
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කොරොනා වසංගතය සමඟම අප රට වෙනුවෙන්, අප වෙනුවෙන් විශාල මෙහෙවරක යෙදෙන සුව විරුවන් සහ රණවිරුවන් සිය සේවා ස්ථානය කරා නොමිලේ ප්‍රවාහන පහසුකම් ලබාදෙන පෞද්ගලික බස් රථ හිමිකරුවකු අපට හමුවිය.
ඔහු නමින් වසන්තය. සෑම දිනකම පෙරවරු 6.15 කළුතරින් ගමන් ආරම්භ කරන තම බස් රථය කලුතර නාගොඩ රෝහල ,කලුබෝවිල ශික්ෂණ රෝහල, ,මහරගම අපේක්ෂා රෝහල ,හා රාගම රෝහල කරා කඩවත දක්වා සුව විරුවන් සහ රණවිරුවන් නොමිලේ ප්‍රවාහනය කිරීමට කටයුතු යොදා ඇතැයි ඔහු පවසයි.
කළුතර බණ්ඩාරගම කැස්බෑව නුගේගොඩ , මහරගම හා කොට්ටාව හරහා අධිවේගී මාර්ගය ඔස්සේ රාගම රෝහල අසලට බස් බස් රථය ගමනාන්තය බව ඔහු කීය.
නැවත සවස 4 ට රාගම රෝහල අසලින් ගමන් ආරම්භ කර පිළිවෙතින් අනෙකුත් රෝහල් කරා පැමිණ සුව විරුවන් රණවිරුවන් කළුතර දක්වා ප්‍රවාහනය කිරීමට ඔහු කටයුතු කරයි.
එම රෝහල්වල ප්‍රතිකාර ලබන රෝගීන් ගේ ඥාතීන් ද නොමිලේ ප්‍රවාහනය කරන බව සමීර වසන්ත මහතා අප හා පැවසීය



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආදායම් අඩුවෙලා, වැටිලා ඉන්න වෙලාවක...!! ලොකු දෙයක්
පුද්ගලික බස්රථ හිමියන් පිලිබදව අප හදතුල ඇත්තේ ඉතාමත්ම අප්‍රසන්න හැගීම් සමුදායකි. එනමුත් මේ කරදරකාරී , අවදානම් අවස්ථාවේ පාඩුයි පාඩුයි කියමින් හොටු පෙරමින් අඩ අඩ ඉන්නවාට වඩා තමන්ගේ පුද්ගලික ධනය වියදම් කරමින් ඔබ දෙදෙනා කරන්නේ මිලකළ නොහැකි සේවයකි, ඔබලාට යහපතක්ම වේවා.... ඔබලාගේ අබුදරුවන්ට මෙන්ම දෙමාපියන්ටද යහපතක්ම වේවා යන්න අප හදවතින්ම ප්‍රාර්ථනා කරන්නෙමු. මෙම අදහස් " ගැමුණුට " පුද්ගලිකවම කියවීමට හැකි වේවා.......
මෙන්න මේ නිව්ස් එක හොදම උදාහරණයක් කොරෝනා කාටවත් බෝවෙන්නේ නෑ කියන්න. කොරෝනා කියන්නේ තනිකරම බොරුවක්.
සසර ගමන ඔබ දෙදෙනාගේ කෙටි වේවා. දේව ආශීර්වාදය ලැබේවා.!
රජයෙන් අඩුම ගානේ ඩිසල් ටිකවත් මොහුට නොමිලේ දිය යුතුයි.
මෙවැනි පරාර්ථකාමී අයට සැවොම උදව් කලයුතුයි. අඩුම වශයෙන් මේ සම්බන්ධව යන වියදම් සහ ඔවුන්ගේ එදිනෙදා ජිවන වියදම් පියවගන්න ක්‍රමයක් දියත් කල හොත් පරිත්යාගශිලින් සොයා ගත හැකිවේවි.