(ඩයනා උදයංගනී)
කොවිඩ් 19 ආසාදිත රෝගීන් තවත් 2,640 දෙනකු අද (4) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි.
ඒ සමඟ මෙරටින් වාර්තාවන මුළු කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 4,58,766 දෙනකු දක්වා ඉහළ ගොස් ඇත.
මීට අමතරව ඉකුත් 28 වැනිදා සිට 31 වැනිදා දක්වා කාලයේදී හඳුනාගත් ආසාදිතයන් 4,725 ක් ද සමස්ත ආසාදිත සංඛ්‍යාවට අද එක් කර ඇත.
ප්‍රතිකාර ලබමින් සිටි තවත් කොවිඩ් රෝගීන් 2,310 දෙනකු සුවය ලබා අද රෝහල්වලින් පිටත්ව ගිය අතර මේ වන විට මෙරට සුවය ලැබූ මුළු රෝගීන් සංඛ්‍යාව 3,82,476 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රෝගීන්ගේ සංඛ්‍යාව ප්‍රකාශ කරන්න ඕන දිනකට කරන ලද PCR, ඇන්ටිජෙන් පරීක්ෂණ ප්‍රමාණයත් සමග. උදාහරණයකට දිනකට පරීක්ෂණ 15,000 පමණ සිදු කොට රෝගීන් 4,500 වාර්තා වේ නම්, දිනකට පරීක්ෂණ 10,000 පමණක් සිදු කොට රෝගීන් 3,000 වාර්තා වේ නම්, එයින් අදහස් වෙන්නේ නම් සමාජයේ රෝගීන් අඩු වී ඇති බව නොවේ. අංක ගණිත විජ්ජාවන් සිදු කොට, එකිනෙකා රවටා ගැනීම අහසට යකඩ පොල්ලක් විසි කොට එය නැවත පහළට වැටීමේදී හිස ඇල්ලීම හා සමාන ක්‍රියාවක්.
මෙහෙම අඩු උනේ මිනිස්සුන්ට කරදර කරන ලවුඩ්ස්පීකර් පිරිත් හෝ හෙල වෙද , ආයුර්වේද ඇටැවුම් නිසා නොව.... එන්නත්කරණය නිසාය.