(අංජුල මහික වීරරත්න)
එක්සත් ජාතික පක්ෂයේ 75 වන සංවත්සර සැමරුම් උත්සවය සඳහා මේ වන විට සියලූ කටයුතු සූදානම් බව පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය.
සැප්තැම්බර් 6 වැනිදාට යෙදෙන 75 වන සංවත්සරය සමරමින් අද(5) පස්වරු පහට පිටකෝට්ටේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ සිට ඩිජිටල් තාක්ෂණය මගින් සංවත්සර උත්සවය විසුරුවා හැරීමට නියමිතය.
ඩිජිටල් තාක්ෂණය ඔස්සේ පැවැත්වෙන එ.ජා.ප 75වන සංවත්සරය උත්සවය" United National Party"ෆේස්බුක් පිටුවෙන් සහ UNP Central Media Unit නාලිකාවෙන් හෝ සූම් තාක්ෂණයෙන් නැරඹීමට හැකි බව නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතනට රැස්වෙන අලින්ට හක්කපටස් දන්සැලක් දෙන්න හොඳ වෙලාව...
මගේ අදහස නම් මේ පක්ෂය ගොඩනගන්න රුවන් විජේවර්ධන සහ ගයන්ත කරුණාතිලක යන මහත්වරුන්ගේ මූලිකත්වය ගෙන කටයුතු කළයුතුයි... කියන එක.
‘‘එක්සත්ව අපි නැගී සිටිමු‘‘.... මගේ හදපිරි සුබපැතුම්..!!!
"හතරවරම් " කොහොම වෙතත් හතර වරම් ගහලා මේ උදාර පක්ෂය හතර අතට කඩා දාලා, හතරගාතේ වට්ටලා දැන් ආපසු බලය අල්ලනවා කියලා කියන එක නම් හතර බීරි කතාවක් විතරක් නොවේ හතර හිනාවක් කියලයි කියන්න තියෙන්නේ...
වැදගත් මහත්වරු පිරිසක් සමග ගොඩ එන්න බැරි කමකුත් නැහැ. හැබැයි හැමෝටම ලංකාවේ 100% දේශපාලුවෝ අප්පිරිය වෙච්ච වෙලාවක් මේක. ඒක තමයි ඇත්ත .