( තිළිණි ද සිල්වා)
මාස තුනක්ට ආසන්න කාලයක් තිස්සේ ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 10ක සිටි පැමිණෙන පුද්ගලයින් සඳහා පිලිපීනය රජය පනවා තිබූ සංචාරක තහනම හෙට (06) සිට ඉවත් කිරීමට එරට රජය පියවර ගෙන ඇතැයි මැනිලා ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ආරංචි මාර්ග කියා සිටී.
අදාළ රටවල පවතින කොවිඩ් ව්‍යාප්තිය පාලනය වීම හේතුවෙන් රජය මෙම පියවරගෙන ඇති බව පිලිපීන ජනාධිපතිවරයා ප්‍රකාශයක් කරමින් පවසා ඇතැයිද එම තානාපති ආරංචි මාර්ග කියා සිටී.
ශ්‍රී ලංකාවට අමතරව ඉන්දියාව, පාකිස්ථානය, බංග්ලාදේශය,නේපාලය, ඕමානය, මැලේසියාව ,තායිලන්තය , ඉන්දුනීසියාව සහ එක්සත් අරාබි එමිර් රාජ්‍යයට යන රටවලට පනවා තිබූ සංචාරක තහනම ඉවත් කෙරේ.
ලංකාව ඇතුළු එම රටවල සිට පැමිණෙන් හට පනවා තිබූ සංචාරක තහනම ඉවත් කළද ,අදාළ රටවල් වලින් පැමිණෙන සංචාරකයින් සිති දෙකක කාලයක් අනිවාර්යයෙන් නිරෝධායනයට ලක්විය යුතු බව පිලීපීන ජනාධිපතිවරයා එරට සෞඛ්‍ය බලධාරීන්ට නියෝග කර ඇත.
පැතිරෙමින් පවතින කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක මෑතක දී සංචාරය කර ඇති පුද්ගලයින්ට සිය රටට ඇතුළු වීම තහනම් කිරීමට පිලිපීන රජය ඉකුත් මැයි 07 වැනිදා සිට කටයුතු කළේය.
එම රටවල් වල පැතරයමින් පවතින නව කොවිඩ් ප්‍රභේදය ව්‍යාප්ත වීම වැළැක්වීම වෙනුවෙන් පිලිපීන ජනාධිපති රොද්‍රිගෝ ඩුටරේට් ගේ උපදෙස් මත එරට රජය මෙම සංචාරක තහනම පැනවීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙම නම් අනිකුත් දකුණු ආසියාතික රටවලුත් අරින්න පටන් ගනී...
අනෙකුත් දකුණු ආසියා රටවල පසුගිය කාලේ සංචාරකයින් සඳහා වස දැමුවා. ඔවුන් දැන් ක්‍රම ක්‍රමයෙන් එන්නත් කරණය කරගෙන ගිහින් නොවැම්බර්, දෙසැම්බර් සංචාරක වාරය ආරම්භ වනවිට සංචාරකයින් සඳහා රටවල් අරිනවා.. අපි අප්‍රේල් මාසේ රට වහන්නේ නැතිව ගජමිතුරු හෝටල්වලට ඉන්දියන් සංචාරකයින් ඩොලර් 650ට නිරෝධායනය කරන්න ඉඩහැරලා.., ඩෙල්ටා එක හදාගෙන අමාරුවේ වැටුණා.. දැන් අවුරුද්දක් යනකම් අපේ සංචාරක ව්‍යාපාරය අනතුරේ...