සම්බන්ධවීමෙන් ආහාර ද්‍රව්‍ය ගෙන්වා ගැනීමේ අවස්ථාව ඇති බවත් ප්‍රදීප් යසරත්න මහතා පැවසීය.
කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ක්‍රියාත්මක කරන මෙම ව්‍යාපෘතිය සඳහාම බෙදාහැරීමේ කණ්ඩායමක් ස්ථාපිත කර ඇති බව කී යසරත්න මහතා නිරෝධායන ඇඳිරිනීතිය ක්‍රියාත්මක වන කාලයේ ද මෙය ක්‍රියාත්මක බව වැඩි දුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොරු. සංදර්ශන පමණයි
ඉතා විශිෂ්ඨ සේවාවකි... වැඩි මිලට විකුණන වෙළෙඳුන්ගෙන් පාරිභෝගිකයන් අසරණ වී පීඩාවට පත් වීම වලකා ගත හැක.. එමෙන්ම විශාල ලෙස අපතේ යන එලවලු සියල්ල අලෙවි කර ගත හැක.. එලවලු මිල සාධාරණ වීම තුලින් ,වැඩිපුර එලවලු පරිභෝජනය කල හැක..
පසුගිය කාලය තුළ ඔවුන් එසේ කළාද? ලොරියක් පැමිණෙන්නේ දිනකට පමණක් වන අතර එහි මිල අහස මට්ටමකඋසට පවතී.
ඉතාමත් හොඳ වැඩක්. ක්‍රමවත්ව නොකඩවා කරන්න...