(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ආණ්ඩුව හදිසි නීති ගේන්න හදන්නේ ඔවුන් සමග එක මේසේ වාඩි වී කන බොන ජාවාරම්කරුවන් පාලනය කිරීම සඳහා යැයි ජාතික ජනබලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේ දී අද පැවසීය.
"අර්බුද විසඳන්න ජනාධිපතිවරයා මහජන ආරක්ෂක පනත දෙවන කොටස ක්‍රියාත්මක කර තිබෙනවා.මේ හරහා ඕනෑම රෙගුලාසි ක්‍රියාත්මක කිරීමේ හැකියාව ජනපතිට ලැබෙනවා.වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගන්නත් අධිකරණයට ඉදිරිපත් නොකර දිගු කලක් රඳවා ගන්නත් මෙි හරහා හැකියාව තිබෙනවා.
සීනි මිල සහ හාල් මිල තීරණය කරන්න මේ බලය අවශ්‍යද?පාරිභෝගිකයන් ආරක්ෂා කරන මුවාවෙන් මේ කරන්නට හදන්නේ කුමක්ද?මේ අනීතික බලයක් අත්පත් කර ගැනීමක්"යනුවෙන්ද අනුර දිසානායක මහතා සඳහන් කළේය.පාර්ලිමේන්තුවේ හදිසි නීතිය සම්මත කිරීමේ විවාදයට එක්වෙමින් අනුර දිසානායක මහතා මේ බව කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පසුගිය දින කිපය අපේ දියව් දියව් අය ම්ම්... ම්ම්.. කිව්වේ නැහැ මෙන් දැන් ඇහැරිලා......
ජාතික ලැයිස්තුවේ හිටිය අය පාස්කු ප්‍රහාරය එල්ල කරනකම් දන්නෙ නැතිනම්. එකම මේසේ කාපු අය කූට ව්‍යාපාර කරන බව නොදන්නවා කියලා ආණ්ඩුවට කියන්න පුලුවන්. හැබැයි ජනතාව දන්නවා මුන් දෙගොල්ලොම කියන්නේ අමු බොරු කියලා.
අපේ කරුමෙට සහ රටේ අවාසනාවට මේ බයියන්ට ඕවා තවමත් තේරෙන්නේ නැහැ.
ඔය ජාවාරන්කාරයින්ගේ මයිල් ගහකටවත් අගතියක් වෙන්නේ නැහැ ඔය නීතිවලින්.
තමුන්ට කප්පම් දෙන ජාවාරම් කරුවන් කාගේ සාක්කුවෙත් ඉන්නවා . ඔයා බොරුවට කෑගැහුවට ජනතාව ඇත්ත දන්නවා
මේවා බොරු මාධ්‍ය සංදර්ශන විතරයි.
මේ හදිස්සි නීති දාගෙන කරන්නේ ඕගොල්ලෝ කාලයක් තුන්ඩු කෑල්ලෙන් කරපු වැඩ.
එක මෙසේ කාපු බීපු අය බෝම්බ පුපුරවලා, තඹ හොර ජාවාරමේ දීල ඉන්නවා හොයාගන්න බැරි වුනු කෙනා. ආයේ පෙළපාලියක් යමු ද ..... පුතාලා දුවලා එංගලන්තේ ඉගෙනගන්නවනේ ,මේ මොකටද ඉස්කෝල අරින්නේ.