(අජන්ත කුමාර අගලකඩ)
එක් එක් අමාත්‍යාංශවල කපා හැරිය හැකි වියදම් සම්බන්ධයෙන් සවිස්තර වාර්තාවක් මේ සතිය තුළ ලබාදෙන්නැයි මුදල් අමාත්‍යාංශය සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන්ට දැනුම් දී ඇත .
කපා හැරිය හැකි වියදම් සහ එමගින් ඉතිරි කිරීමට අපේක්ෂිත අරමුදල් ප්‍රමාණය පිළිබඳව ද මහා භාණ්ඩාගාරයට නොපමාව දැනුම් දෙන්නැයි ද මුදල් අමාත්‍යාංශය ලේකම්වරුන්ට දන්වා ඇත .
කොවිඩ් අර්බුදය හේතුවෙන් දේශීය හා ජාත්‍යන්තර වශයෙන් ඇති වී තිබෙන තත්ත්වය තුළ රජයේ ආදායම අපේක්ෂිත මට්ටමට වඩා විශාල වශයෙන් අඩුවීමත් ,එම ආදායම මේ වසරේ රජයේ වියදම් පියවා ගැනීමට ප්‍රමාණවත් නොවීමත්, සැලකිල්ලට ගනිමින් රජයේ වියදම් දැඩි ලෙස සීමා කිරීමට රජය පියවර ගෙන තිබේ .
රජයේ වියදම් සීමා කිරීම සම්බන්ධයෙන් මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා විසින් ගිය සතියේ දී කැබිනට් මණ්ඩලය ද දැනුවත් කරනු ලැබීය .
ප්‍රතිපාදන වෙන්වි තිබුණද, දැනට ආරම්භ කර නොමැති සියලු ව්‍යාපෘති නතර කෙරෙන අතර, අමාත්‍යංශ වල නව මිලදීගැනීම් ඉදිකිරීම් සහ ගොඩනැගිලි අලුත්වැඩියා කටයුතු ද ඊට අනුව තාවකාලිකව අත්හිටුවනු ඇත .
මේ අතර ,අමාත්‍යාංශ හා ආයතන වල නිලධාරීන්ගේ පැමිණීම පදනම් කරගත් ඉන්ධන දීමනා ආදී දීමනා, සේවයට වාර්තා කරනු ලබන දිනවලට පමණක් ලබාගන්නා ක්‍රමවේද පිළිබඳවද අවධානය යොමු කරන්නැයි මුදල් අමාත්‍යාංශය ලේකම්වරුන්ගෙන් ඉල්ලීමක් කර ඇත .
මේ වසරේ ඇස්තමේන්තුගත පුනරාවර්තන වියදම රුපියල් කෝටි ,2,69,400 ක් පමණ වන අතර, එන්නත්කරණය, සෞඛ්‍ය සේවා පුළුල් කිරීම, බලපෑමට ලක්වූ පවුල් සඳහා සහන සැලසීම, ආදී වියදම් හේතුවෙන් එම වියදම තවත් විශාල වශයෙන් ඉහළ යනු ඇතැයි මුදල් අමාත්‍යාංශය ඇස්තමේන්තු කර තිබේ .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පළාත් සභා නැති කිරීම. මැති ඇමතිවරුන්ගේ දීමනා.
ප්‍රථමයෙන්ම මැතිඇමතිවරැන්ගේ අමතර දීමනා කපාහරින්න. ඊටපසු රජයෙි නිළධාරින්ගේ ප්‍රවාහන දීමනා ආදිය කපාහැර අවශ්‍යම සහ සත්‍ය වශයෙන් වැඩකරන අයගේ දීමනා පමනක් ගෙවන්න. ඊට පසු අපද සූදානම්
පළමු වියදම් කැපිල්ල තමයි 225 හේම වැටුප් සහිත සියලුම දීමනා සහමුලින්ම නතර කිරීම අවුරුද්දක්වත් එක දිගටම මෙය විය යුතුයි.. ඊට පසුව අනෙකුත් ආයතනවල කැපිලි පටන්ගමු. එහිදීත් ප්‍රමුකතාවය දිය යුත්තේ පින් පඩි ගන්න ස්ටාලින් ප්‍රමුක හොර ගුරාල ටික.
මේක නම් කිව්වත් වැඩක් නොවේවි. ඇත්තටම රටේ ආර්ථිකය පහත්ම අඩියකට වැටී ඉතාම දුර්වලව තියෙද්දිත් ඇවිදින මංතීරු සෑදීම ආර්ථිකය යහපත් වනතෙක් නැවැත්වීම කලයුතුය.
නිකන් ෂෝ එකට ඉල්ලන වාර්තා... නැතුව් ඕවා හම්බ වුණයි කියලා වියදම් අඩු කරන එකක්යෑ... මොකෝ මෙච්චර කාලෙකට හම්බ වුණු කෝප් කමිටු වාර්තාවලින් වෙච්චි දෙයක් තියෙනවද?
වසර පහ සම්පූර්ණ කල මන්ත්‍රීවරුනට ගෙවන විශ්‍රාම වැටුප් තාවකාලිකව හෝ නතර කරන්න. සත පහක වැඩක් නොකල ගෑනු කීපදෙනෙකුත් ගන්නව, ජනතාව දුක්විඳිනව. සියලුම රජයන් අනවශ්‍ය ලෙස රාජ්‍යසේවය පිරවීම මෙම අර්බුදයට එක් හේතුවක්. එමගින් සිදුවූයේ ව්‍යවසායකයන් රටට බිහිවීම වැලකී මාස්පඩිගන්නා නිකමුන් අතලොස්සක් බිහිවීම පමණි.
පව්ලේ අය ගෙදර යවන්න...ඒ 7දෙනා ගියාම සෑහෙන මුදලක් ඉතිරි කර ගන්න පුලුවන්
පාර්ලිමේන්තුවෙන් පටන්ගමු..... 225 දෙනාම., එක්කෙනෙක් මාසෙකට රු. 350, 000..00 විතර දිමනා පමනක් ම ලබාගන්නවනෙ........ .(පාර්ලිමේන්තු වෙබ් අඩවියට අනුව). මාසික වේතනය පමනක් ( 54285.00) ගමුද....
පාලනය ගෙනියනන හරි අමාරුයි නේද
අපි කියන්නම් ... පළමුව රටේ සල්ලි හොරකම් කරන එක නවත්වන්න. පවුලේ මිනිස්සු පරපුරම ආයතනවලින් ඉවත් කරන්න. මෙතෙක් කලක් හොරකම් කළ සල්ලි නැවත රටට දෙන්න. මේ කරුණු 3 කළා නම් රට නිකන්ම සංවර්ධිත රටක් වෙයි.
පවුල් පාලනේම නඩත්තු කරන්නනේ සෑහෙන වියදමක් දරන්න වෙන්නේ...
ගෙදරක වුණත් වියදම්ම විතරක් තිබුණොත් දියුණුවක් තියේද? ආදායම් මාර්ග තිබිය යුතුයි. ඒ නිසා දැන්වත් එය සෝබන දේවල් වලට ආයෝජනය නොකර ආදායමක් ගෙනදෙන කර්මාන්ත ඇතිකරන්න. ඒකෙන් රැකියා දෙන්නත් පුළුවන්. මේ රටේ දැනට කෙරෙන්නේ ආදායමක් නැති ආයෝජන සහ ආදායම් නැති සේවකයින් බඳවා ගැනීමක් විතරයි. මොන්ටිසෝරි ළමයෙකුට වුණත් තේරෙනවා ... මේ විදිහට රටක් ගොඩගන්න බැරිබව...
කාගෙන්වත් ඉල්ලන්න කලින් මැදමූලනේ උදවියගෙන්ම පටන් ගන්න තිබුණා නම් මොකද වෙන්නේ...?
උපාධිධාරින් 60000 ට නිකන් පඩි ගෙවන එක නවත්වන්න... ලොකු මුදලක් ඉතුරුයි.
ජනාධිපති මන්දිරයෙන්ම පටන් ගත්තා නම් හොඳයි... ඔහේ ගන්න දීමනාත් අඩු කරන්න. රට කාපු ඔහේගේ ලොකු අයියලා සෙට් එකේම දීමනා කප්පාදු කරන්න...
ඇමෙරිකාවේ ෂෙඩ් එකක වැඩ කළ කෙනෙක්... අපේ රටේ ගව සම්පතට හොඳයි..
නිලධාරීන්ගේ දීමනාවන්, ඇමැතිවරුන්ගේ වැටුප, ගුරුවරුන්ගේ වැටුප... ඒ වගේම බොරු වාර්තා ගාවගෙන ඉපැයූ අතිකාල වගේ ඒවා කපන්න.
ඇත්තෙන්ම මෙම යෝජනාව ඉතා පැසසිය යුතු යෝජනාවකි. නමුත් මේ සියල්ල සත්භාවයෙන් සිදුවිය යුතුව පවතී. අමාත්‍යාංශ ලේකම්වරු ඇතුළු ඉහළ නිලධාරීන්ගෙන් මේ පිළිබඳව විමසනවා යනු හොරාගේ අම්මාගෙන් පේන අහනවා වගේ වැඩකි... ගරු මුදල් අමාත්‍යතුමා ඇතුළු රජය ගත යුතු පියවර මෙය වන නමුත් එය සාක්ෂාත් කර ගත හැකි වේයැයි සිතිය නොහැකිය. මෙම යෝජනා සම්බන්ධව රජයේ චක්‍රලේඛන නිකුත් කිරීමට පෙර සමහර රජයේ ආයතන වල බඳවා ගැනීම් කඩිනමින් සිදුකරමින් ඇත. ඉදිකිරීම් ආරම්භ කිරීම් වේගවත් කර ඇත. මිලදී ගැනීම් වේගවත් කර ඇත. කිසිඳු ප්‍රතිලාභයක් නොමැති, ආර්ථිකවත් නොවන ව්‍යාපෘති පවත්වා ගෙන යනු ලබයි. පාර්ලිමේන්තු මන්ත්‍රීන්ගේ සිට රජයේ MM ශ්‍රේණියේ නිළධාරින් වෙත ප්‍රවාහන කටයුතු (ඉන්ධන, වාහන, රියදුරන්) වෙනුවෙන් මහා ධනස්කන්ධයක් වැය කරයි. තීරුබදු රහිත බලපත්‍රද ලබාගනියි. රැකියාවටද වාර්තා නොකරයි. මෙහි සාධාරණත්වයක් ඇතිද යන්න විමසීම පාඨකයින්ට බාරකරමි. එබැවින් මේ පිළිබඳව හැකි ඉක්මණින් චක්‍රලේඛන මගින් නියෝග නිකුත් කරන ලෙස ගරු මුදල් අමාත්‍යතුමාගෙන් සහ අතිගරු ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිමි.
පාරම්පරික වැව් පතුල් පහත් කිරීම නැවතීම.. සීනි සහ පොල්තෙල් ජාවාරම් නැවතීම, විදේශවල මුදල් ආයෝජනය නැවතීම සහ ඔබතුමා නැවත ඇමෙරිකාවට යාම...
බන්දුල ගුණවර්ධන කියන්නේ 7500 දීමනාවක් දීලා ගෙදරට වෙලා ඉන්න කියලයි..
ඇත්තටම රාජ්‍ය සේවයට කිසිම ඵලදායී සේවයක් ලබා නොදෙමින්ද, එසේ ලබා නොදෙනවා මදිවට පාරට බැහැලා රජයත්, මහජනතාවත් අපහසුතාවයට පත් කරන්නාවූද අයගේ වැටුප් ගෙවීම නවත්වන්න බැරිද? අවම වශයෙන් මූලික වැටුපට අමතරව ලබා දෙන ඒ ගොල්ලන් සොච්චම් යැයි කියනා දීමනා විතරක් වත්... මම කියන්නේ ශක්තිමත් පාර්ලිමේන්තු පනතකින් වත්, 2/3 බලයකින් සම්මත කරගෙන... මොකද මේ විකාරය නිසා අපිට දැන් ආණ්ඩුවත් එපා වෙලා තියෙන්නේ... අපේ දරුවන් මෙච්චර දවසක් හිටියා වගේ මේ මාස 04ත් මේ ඉන්න විදිහටම තියාගන්නම්. රැකියා විරහිත, එහෙත් විශ්ව විද්‍යාලවල ඉන්නකන් පාරවල් ගානේ රස්තියාදු නොවී ඉගෙන ගත්තු දක්ෂ උපාධිධාරීන් කණ්ඩායමකුයි, ඔය දැනටමත් නොමිලේ ළමයින්ට උගන්වන දක්ෂ ගුරුතුමන්ලා ගුරුතුමීන්ලා ටිකක් බිහිවෙලා ඉන්නවා.. ඒ අයවයි, ඒ මාස 04 ඇතුළත බඳවා ගන්න බැරිද? අපිට දැන් වෘත්තීය ගුරු හොරු ටික අප්පිරිය වෙලයි තියෙන්නේ... ඇත්තටම කාලකන්නිම තමයි. මොන තත්වයකින් වුණත් මෙයාලාගේ ඉල්ලීම් නම් දෙන්නම එපා....
ඡන්දෙට කළින් මහබැංකු හොරකම් ඇකුළු හොරකම් ගොඩක් කිව්වා ජනතාවට බර පැටවෙන්නේ නැතිව ඉක්මණින් ඔය කිව්ව හොරු හොරකම් කරපු මුදල් ආපසු ගන්න එක කරන්නේ නැතිනම් මේ ඔක්කොම හොරු කියලයි අපිට හිතාගන්න වෙන්නේ.
පවුල් පාලනය තමයි මේකට හේතුව... දැන්වත් යථාර්ථය වටහා ගමු...
ඔයා තොත්ත බබා, නූපන් දරුවන් පවා ලෝකෙටම ණය කාරයින් කරලා, රටට කරපු හරිය අපි නොදන්නවා නෙවෙයි. කමෙන්ට්ස් වලට අන්ලයික් කරලා තියෙන්නේ... ඇත්ත ඇති සැටියෙන් දකින්න බැරි..., මොලේ උඩ ඉන්න මෝඩ වහල්ලු... !!!
මුලින්ම රාජ්‍ය සේවයට අදාළ හෝටල්වල පවත්වන රැස්වීම් සහ හෝටල් වියදම් කපා හැර ඒවා රාජ්‍ය ආයතනවල පවත්වාගෙන යායුතුයි. රාජ්‍ය ආයතන සඳහා අනවශ්‍ය ලෙස ලබා දී ඇති වාහන සහ ඉන්ධන දීමනා නතර කළ යුතුයි. මන්ත්‍රීවරුන් සහ ඇමතිවරුන් ඇතුළු කාර්ය මණ්ඩලයට ලබාදෙන අතිරේක දීමනා අවම තරමින් 40%කින් වත් කපාහැරිය යුතුයි. පාර්ලිමේන්තුවේ කෑම සඳහා යන වියදම් කපා හැරීම හෝ එසේ නැතිනම් 60% කින් වත් වියදම් කපා හැරිය යුතුයි. නව ව්‍යාපෘති සඳහා කොමිස් ගැසීමට ඉඩකඩ නොතබා අවශ්‍ය තරමට පමණක් මුදල් ප්‍රතිපාදන වෙන්කර ජනාධිපතිතුමාට වගකිවයුතු ලෙස පවත්වාගෙන යාම අත්‍යාවශ්‍යයි.
පොහොට්ටුවට ඡන්දෙ දීපු රජයේ සේවකයින්ගෙන් මුලින්ම කපමු.. ඔවුන්ට තමයි ඕනෑ වුනේ රාජපක්ෂලා...
මිනිස්සු පන්සල්, පල්ලි, කෝවිල්, දේවස්ථාන වලට හැමදාම වගේ මුදල් පරිත්‍යාග කරනවා. පූජා කරනවා. ඒවායින් ආගමික ශාසනික වැඩවලට යෙදවෙන්නේ ඉතා ස්වල්ප ප්‍රමාණයක්. පෞද්ගලික සුඛ විහරණය වෙනුවෙන් තමා එව්වා වැඩිපුර යොදවෙන්නේ. එම මුදල් රජයට අය කරගන්න වැඩපිළිවෙළක් යෙදුවොත් අපිට පුළුවන් චීනෙට වුණත් පොඩි ණයක් දෙන්න.
මොනවද මේ ගොල්ලන්ගේ බොරු කථා මිනිස්සු රවට්ටන..?. රටේ ඩොලර් නැහැ... මිනිසුන් කන්න බඩු ගෙන්නන්න වත්, අහරේ කමල් ගුණරත්න යනවා නැටුම් කණ්ඩායමකුත් අරගෙන රුසියාවේ මොස්කව් නගරයේ පවත්වන නව යුද නිපැයුම් පෙන්වන සංදර්ශනයකට, කොයිතරම් විදේශ මුදල් මේවාට වැය වෙනවාද, රටේ යුද්ධයක් තියෙනවද යුද ආයුධ ගන්න. මේවා මහ අපරාධ... මේ ගොල්ලො කරන්නේ පට්ට පල් බොරු... ජනතාවට මේ කරන බොරු වැටහේවා...! මේ පාලකයින් ජනතාවට ආදරය තියෙන මිනිස්සු නෙමෙයි.
පුදුම වෙන්නේ නැහැ.. මෙහෙම කාලයක් අපිට 1970 අග කාලයේ තිබුණා. කාර්යාලයේ කටයුතු කරන්න අවශ්‍ය ටයිපින් කොළ, පැන්සල් ට්‍රෙසින් කොළ නැති කාලයක් තිබුණා.
ඔබට අවශ්‍ය නම් අපට එය ඔබට එවිය හැකිය.
තව ඉතින් කපන්න ඉතුරු වෙලා තියෙන්නේ දිය, දෙහි, මල්, රබර් ඔන්න ඕවා තමා.
1. වාහන පර්මිට් සම්පූර්ණයෙන් කපා හැර විකිණූ පර්මිට් වල මුදල් අය කර ගත හැකියි. 2. අනවශ්‍ය ඉදිකිරීම් නවතා දැමිය හැකියි 3. පුද්ගලික ගොඩනැගිලිවල ඇති අමාත්‍යංශ දෙපාර්තමේන්තු රජයේ ගොඩනැගිලි වලට ගෙන ආ හැකියි 4. පාඩු ලබන අනවශ්‍ය ආයතන පුද්ගලික කළමනාකාරීත්වයට දිය යුතුයි
මේකනම් වෙන්නේ නැහැ. මොකද ඔය ඉන්න ලොක්කෝ දත්ත හංගනවා
ඔයාගෙ වත්කමෙන් 10% බෙදලා දුන්නනං රට පලවෙනි ලෝකේ රටක තත්වයට එනවා
යෝජිත පරාක්‍රම සමුද්‍රයේ රුපියල් මිලියන 34 සහ කන්තලේ වේල්ලෙහි රුපියල් මිලියන 20 ඇවිදින මං තීරු
පළාත්සභා ,ප්‍රාදේශීය සභා මන්ත්‍රීලා ඉවත් කළ යුතුයි. 225 පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 50 ට අඩු කළ යුතුයි. අනේ අපේ සල්ලි. මොනවටද වාර්තා ඉල්ලන්නෙ. පාර්ලිමේන්තුවෙන්ම වැඩේ පටන්ගමු.
මෙව්ව කරන්න තිබුනෙ ගොඩක් ඉස්සර... එහෙම කලානම් අද දවසෙ තරමක් යහපත් හරි ආර්ථිකයක් තියෙන්න තිබුණ. අනික් දේ තමා රට කරවන ඔබතුමාල ප්‍රමුඛ සමස්ථ පාලන තන්තුයෙම තියෙන හොරකමයි. වංචාවයි. ඒව නැවැත්තුවනම් තව ටිකක් හොදට ආර්ථිකය ගොඩ නැගෙන්න තිබුන. ඊලග කාරණය තමයි අතොරක් නැති රාජ්‍ය සේවක බදවාගැනිම්. දියුණු වෙච්ච කිසිම රටක මෙහෙම රාජ්‍ය සේවයට බදවා ගැනිම් මං අහල නැ. දේශාපාලඥයො වගේම තමයි ඔවුනුත්, අහිංසක මිනිස්සුයි. පෞගලික අංශයෙ සේවකයොයි. රටවිරුවොයි හම්බකරල කොහොම මේ රට නඩත්තු කරන්න දෙන මුදල් මේගොල්ල හැමෝම එකතු වෙලා තරගෙට කාබාසිනියකරනව. ඉතිං රටක් දියුණු වෙයිද මෙහෙම. දැන්වත් මේව ගැන කල්පනා කරල වැඩපිලිවෙලක් යොදන්න.
ජනාධිපතිවරයා සමඟ සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ කඩඉම් ප්‍රතිලාභ.
රාජපක්ෂලාගේ වත්කම් රාජසන්තක කළ යුතුයි.
මෙයා විහිලු කාරයෙක්.
දොස්තරලගෙන් බහුතරයක් අතිකාල දීමනා ගන්නේ බොරුවට.
දොස්තරවරුන් කියනවා එන්නත් මාත්‍රා දෙකම ගත්තත් කොරෝනා හැදෙන්න පුලුවන් කියලා එහෙමනම් එවැනි අනවශ්‍ය වියදම් නවත්තලා වෙන විකල්පයක් යොදන්න.
මෙන්න රෙසිපිය: මන්ත්‍රී වරැ 50යි, ඇමති 15යි. මැති ඇමති විශ්‍රාම වැටුප් අහෝසියි (මහජන සේවයට මොන විශ්‍රාම වැටුප්ද?) කීයක් ඉතිරිද කියල ඔයාම ගනං හදල බලන්න.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 50 කට සීමා කරන්න. පළාත් පාලන ආයතන වලට වැඩි බලයක් ලබා දෙන්න (පළාත් සබා). විශාල ව්‍යාපෘති වලින් කොමිස් ගැනීම නවත්වන්න.
බැසිල් හරි වටේ ඉන්න අය හරි ලංකාදීප වෙබ් අඩවිය බලනවානම් වාර්තා ඕන නැහැ වියදම් අඩු කරන හැටි දැනගන්න.
මන්ත්‍රී වාහන. පර්ලිමෙන්තු වියදම්. විවෘත උත්සව.
ඔගොලන්ට බැරිද ජනතවටත් ඔගොලන්ගේ වියදම් වලින් එහෙම එකක් දෙන්න
හිටපු ජනාධිපතිවරු දෙන්නෙක් දැන් පාර්ලිමේන්තුවේ ඉන්නවා මන්ත්‍රී වරප්‍රසාද අරන් මේ කොවිඩ් වසංගත තත්ත්වය ඉවර වෙනකන් අනෙක් සියලුම පහසුකම් අතැරලා කොවිඩ් අරමුදලට ලැබෙන්න සලස්වන්න.
නේපාල්, භූතාන් වගේ රටවල්වලින් ණයක් ගන්න බැරි වෙයිද?
අර ‘‘ඌරගේ මස් උගේ ඇඟේම තියලා කපනවා‘‘ කිව්වෙත් මේකට නේද?
මේක දේව ආශීර්වාදයක්...හොයන්න අලුත් ක්‍රම සල්ලි හම්බ කරන්න ලංකාවේ ඇතුලේ ඉඳන්... උදාහරණ විදිහට මෘදුකාංග ඉංජිනේරුවන්.. මෝඩ කතා මේවා...
මෙයාලගේ පවුලේ අය හිඟන්නෝ... අන්න ඒඅය කන බොන එක අඩු කළොත් මේ රටට සෙතක් වෙයි. එතකම් මේ සාපය ගෙවන්න වෙනවා.