(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
හාල්, පිටි, සීනි ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ සැපයීම සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මහජන ආරක්ෂක පනත යටතේ නිකුත් කළ හදිසි නීති රෙගුලාසි ඇතුළත් ගැසට් නිවේදනය පිළිබද යෝජනාව වැඩි ඡන්ද 81 කින් පාර්ලිමේන්තුවේදී අද (6) පස්වරුවේ සම්මත විය.
හදිසි නීති රෙගුලාසි වලට පක්ෂව ඡන්ද 132ක් ලැබුණු අතර ඊට විරුද්ධව ලැබුණේ ඡන්ද 51ක් පමණි.
සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගය සහ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු පනත් කෙටුම්පතට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළහ.
මෙම රෙගුලාසි පිළිබඳ විවාදය අද (6) උදේ 10.30ට ආරම්භ විය. විවාදයේදී ආණ්ඩු පක්ෂයේ හා විපක්ෂයේ මන්ත්‍රීවරු 20 කට වැඩි පිරිසක් අදහස් දැක්වූහ.
ජනාධිපතිවරයා මෙම හදිසි නීති රෙගුලාසි ඇතුළත් ගැසට් නිවේදනය නිකුත් කළේ පසුගිය සතියේදීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරියට හරි, දැන් ඉතින් සෞභාග්‍යය නියමෙටම ආරම්භ වෙනවා. කිසි අඩුවක් මින් පස්සේ නෑ. ලෑස්ති වෙන්න තොවිලයට...
දැන් සතුටු ඇති කට්ටයට
දැන් ඔක්කොම හරිද? එහෙනම් හෙට ඉඳන් සැපද? අයියෝ නන්දසේනගේ ගැසට් ගැහිල්ල...
තද නීති යටතේ අපේ රට වසර කීපයක්ම යා යුතුයි. වසර ගණනාවක් තිස්සේ හොරකමට, වංචාවට හුරුවුණු මිනිසුන් නිවැරදි කරගන්න බෑ එහෙම නැතිව... හැම එකක්ම තමන්ගේ පක්ෂය බදාගෙන දකින මිනිසුන් පවා මැද මාවතකට පැමිණිය යුතුයි.
දැන් ඉතින් හෙට ඉඳලා ඕන් කියලා දායි... මේක විතරයි ආන්ඩුවට අඩුවකට තිබ්බේ.
දැන් මේ පනතේ කොපියක් අරන් ගියාම කඩේ මුදලාලි ඔය කියන ගණන්වලට බඩු දෙයිද? දන්නේ නැති නිසයි ඇහුවේ?
ඔය හදන නීතිරීති, රෙගුලාසි, කමිටු ක්‍රියාත්මක වෙන්නේ නැති එක තමයි ප්‍රශ්නේ...
ප්‍රතිපත්තිමය තීරණයක් විදියට හොඳයි.
ආහාර ද්‍රව්‍ය සැගවීම යටතේ බිත්තර වී ගබඩාවල තිබුනෙ වීත් අත් අඩංගුවට අරගෙන ආහාර සදහා ගත්තොත් කුමක් සිදුවේද සැලකිලිමත් වුනොත් හොඳයි
විරුද්ධ පක්ශය කියන්නෙ හොඳ නරක නොබලා හැම දේටම විරුද්ද වෙන උන්ටද?දන්නැති නිසා අහන්නෙ.
ලංකාවේ පළමු වරට බඩු මිල අඩු කරන්න හදිසි නීතිය. මරු ආණ්ඩුව, බ්රේගේඩියර් ලට වත් බැරි උන එකේ වෙන මොනව කරන්නද?
රජය ගෙනෙන ඕනෑම දේකට සිග්නල් කණු වගේ අත උස්සන මන්ත්‍රීවරු
අපි තමයි හොදටම කලේ.... හෙහ්..හෙහ්..හෙහ්....
ගැසට් කිව්වම මතක් වුනේ, අපේ ගෙදර ටොයිලට් පේපර් ඉවරවෙලා.
එතකොට චන්දය නොදුන් අනිත් මන්ත්‍රීවරු මොන පක්ෂයෙන්ද ?