
(ටී.කේ.ජී.කපිල )
ශ්‍රී ලංකාව විසින් , මෙරට පැතිරෙන කොරෝනා වසංගත තත්වය මැඩලීම සදහා චීනයෙන් මිළදී ගත් " සයිනොෆාම් " එන්නත් ලක්ෂ 40 න් , එහි පළමු කොටස , ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයකින් අද දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන ආවේය.
ශ්‍රී ලංකාව විසින් මේ වනවිට චීනයේ " සයිනොෆාම් " එන්නත් මාත්‍රා දෙකෝටි විසි ලක්ෂයක් 220,00,000 ක් (මිලියන 22 ක් ) මිළදී ගෙන ඇති බ , මේ පිළිබඳව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයක සදහන් වේ.
එසේම එළඹෙන සැප්තැම්බර් මස අවසන් වීමට පෙර රුසියාවේ නිෂ්පාදිත " ස්පුට්නික් - V " එන්නතේ දෙවන මාත්‍රාව ලෙස යොදා ගැනීමට එම එන්නත් එක් ලක්ෂ විසි දහසක් (120,000 ) ක් ශ්‍රී ලංකාව වෙත ලබා දීමට , රුසියානු ගැමලෙයා එන්නත් නිෂ්පාදන ආයතනය පොරොන්දු වී ඇති බව , ශ්‍රී ලංකා ඖෂධ නීතිගත සංස්ථාවේ සාමාන්‍යාධිකාරී දිනූෂ දසනායක මහතා පැවසීය .


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි ගොන්නු කියලද හිතන්නේ...? සයිනොෆාම් එන්නත් ලක්ෂ 40ක් කටුනායකට කියලා මුලින් කියලා පස්සේ කියනවා.. එන්නත් ලක්ෂ 40න්, එහි පළමු කොටසලු...
මෙච්චර එන්නත් මොකටද? ප්‍රති අපනයනය කරනවද? කොයිතරම් නම් එන්නත් ගෙනාවද? කෝ තාම වහගෙන... කවද්ද රට අරින නැකත එන්නේ...? WMHO නේ නැකැත් වෙලාව දෙන්නේ...