(සුජිත් හේවාජුලිගේ )
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මැකූ පුද්ගලයන් කවුදැයි හඳුනා ගත් පසු ඒ අයට විරුද්ධව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසීය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සැකකරුවන් පිළිබඳව ඉදිරි සතියේදී දැනුම් දෙනු ඇතැයිද රාජ්‍ය ඇමැතිවරයා විශ්වාසය පළ කළේය.
වෛද්‍ය උපකරණ ගෙන්වීමට අදාල ලිපිගොනු පන්දහස් හය සිය විසි තුනක් මෙසේ මැකී ගොස් ඇතැයි හෙළිවී ඇත.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ සිද්ධිය පිළිබඳව පරීක්ෂණ ඇරඹූවේ ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිවරයා කළ පැමිණිල්ලක් අනුවය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉලෙක්ට්‍රොනික් දත්ත ආරක්‍ෂා කිරීමේ යෝජනා ක්‍රමයක් ඔවුන්ට නැත. ඇත්තේ එක් පිටපතක් පමණක් ද? යාන්ත්‍රික ආරක්‍ෂාවක් සඳහා වුවද විවිධ පුද්ගලයින් විසින් තබා ගැනීම සඳහා වෙනම යතුරු දෙකක් තබා ගැනීමට ක්‍රම තිබේ. ඉලෙක්ට්‍රොනික දත්ත සමඟ ඒවා කියවීමට පමණක් හැකි ලිපිගොනු ලෙස තබා ගත හැකිය. එවැනි ක්‍රම රාශියක් තිබියදීත් දත්ත වල වැදගත්කම නොසලකා හැරීම අපරාධයකි.
වහාම ක්‍රියාත්මක වන පරිදි ගම් පළාතට මාරු කිරීම වැනි දැඩි දඩුවමක් දෙන්න
වැඩේ කරපු අයට විරුද්ධව ක්‍රියා මාර්ග නම් ගන්ඩ බැරි වෙයි. අන්තිමට කොම්පියුටර් ජිල්මාට් එකක් කියලා හිත හදාගන්ඩ තමා වෙන්නේ
පාස්කු ප්‍රහාරයේ මහ මොලකාරයා අල්ලනවා වගේද
මහ බැංකු හොරු, පාස්කු ප්‍රහාරය වැනි කාරණා වල දී ගත් දැඩි ක්‍රියාමාර්ග ජනතාවට අවබෝධ වෙලා තියෙන්නෙ. ඒ ඒ කාලයයේ දී පාලකයින් හා ඔවුන්ගේ නෑදෑ / හිත මිතුරන් ගේ ඕනෑ එපාකම් අනුව සිදු වෙන අපරාධ මේවා.
මතක ඇතුව නාථ දෙවියොන්ගෙන් අහල කරන එකක් කරන්න.
පාස්කු ප්‍ර්‍රහාරකයින්ට දුන්න තරම් දරුණු දඬුවම් නම් දෙන්ඩ එපා ඇමතිතුනි. මොනව කලත් අහිංසක මිනිස්සුනෙ
කතාව විතරයි වැඩක් නැහැ. දත්ත ආරක්ෂා කර ගන්න ක්‍රමයක් වත් ක්‍රියාත්මක කරගන්න බැරිවූ වියත්මගේ අය.
අනේ මගේ කට...
ඕවා කවදාවත් වෙන දෙයක් නෙවෙයි.
එක සැරයක් අර ටීවී ප්‍රෝග්‍රෑම් එකේ පච උනා මතක නැතිද?
පාස්කු ප්‍රහාරයට සම්බන්ධ අයට විරුද්ධව පියවර ගත්තා වගේ... බැඳුම්කර සිද්ධියට සම්බන්ධ අයට ක්‍රියාමාර්ග ගත්තා වගේ... ප්‍රීති පුරෝහිත ප්‍රීති...
මේ කියන්නේ ස්ථාන මාරුවක් දෙනවා කියලයි.
කරපු අය දැන් හිනාවෙවී ඇති.
කවදාවත් ඕක මැකුව අයවත් කරපු අයවත් කවදාවත් අහු වෙන්නේ නැහැ.
කළේ කවුද කියලා ඉස්සෙල්ලා කියන්න... දෙන දඬුවම් ගැන ඊට පස්සේ කියවන්න.
ඒවා යහපාලනය ආණ්ඩු කාලේ ඕඩර් කළ ඇණවුම්නේ.. බයියන් කියන්නේ ඔහොම තමයි.
කොම්පියුටර් ජිල්මාට් දාපු අයට ඕවත් වැඩද.. දුෂිත දේසපාලුවෝ රජ කරන රටක සිද්ද වෙන දේවල් ගැන අමුතුවෙන් කියන්ඩ ඕනේ නැහැ .
‘සංරක්‍ෂණය’ ඔවුන්ගේ ශබ්ද කෝෂයේ නැත!