(සුජිත් හේවාජුලිගේ )
ළමයින් එන්නත්කරණයට ලක් කළ පසු පාසල් විවෘත කළ හැකි බව රාගම වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා පැවසීය.
උසස් පෙළ පංතිවල සිට පහළ පන්ති දක්වා එය ක්‍රමානුකූලව කළ යුතු බවද හෙතෙම සඳහන් කළේය.
එන්නත් නොකර ළමයින් කැද වුවහොත් පාසල් පොකුරක් ඇතිවිය හැකි බවත් එවැනි තත්වයක් ඇති වුවහොත් සෞඛ්‍ය අංශ ඇතුළු සියලු ක්ෂේත්‍ර කඩාවැටී හැකි බවත් මහාචාර්යවරයා පැවසුවේය.
පාසල් විවෘත කිරීම ක්‍රමවේදයක් යටතේ කළ යුතු බව පැවසූ අර්ජුන ද සිල්වා මහතා පාසල් දරුවන්ට සුදුසු එන්නත ඒ සඳහා පත් කර ඇති කමිටුව මාර්ගයෙන් තෝරා ගත යුතු බවත් ඔහු ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාසල් විවෘත කළත්, දහම් පාසල් විවෘත කිරීම අවදානම්... පොදු ස්ථානවලින් මේ වසංගතය පහසුවෙන් ව්‍යාප්ත වෙන්න පුළුවන්... දෙමාපියනි.., මේ කාරණය ගැන සැලකිලිමත් වෙන්න....!
බොරුව නතර කරන්න.. ඔය පී.සී.ආර්. කිරීම නතර කරලා ලෙඩක් නම් ඉස්සර වගේ ඉස්පිරිතාලයට එන්න කියන්න. අනෙක පාසල් විවෘත කරන්න පරක්කු වුණේ ඔන්ලයින් කරණය කරන්න ඕනෑ හින්දා ඒවා නැති ළමයින්ට ආදරය හින්දා නෙමෙයි. මේ ඔක්කොම වෙන්නේ පිටරටවල න්‍යාය වලට...
හොඳටම ගහන එක ළමයින්ටත් ගහන්න...
මෙතුමාගේ දැක්ම නිවැරදියි...
ඔය කරන්න හදන්නේ 15ට වැඩි අයට එන්නත් ගහලා පාසල් විවෘත කරලා පොඩි ළමයි ගෙවල්වල ඔන්ලයින් කරන එක... මේ අයට ඕනේ පිටරට ආයතන වලට ගසාකන්න පාර කැපීම... රටට ආදරය ඇති අය නම් උදේට රජයේ ඉස්පිරිතාලවල වැඩකරලා හවස ක්ලිනික් කැඳවලා... වැඩ කරයිද?
මේවායේ ඇති සංකූලතා අධ්‍යයනය නොකර දරුවන් එන්නත් කරන්න හදිසි වෙන්න එපා....
ගෞරවයෙන් ඉල්ලන්නේ පාසල් විවෘත කරන්න නම් හදිසි වෙන්න එපා. කොරෝ්නා වලින් බේරගත්තත් පාසල් ඇරපු ගමන් තව වෛරස් ප්‍රභේදයක් එන්න තියෙනවා. එ්කට ඔවුන් ඉල්ලන ඉන්ජෙක්ෂන් එක නෙවෙයි.., රටක් හැටියට නීතිමය ඉන්ජෙක්ෂන් එකක් ගහලා විකල්පත් සංවිධානය කරලා ඉවර වෙලාම පටන් ගන්න... අන්තිමට අපියි, අපේ දරුවොයි තමයි අතරමං වෙන්නේ... ගෙදර හිටියොත් හැම දෙයකින්ම දරුවන් ආරක්ෂා වෙනවා. අඩුපාඩුව අධ්‍යාපනය විතරයි. ඒ්කට විකල්ප වැඩපිළිවෙලක් හදාගන්න පුළුවන් වෙයි. අත්හදා බලන්නත් එක්ක උසස්පෙල පන්ති නිශ්චිත දිනයක පටන්ගන්න. නොපැමිණෙන අයට සේවය හැරයාම් නිකුත් කරන්න. දැනටමත් ගුරුවරුන්ගෙන් ලද ආභාෂය නිසාද මන්දා ළමයි එක එක දේවල් ඉල්ලලා ගෙවල්වල උද්ඝෝෂණය කරනවා. ළමයි හිතනවා ඇති ඒ්ක තමයි හරිම ක්‍රමය කියලා. මේ ළමයි ලොකුවෙලා සමාජෙට ගියහම මොනවා කරයිද මන්දා...
වසර දෙකකට අසන්න කාලයක් කිසිඳු වාර විභාගයකට මුහුණ නොදුන් දරුවන්ගේ අධ්‍යාපන මට්ටම සැබවින්ම කොතැනක ඇත්ද? මෙම දරුවන්ගෙන් කොතෙක් ප්‍රමාණයක් තම ශ්‍රේණියට අදාල දැනුම නොමැතිව ඊළඟ ශ්‍රේණියට රැගෙන යනවාද? මෙම දත්ත ලබන්නේ අපොස සා.පෙ. හෝ උ.පෙළ. හරහාද? ප්‍රමුඛතා අතර පාසැල ආරම්භ කිරීම පැහැදිලිවම ඉදිරියටම ආ යුතුයි. දැනටමත් අප ප්‍රමාදයි... නිද්‍රාශීලීව සිටීමෙන් මේ පිළිබඳ ඉක්මන් වැඩ පිළිවෙලක් ගොඩනැගෙන්නේ නැත. ඉක්මන් පියවර නොගත්තොත් වසර 10කින් පමණ රටේ අනාගත වගකීම් බාරගැනීමට තරම් දැනුමැති පරපුරක් අපට අහිමිවනු ඇත. එම වරද නිවැරැදි කිරීම ආර්ථික ගැටළු විසඳීමට වඩා බොහෝ අපහසු, කල් ගතවන අති විශාල ගැටළුවක් වේවි...!