(ඩයනා උදයංගනී)
මෙරට වයස අවුරුදු 60 ට වැඩි ජනගහනයෙන් ලක්ෂ තුනකට තවමත් කොවිඩ් මර්දන එන්නත් එක් මාත්‍රාවක් හෝ ලැබී නැතැයි වාර්තා වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
මේ වන විට කොවිඩ් වැළඳී මියයන අයගෙන් සියයට 75 ක්ම වයස අවුරුදු 60 ට වැඩි අය නිසා එම පිරිසට කඩිනමින් එන්නත් ලබාදීම වැදගත් බව එම සංගමයේ ලේකම් වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මහතා පැවසීය.
මුලින් සැලසුම් කළ ආකාරයට 60 ට වැඩි ජනතාවට එන්නත් ලබාදුන්නේ නම් මරණවලින් සියයට 90 ක් අඩු කරගත හැකිව තිබූ බවද වෛද්‍යවරයා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක අපේ වරදක් නොවේ. මේක රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වරදක්...
GMOI එක ලංකාව කනවා. WMHO එක ලෝකයම කනවා. මේ දෙගොල්ලන්ම තමයි කොරෝනා ඉවර කරන්න දෙන්නේ නැත්තේ... මේ දෙගොල්ලන්ම කරන්නේ ඔක්කොම ඔවුන්ගේ යටතට අරගන්න...
ඔයාලමනේ හොරාකෑවේ එන්නත් ටික...
60 වැඩි කට්ටිය පෝලිම් වල ඉන්නකොට ඔයාල අවුරුදු 12-13 කට්ටිය කම්බි වැටවල් වලින් පන්නමින් එන්නත් කළා මතක නැද්ද?
අපේ රටේ එන්නත නිෂ්පාදනය කරන්නේ නැහැ නේද? කලත් මේ ඉල්ලුමට සපයන්න බැහැ. ඒ නිසා ලැබෙන විදිහට එන්නත් කරාවි...