(යොහාන් භාසුර)

නිරෝධායන ඇඳිරිනීතිය ක්‍රියාත්මක වූ අගෝස්තු මස 28 වැනි දා සිට මේ මස 3 වැනිදා දක්වා දින 7 ක කාලය තුළ ශ්‍රී ලංකා රේගුව රුපියල් බිලියන 46 ක් හෙවත් රුපියල් කෝටි 4600 ක අපනයන අනුමත කර ඇතැයි රේගු මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ සුදත්ත සිල්වා මහතා පැවසීය.

එම කාලය තුළ ශ්‍රී ලංකා රේගුව රුපියල් කෝටි 934 ක් (රුපියල් බිලියන 9.34) ආනයන බදු ආදායමක් උපයා ඇතැයි රේගු රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.