(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ආණ්ඩුව හොඳටම කරන එකම දෙය රටේ තීන්ත ඉවර වෙනතුරු මුදල් අච්චු ගැසීම යැයි සමගි ජනබලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
කළු සල්ලි සුදු කරන පනත් ගෙන්න හදිසි වුණත් කොරෝනා පාලනය සඳහා පනතක් ගේන්නේ ආණ්ඩුවට හදිසි නැතැයි කී රහුමාන් මහතා දැන්වත් හොරා පොලිස් සෙල්ලම නතර කරන්නැයි ඉල්ලා සිටින බවද කීය.
ආණ්ඩු විරෝධය දිනෙන් දින වැඩිවෙමින් තිබෙන පසුබිම යටතේ මර්දනය ක්‍රියාත්මක කර තිබෙන බවද රහුමාන් මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආණ්ඩුවනම් එපා වෙලා නැහැ හැබැයි අලුගෝසුවන් වැනි විපක්ෂේ අයවනම් එපා එපා උනා.....
ඔය වටිනාකමක් නැති සල්ලි හොර සල්ලි හා සමානයි.... මේකෙ රඟේ දැනෙන්නේ තව අවුරුදු 2කින්, 3කින් විතර... එතකොට ඔය සල්ලි අච්චු ගහපු අය හොයාගන්නවත් පුළුවන් වෙයිද මන්දා...?
ඔහෙලා අවුරුදු 5ක් කරලා ගිය හරියේ ප්‍රතිඵල තමයි.
"හනුමාන්" ගොයියාගෙන් අප මෙසේ විමසීමට කැමැත්තෙමු.අප රට මෙසේ අගාදයට පත්වන්නට "තමුසෙලා" කිසි ලෙස ධායකවුයේම නැද්ද ? ඒ සියල්ලටම දැන් බලයේ සිටින "හරකුන්" පමණද වගකිව යුත්තේ ? බලය නොමැතිව දැන් විපක්ෂ පට්ටියේ වේලි වේලි ලැග "උඩුබුරමින් සිටින මිහරකුන්" මේ මහා විනාශයට වගකිව යුතු නැද්ද ? තමන්ගේ උගත් පුතාණෝ වගේම මේ කරදරකාරී අවස්ථාවේත් තමන් බලන්නේ වචනයකින් හෝ දේශපාලන වාසියක් නොවේ... දවසට පස්වතාවක් ආගම අදහන "හනුමන්" උන්දෑ අවංකව පිළිතුරු ලබාදෙයි යන්න අප බලාපොරොත්තු වන්නෙමු.
ඇමෙරිකාවත් සල්ලි අච්චු ගහද්දී, අපි සල්ලි අච්චු නොගහ කොහොමද?
තීන්ත ඉවරවෙන තුරු නොවෙයි තීන්ත ණයට අරන් හෝ සල්ලි අච්චු ගහලා මේ වැටුණු රට ගොඩ ගත හැකි නම් අසරණ ඡනතාවට මේ අවස්ථාවේදී ලබාගත හැකි ලොකුම සහනයකි. ලෝකයේ බොහෝ රටවල් මේවැනි අතිදුෂ්කර වකවානුවේදී කරනුයේත් මුදල් අච්චු ගැසිමයි. වෙනසකට ඇත්තේ එම මුදල් වල අගය දිනෙන් දිනම ඉහළ යන අතර අපේ මුදලේ අගය පහත වැටීමයි. මෙහි වගකීම අසරණ ඡනතාව මත පැටවීම අනුමත කළ නොහැකිය. ඡනතාව දේශපාලුවන්ට වන්දනාමාන කළ යුතු නැත.
සල්ලි අච්චුගැසීමේ අවසාන ප්‍රතිඵලය වැඩිවූ මුදල් තොගයට සමානුපාතිකව බඩුමිල ඉහල යාමයි. දැන් බඩුමිල ඉහලයනබව පෙනෙන්නේ නිෂ්පාදන අඩුවීමටත් වඩා රුපියල් බිලියන 3200 ක මුදලක් සංසරනයට අළුතින් එකතුවීම නිසයි.
හලෝ සල්ලි කියන ඒව අච්චු ගහනවා මිසක් ගස්වලින් කඩනවයැ මොනවද මේ කියන්නේ