(සුජිත් හේවාජුලිගේ )
නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන කාලයේදී මත්පැන් අලෙවිසල් වසා දැමීමට සිදුවීමෙන් රජයට රුපියල් කෝටි දහ සය දහස් එක සියයක පාඩුවක් සිදුවන බව සුරාබදු කොමසාරිස් ජනරාල් එම් .ජේ ගුණසිරි මහතා පවසයි.
මේ පාඩුව සිදුවන්නේ නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක කෙරුණු පසුගිය මස 20 වැනිදා සිට ලබන 13 වැනිදා දක්වා දින 23ක කාලයේදී යැයිද හෙතෙම සඳහන් කළේය.
මත්පැන් අලෙවිසල් දිනක් වසා තැබීමෙන් සිදුවන පාඩුව කෝටි 700ක් පමණ වන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැනට ෆාමසි ඇරලා තියෙනව වගේ තැබෑරුම් ඇරල තිබ්බනම් හරි. මේකටත් නීති දාන්න පුළුවන්. බෝතල් ගෙදර ගෙනිහින් පමණක් බොන්න පුළුවන්. පිරිසක් එකට බොන්න බෑ. බාර් වපු එක ජාතික අපරාධයක්.
කාලයක් "මේක බුදුන්ගේ දේශයයි" කියලත් කිව්වා නේද ?
ඕක විතරක් වහලා මොටද?ඕකත් අරින්න.ව්හිලු නීතිය එක කොටසකට පමනයි.පාඩු පියවාගන්න ඇරලා දාන්න.කොහොමත් එකයි දැන්
තව ටික දවසකින් මත්පැන් අලෙවි සැල් රජයේ අනුමැතියෙන්ම ගිනිතියල විනාස කරන ඒක පුදුමයක් නෙවෙයි
රට වහලද ? එහෙම බවක් පේන්නෙ නැහැනෙ.
මෝඩ රජයට තේරුනේ නැද්ද කෝටි 16,000 අසාධාරණ සල්ලි කියලා...?
මතට තිත කියලා කිව්ව කාලයක් තිබුණා. ඔච්චර පාඩුනම් කරන්න මොනතරම් දේවල් තියෙනවද? අපේ ගමේ නම් පෝය දවසටත් හොරෙන් විකුණනවා.
දරු පවුල් වලට කෝටි 16000 වාසියක්...
අපි දන්නවා ඔහොම කියන්න කිව්වේ කවුද කියලා. පාර්ලිමේන්තුවේ ඉන්න ලොකුම අරක්කු මුදලාලිලා...
ඔය මල ජරා තැබෑරුම්, වයින් ස්ටෝර්ස් , බිම හල් ටිකදවසක් නොවෙයි හැමදාමත්ම වහලා තියෙනවානම් ඒතරම් හොඳයි.මේක බුදුන්ගේ දේශය කියලා කෑගහන ඔල්මොරොන්දම් කාරයෝ රෑට මල ජරාව බීගෙන සරම උස්සාගෙන මුත්‍රා කරන්නෙත් පන්සල පැත්තටමයි.
සුද්දගේ ව්‍යාපාරය පාඩු කරන්න එපා... රට වහන්න. බාර් විවෘත කරලා ප්‍රචාරයක් යවන්න කොරෝනාවලට ඇල්කොහොල් හොඳයි කියලා...
මංගල කියපු විදිහට ලාබාල වයින්, බීර ලාබෙට දීම සුදුසුයි... අඩු ලාබෙ වැඩි වෙළඳාම....
තැබෑරුම් වසා තැබීම නිසා රජයට මෙපමණ පාඩුවක් වෙන බවට ගණන් බලන්නේ නම්, මෙරට ගංජා වගාවටත් අවසර දීමෙන් හොඳ ආදායමක් ලබා ගත හැකියි නේද? සිතා බලන්න.
ඇයි දුකද දැන්?