
(අංජුල මහික වීරරත්න)
එක්සත් ජාතික පක්ෂයට වසර 75 ක් පිරීම නිමිත්තෙන් ආශිර්වාද පළකිරීමේ ආගමික වැඩසටහනක් රත්මලාන පරමධම්ම චේතිය පිරිවෙන් විහාරස්ථානයේදී පැවැත්විණි.
එක්සත් ජාතික පක්ෂයේ බෞද්ධ කමිටුව විසින් සංවිධානය කරන ලද මෙම ආගමික වැඩසටහන ශ්‍රී කළ්‍යාණ සාමග්රි ධර්ම මහා සංඝ සභාවේ නියෝජ්‍ය ලේඛාධිකාරී ලෝක සංඝ සම්මේලනයේ උප සභාපති රත්මලානේ පරමධම්ම චේතිය පිරිවෙන් අධ්යක්ෂ ආචාර්ය මාඉතිපේ විමලසාර නාහිමිගේ අනුශාසනා පරිදි සිදුකෙරිණි.
මෙම ආගමික වැඩසටහන සඳහා එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන, සභාපති වජිර අබේවර්ධන, මහලේකම් පාලිත රංගේ බණ්ඩාර, උපසභාපති සාගල රත්නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය, මහරගම එජාප සංවිධායක නීතීඥ සුදත් ජයසුන්දර, දෙහිවල ගල්කිස්ස එජාප සංවිධායිකා සුනේත්‍රා රණසිංහ යන මහත්ම මහත්මීහූ ප්රමුඛ එජාප පළාත් පාලන අයතනවල මහජන නියෝජිතයෝ සහභාගී වූහ.
පිරිවෙන් විහාරස්ථ මහා සංඝරත්නය මෙහිදී එක්සත් ජාතික පක්ෂයට සෙත්පතමින් ආගමික වැඩසටහන් සහ සෙත් පිරිත් සජ්ඣායනාවක් ද පැවැත්වූහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙසේ පින් කරනා මිනිසුන් දකින විට........ අප රට කෙසේ පසුගාමී වන්නේ ද....... වොඩ්කා බෝතල් අමු බොරුවක් ද......... කාට බොරු කරත් නැහැ බොරු තම හිතට......
රටේ සම්පත් විකුනන්න, සුකෝපබෝගි වාහන ගන්න රට හිගමනට පත්කරන්න රටේ තරුණයන්ට ඉතාමත් යහපත් මෙහෙවරක් කල උදාර පක්ෂයට ජයවේවා .
බල තණ්හාව ලබාගන්න අගමික වතාවත් කරල වැඩක් නැත.
අනේ තාත්තේ, මාමේ, සීයේ... ඉන්න තැනකින් ඇවිත් අපිදිහා බලලා අපේ පක්ෂෙත් මේ ඉතිරිවෙලා තියෙන එකම ආසනෙත් රැක දෙන්න...
දේශපාලුවන් වන තොපිගේ බඩවල් දකින විට....... පුරවැසියන් නොකියන්නේ මොනවද ඇසුවිට...... මාපිය මාංශ හැර අනෙකුත් සියල්ල දුටුවිට..... එක ඇහැටත් ඇඩෙනවා පව්කළ අප සැමට.....
අනිච්ඡාවත සංඛාරා කියන්න නොලැබුණේ නූලෙන්... ඒ නිසා දැන්වත් රටට යහපතක් සිදුකරන දේ ගැන ඇත්තටම හිතන්න බොරු විකාර කියවන්නේ නැතුව...
වැඩ ගැන සිතනවා ඇත්තේ... පින්කැටේ සීල් තියන්න ඉක්මණට ලැබේවා කියා වෙන්න ඇති.
මැරිලත් දැන් අවුරුදු 2ක් 3ක් වෙනවා නේද? 75 වැනි ජන්ම දිනය වගේම ඒකටත් බණක්, පිරිතක් කියලා දානයක් එහෙම දෙන්න වෙයි...
කෝ රනිල් මහත්තයා?