ගත වූ 24 පැයේ තවත් කොරෝනා මරණ 25ක් කොරෝනා ආසාදිත වී සිටි තවත් 25 දෙනකුගේ මරණ ඊයේ (5) වාර්තා විය. 06 May 2021
ගල්ගමුව රෝහලේ ගැබිනි වාට්ටුවේ දෙදෙනෙක්ට කොරෝනා ගල්ගමුව මූලික රෝහලේ ගැබිනි වාට්ටුවට අනුයුක්තව සේවය කරන පවුල් සෞඛ්‍යය සේවිකාවන් දෙදෙනකුට කොවිඩ් - 19 වයිරසය ආසාදනය වී ඇතැයි සෞඛ්‍යය බලධාරීහු පවසති. 06 May 2021
දුම්රිය කීපයක් අවලංගු කරයි අද රාත්‍රී ධාවනය වීමට නියමිතව තිබූ කොළඹ -බදුල්ල, කොළඹ - ත්‍රිකුණාලය, කොළඹ කන්කසන්තුරේ, රාත්‍රි තැපැල් දුම්රියන් තාවකාලිකව අවලංගු කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව කියයි. 06 May 2021
සිංහරාජය දින නියමයක් නැතිව වසයි කෝවිඞ් අවදානම හේතුවෙන් සිංහරාජ වනාන්තරය නැරඹීමට ඇතුලූවීම දින නියමයක් නොමැතිව අත්හිටවු බව රත්නපුර දිසාවන නිලධාරි රෂාල් වීරසිංහ මහතා පවසයි. 06 May 2021
නීතිපති දප්පුල ද ලිවේරාට මහකොමසාරිස් ධූරයක් නීතිපති දප්පුල ද ලිවේරා මහතා මහකොමසාරිස් තානාපතිවරයා ලෙස පත් කර ඇතැයි රජයේ ආංචි මාර්ග කියයි. 06 May 2021
වරාය නගර ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව කතානායකට කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට අද බාර දුන්නේය. 06 May 2021
ලංගමේ ආදායමත් ලෙල්ලටම අඩු වෙයි ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ දෛනික ආදායම රුපියල් මිලියන 35 දක්වා සියයට 40 කින් පමණ අඩු වී ඇතැයි එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ධාවන) ඒ. එච්. පණ්ඩුක මහතා පවසයි. 06 May 2021
ඉන්දියාවෙන් මෙරටට ඇතුළුවීම තහනම් කරයි ඉන්දියාවේ සිට පැමිණෙන කිසිඳු පුද්ගලයකුට ශ්‍රී ලංකාවට ඇතුළුවීම, අද (06) සිට වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කර ඇති බව සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසයි. 06 May 2021
නැගෙනහිර ආයුර්වේදත් කොවිඩ් ප්‍රතිකාර වලට නැගෙනහිර පළාතේ සියලුම ආයුර්වේද රෝහල් වහාම ක්‍රියාත්මක වන පරිදි කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන බවට පත්කර ඇතැයි නැගෙනහිර පළාතේ ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය පැවැසුවාය. 06 May 2021
අනුරාධපුර සම්පත් බැංකුවේ මුදල් කොල්ලය වරදි අනුරාධපුර නව බස් නැවතුමේ පිහිටි සම්පත් බැංකු ශාඛාවේ ඒ.ටී.එම්. යන්ත්‍රයේ තැන්පත් කිරීමට ගෙනා මුදල් කොල්ල කෑමට ආ දෙදෙනකුට වෙඩි තබා එම මුදල් බේරා ගැනීමට හැකි වී ඇතැයි වර්තා වෙයි. 06 May 2021
කොරෝනා නීති කැඩු 238 අත්අඩංගුවට දිවයින පුරා සිදුකළ නිරෝධායනට අදාල මෙහෙයුමේ දී මුහුණු ආවරණ නොපැලඳ දුරස්ථ භාවය තබා නොගත් පුද්ගලයන් 238 දෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. 06 May 2021
ඇමැතිගෙන් ගෑස් සැපයීම ගැන ගෑස් සමාගම්වලට උපදෙස් කිලෝ 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩර වෙළෙදපොළට සැපයීම අඩු නොකරන ලෙස ගෑස් සමාගම්වලට පැහැදිළිව උපදෙස් දුන්නේ යැයි සමූපකාර සේවා, අළෙවි සංවර්ධන සහ පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසයි. 06 May 2021
දිස්ත්‍රික්ක දෙකක වසම් දෙකක් හුදකලා කරයි දිස්ත්‍රික්ක දෙකක ග්‍රාම සේවා වසම් දෙකක් මේ මොහොතේ සිට හුදකලා කර ඇතැයි යුද හමුදාපත් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි 06 May 2021
අද කාලගුණය කොහොමද සබරගමුව, මධ්‍යම, බස්නාහිර, ඌව සහ දකුණු පළාත්වලත්වල ඇතැම් ස්ථානවලට අද (6) දිනයේදී මිලිමීටර 75ක පමණ තරමක් තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 06 May 2021
කොරෝනා වළකන්න ක්‍රම තුනක් නව කොවිඩ් ප්‍රභේදය සීඝ්රයෙන් පැතිර යමින් තිබෙන හෙයින් වයිරසය ආසාදනය වීම වළකා ගැනීම සඳහා ප්‍රධාන වශයෙන් ක්‍රම තුනක් අනුගමනය කිරීම වැදගත් බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි. 06 May 2021
අගමැති ආසියානු සංවර්ධන බැංකුවේ මුලසුනට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ආසියානු සංවර්ධන බැංකුවේ අධිපතිවරුන්ගේ මුලසුනට ඊයේ (05) පත්වූ බව අගමැති කාර්යාලය පවසයි. 05 May 2021
අද සමස්ත කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 1897 කොවිඩ් 19 වයිරස ආසාදිත තවත් 638 දෙනෙක් අද (5) වාර්තා වී ඇත. 05 May 2021
‘‘ආර්ථික මධ්‍යස්ථාන විවෘත කිරීම අවදානම්‘‘ ආර්ථික මධ්‍යස්ථාන වැනි ජනතාව බහුලව ගැවසෙන ස්ථාන මේ අවස්ථාවේදී විවෘත වුවහොත් රට පුරා සීග්‍රයෙන් කොවිඞ් පැතිරීමේ අවධානමක් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි. 05 May 2021
ගර්භණී මවක් කොරෝනාවෙන් මරුට කොරෝනා වයිරසය ආසාදිතවූ ගර්භණී කාන්තාවක් අද රාගම රෝහලේදී මිය ගියාය. 05 May 2021
කොළඹ නගර සභා සේවකයන්ට කොරෝනා දෙවන මාත්‍රාව කොළඹ මහා නගර සභාවේ සුළු සේවකයන් හට කොරෝනා එන්නත් දෙවන මාත්‍රාව ලබා දීම අද බොරැල්ල කැම්බල් පිටියේදී ආරම්භ කළේය. 05 May 2021
පී.සී.ආර් 1000ක් අද කෙළඹදී කොරෝනා වයිරසය ආසාදිතයන් දිනෙන් දින ඉහළ යෑම සමග කොළඹ නගරය තුළදී අහඹු ලෙස තෝරාගත් 1000ක් පී.සී.ආර්. පරීක්ෂණයට යොමු කිරීමට කටයුතු කළ බව කොළඹ මහා නගර සභාවේ වසංගත රෝග වෛද්‍යවේදිනි දිනුකා ගුරුගේ මහත්මිය කියයි. 05 May 2021
තවත් කොවිඩ් ආසාදිතයින් 1,259ක් කොවිඩ් 19 වයිරස ආසාදිත තවත් 1,259 දෙනෙක් අද (5) වාර්තා වූහ. 05 May 2021
දක්ෂිණ අධිවේගයේ මත්තල පිවිසුමත් වහයි දක්ෂිණ අධිවේගී මාර්ගයේ මත්තල පිවිසුමේ සේවකයකුට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වීමෙන් පසු එම පිවිසුම තාවකාලිකව වසා දැමූ බව සෞඛ්‍ය අංශ කියයි. 05 May 2021
පාසල් බස් වලට ලීසිං සහනයක් ‘කොවිඩ් 19’ අවදානමත් සමඟ පාසල් වසා දැමීමෙන් ආදායම් අහිමිවී සිටින පාසල් ළමුන් ප්‍රවාහන කරන වාහන හිමියන්ට ලීසිං සහනයක් ලබාදෙන ලෙස සමස්ත ලංකා අන්තර් දිස්ත්‍රික් පාසල් ළමුන් ප්‍රවාහන සේවා සංගමය රජයෙන් ඉල්ලා සිටියි. 05 May 2021
කොළඹ වාහන තදබදයට ගුවන් පාලම් හතරක් කොළඹ නගරය ආශ්‍රිතව පවතින දැඩි රථ වාහන තදබදයට පිළියම් ලෙස රුපියල් කෝටි 800 ක් වැය කරමින් ගුවන් පාලම් හතරක් වසරක් තුළ ඉදිරිකිරීම මහාමාර්ග අමාත්‍යංශය සැළසුම් කර තිබේ. 05 May 2021
කැස්බෑවේ වැසූ ප්‍රදෙශවල පොලිස් මාර්ග බාධක නෑ කොරෝනා ආසාදිතයන් වැඩි වශයෙන් වාර්තා වීමත් සමගම හුදෙ කලා කරන්නැයි සෞඛ්‍ය අංශ නිර්දේශ ලබා දුන් ග්‍රාම සේවා වසම් 9න් බහුතරයකට පොලිස් මාර්ග බාධක හෝ පොලිස් නිලධාරීන් යොදා නොතිබීමෙන් දැඩි සෞඛ්‍යමය ගැටලුවක් පැන නැගී ඇතැයි කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පවසයි. 05 May 2021
“නව වයිරසය ආපු තැන හොයාගන්න බෑ’’ හඳුනා නොගත් ස්ථාන කිහිපයකින් නව වයිරසය මේ රටේ පැතිර ගොස් ඇති බවත් එය ආණ්ඩුවේ හෝ සෞඛ්‍ය අමාත්‍යාංශයේ හෝ ආරක්ෂක අංශවල වරදකින් සිදු වූවක් නොවන බවත් ඖෂධ සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පාර්ලිමේන්තුවේ දී අද (5 )පැවසීය. 05 May 2021
සියැට් ටයර් නිෂ්පාදන වැඩි කරයි ආනයනයන් සීමා කරමින් විදේශ විනිමය ඉතිරිකර ගැනීමට රජය ගෙන යන ජාතික උත්සාහයට සහයෝගය ලබාදෙමින් ට්‍රක්, බස් රේඩියල් ටයර් නිෂ්පාදනය දෙගුණයකටත් වඩා ඉහළ නැංවීමට පියවර ගෙන ඇතැයි සියැට් කැළණි හෝල්ඩින්ග්ස් සමාගම පවසයි. 05 May 2021
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026