
(ඩයනා උදයංගනී)
ශ්‍රී ලංකාවේ සංගීත ක්ෂේත්රයේ විප්ලවීය වෙනසක් සිදුකළ කණ්ඩායම් සංගීතයේ දැවැන්තයකු වූ ’ජිප්සීස්’ සංගීත කණ්ඩායමේ නායක සුනිල් පෙරේරා මහතාගේ අවසන් කටයුතු අද(6) පස්වරු 6 ට බොරැල්ල කනත්තේදී සිදු කිරීමට නියමිතය.
සුවසක් රසික හදවත් සිය මියුරැ හඩින් සැනසු ඔහු, අද දිනයේදී රසික හඳවත් කම්පාකර නෙතගට කඳුලක් එක් කරවමින් සිය ජීවන මගෙහි අවසානය සනිටුහන් කරන්නේය.
කොරෝනා වයිරසය ආසාදනය වී ඉතා අසාධ්‍යව ප්‍රතිකාර ලැබූ ඔහු සුවය ලබා නිවසට ගොස් සිටියදී යළි ඇතිවූ හදිසි රෝග තත්වයක් හේතුවෙන් ඉකුත් 03 වැනිදා පෞද්ගලික රෝහලකට ඇතුළත් කර එහි දී මරණයට පත්විය.
පෙනහළු ආශ්රිත ආසාත්මිකතාවක් සමඟ ඇතිවූ නියුමෝනියා තත්වය ඔහුගේ මරණයට හේතු වී ඇත.
සුනිල් පෙරේරා මහතා මිය යන විට 68 හැවිරිදි වියෙහි පසුවිය.
දක්ෂ වාදකයකු, සංගීතඥයකු මෙන්ම ගීත රචකයකු ද වූ සුනිල් පෙරේරා මහතා මනා හඬ පෞරුෂයකින් යුත් ගායන ශිල්පියකු ද විය.
හිටපු යුද හමුදා නිලධාරියකු හා තැපැල් දෙපාර්තමේන්තුවේ ලිපිකරුවකු වූ ඇනටන් පෙරේරා මහතාට සහ ඩොරින් පෙරේරා මහත්මියට දාව සහෝදර සහෝදරියන් 10 දෙනකුගෙන් යුත් පවුලේ දෙවැන්නා ලෙස 1952 සැප්තැම්බර් 14 වැනිදා මොරටුවේදී උපත ලැබූ අයිවෝ සිල්වෙස්ටර් සුනිල් පෙරේරා සිය දිවි ගමන නිමා කළේ සිය 69 වැනි ජන්ම දිනයට දින අටක් ඉතිරිව තිබියදීය.
මොරටුව ශාන්ත සෙබස්තියන් විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබූ සුනිල් පෙරේරා මහතා ඉන් පසු අධ්‍යාපනය ලබන්නේ ශාන්ත පීතර විද්‍යාලයෙනි.
කුඩා කල සිටම සංගීතයට ප්‍රිය කළ සුනිල් පෙරේරා වයස අවුරුදු 11 දී ගිටාර වාදනය හැදෑරීමට යොමුවන අතර ප්‍රවීන වාදකයන් වූ වින්සන් ජයවර්ධන හා ජෝර්ජ් ෆර්ඩිනෑන්ඩු ඔහුගේ ගුරුවරු වූහ.
1969 දී පාසල් අධ්‍යාපනය නිම කළ පසු සිය පියාගේ 'ජිප්සීස්' සංගීත කණ්ඩායමට සම්බන්ධ වූ සුනිල් පෙරේරා මහතා පසුව පියල්, නිහාල්, ලාල්, නිමල් යන තම සොහොයුරන් සහ ඥාති සොහොයුරන් එක් කරගනිමින් එය මෙරට ජනප්‍රියම සංගීත කණ්ඩායමක් බවට පත් කළේය.
සාම්ප්‍රදායික කණ්ඩායම් සංගීත රටාවෙන් ඔබ්බට යමින් නවමු ගමනක් ආරම්භ කළ සුනිල් පෙරේරා ජිප්සීස් සංගීත කණ්ඩායම හරහා මෙරට සංගීත ක්ෂේත්රය උඩු යටිකුරු කළා යැයි කිවහොත් නිවැරදිය.
ඔහු සමාජයේ විවේචනය කළ යුතු දේ විවේචනය කරමින් ගායනා කළ ගීත ලොකු කුඩා කා අතරත් අතිශය ජනප්‍රිය විය.
මෙරට දේශපාලනයේ විවේචනය කළ යුතු තැන් හා සමාජ දුර්වලතා විවේචනය කිරීමට ඔහු නිර්භයව සිය නිර්මාණ යොදා ගත්තේය.
' එතුමා', 'අයි ඩෝන්ට් නෝ වයි' ආදී ගීත ඒ සඳහා උදාහරණයන් ය.
මුල් කාලයේදී ඔහුගේ ගීත රාජ්‍ය මාධ්‍යවල විකාශය නොවීමටද මෙම විවේචනාත්මක නිර්මාණ හේතුවිය.
තාත්තා මට ඇනපු ටොක්ක, සිංඤ්ඤෝරේ, ලුණු දෙහි, පාවෙන පීරිසියක්, වඩුවැඩෙන් දිවි රකින, කැඩපතකින් කිසි දවසක නෑ, නෝනෙ මගෙ සුදු නෝනේ, කොත්තමල්ලි, සුමිහිරි පානේ, ඕයේ ඔජායේ, පිටි කොටපං නෝනේ ආදී ගීත රැසක් ඔහු නිර්මාණය කර ගායනා කළේය.
70 දශකයේ ඇරඹි ජිප්සීස් සංගීත කණ්ඩායම අදටත් ඉහළ ඉල්ලුමක් ඇති සංගීත කණ්ඩායම වන අතර ඒ ආභාෂය ඇතිව කොතෙක් සංගීත කන්ඩායම් බිහිවුවද ජිප්සීස් හි ජනප්‍රියත්වය අදටත් එලෙසම පවතී.
ගීතා පෙරේරා මහත්මිය සමඟ විවාහ වූ සුනිල් පෙරේරා මහතා ඩැඩී සංගීත කණ්ඩායමේ නිර්මාතෘ, ජනප්‍රිය ගායක ගයාන් පෙරේරා මහතා ඇතුළු දරුවන් සිවු දෙනකුගේ පියෙකි.
(ඡායාරූප ශාන්ත රත්නායක)










COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබට නිවන් සුවම අවබෝධ වේවා...!!!
ප්‍රිය ගායකයාණෙනි, ඇයි නික්ම යන්නට ඔබට මෙපමණ හදිසියක්? ජාති බේදයක් නැතිව ඔබගේ ගීතවලට ඇලුම් කල සුවහසක් රසික ජනතාව තනිකර දමා, අද ඔබ නික්ම ගොසිනි.. මෙලොව ඉපදුණු සෑම කෙනෙකුම කවදා හෝ යායුතු ගමනක් ඔබටද යන්නට සිදුවී ඇත.. එයයි ලෝක ධර්මතාවය.. ගතින් නික්ම ගියත්, රසිකයින්ගේ හදවත් තුළ ඔබ සදා ජීවමානව වෙසෙනවා ඇත.. පාටියක් කොතනද, ඔබ එතැන ඇත. ඉතින් ඔබ මියගියා යයි කෙලෙස පවසන්නද? ප්‍රිය ගායකයාණෙනි, ඔබට සුබ ගමන්...!!!
හරිම දුකයි... ඔබට සුබ ගමන්...!!!
හරිම දුකයි.. ඔබට සුබ ගමන්...!!!
අපගේ හදවත් ගායනයෙන් මුසපත් කළ ඔබට පතන්නෙමි අජරාමර නිවන් සුව... !
අප කුඩා කල පටන් අපි කැමැති ගීත ගොන්නක් අපිට දුන්න ඔබතුමාට නිවන් සුව ලැබේවා...!!!
ආදර සුනිල් අයියේ….. ගතෙන් අප හැර ගියත්……. හදවතින් සැමදා අප සමගයි……
පුදුමාකාර මිනිසෙක් මේ ... මනුෂ්‍ය හැඟීම් සමුදායක් සුමියුරු සංගීතයකට පෙරලන්න පුලුවන් මේ විදියෙ ජගතෙක්
මංගලගෙ වියෝව වගේ, කෙලින්කතා කරන අය නැති කරන වෛරසයක්. ඔබ අප අතහැර ගියේ යැයි නොසලකමු. සැමදා ඔබ අප සමගයි. ඔබට නිවන්සුව.!
ඔබ ජීවමාන පුරාවෘත්තයකි. සුභගමන් සහෝදරයා.
මට කියන්න අවශ්‍යයි, ඇත්තෙන්ම හරිම සිත්ගන්නා ගායකයෙක්.
සංහිදියාවේ තවත් පුරුකක් මෙසේ නික්ම ගිය වගයි. සුනිල් අයියා ඔබට නිවන් සුව.!
මෙරටේ සිටින මගේ කිට්ටුම මිතුරෙකු වන සම්මානනීය ප්‍රවීණ ටෙලිනාට්‍ය අධ්යක්ෂ වරයෙකු ඔහු හා සුනිල් පෙරේරා මහතා එකට ඉන්නා ඡායාරූපයක් ඒවා සුනිල් පෙරේරා මහතා ගැන අපූරු කතාවක් කිව්වා.ඒක මා මේ වෙලාවේ නොකියා හිටියොත්,කුහකකමක් වෙනවා.ඒ නිසා ඒ ගැන සුනිල් පෙරේරා මහතාට ගෞරවයක් වෙන්න පුංචි සටහනක් දානවා.මගේ මිතුරාටත් ශිල්ප ඉගැන්වූ තවත් සම්මානනීය චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකුට පැදුරු පාටියක් දමන ලෙස සුනිල් පෙරේරා මහතා පවසා තිබෙනවා.ඒ අවස්ථාවේදී,ඉහත චිත්‍රපට අධ්යක්ෂවරයා මුදල් නැති නිසා එය කළ නොහැකි බව පැවසුවත්,සුනිල් මහතා එය කළ යුතුමයි කියා තිබෙනවා.පැදුරු පාටියකට නම් බැහැ සුනිල් ,ඔයයි අපි දෙතුන් දෙනයි එකතුවෙමු යැයි කීමෙන් පසු සුනිල් පෙරේරා මහතා පිටව ගොස් තිබෙනවා. තවත් ටික වෙලාවකින් පසු සුනිල් මහතාගේ රියැදුරු චෙක් පතක් සහිත කවරයක් ගෙනැවිත් දී තිබෙනවා.චෙක්පත ලොකු මුදලක් සහිත එකක්ලු.තවත් ටික වෙලාවකින් සුනිල් පෙරේරා මහතා මීතුරාට කතාකොට ඔන්න පැදුරු පාටිය හොඳට තියෙන්න ඕනෑ කියා කිව්වාලු.කිව්ව විදිහටම එය හොඳටම තිබුණාලු.සුනිල් පෙරේරා මහතා කියන්නේ, හරිම සුන්දර පරිත්‍යාගශීලී මිනිසෙක්.
සමාදානයේ සැතපේවා සුනිල් අයියා
බොහෝ නොවටිනා මිනිසුන් අතර සිටි වටිනා මිනිසෙක්... වියෝවීම ඉතාම කණගාටුදායකයි. ඔබට නිවන් සුව..!
ඔබගේ ගීත අසමින් ලැබූ ඒ් සතුටට ස්තුතියි . සුබගමන්
ඔබතුමත් රටට වටිනා මිනිසෙකි.. ලොවෙන් සමුගත් වටිනා මිනිසුන් ගොන්නට එක්වූ මිනිසෙකි.. සමාදානයේ සැතපේවා! ඔබට නිවන් සුව..!
ඔබේ අගය අපිට පෙරටත් වඩා දැනේවි... ලොවේ සැමා එකම දැයේ දූදරුවන් වේවා...! ඒ ගාම්භීර හඬ අපේ හදවත් තුළ දෝංකාරය දෙනවා. නොසිතු මොහොතක ඔබ අප හැර ගියා. ඔබ දෙව්මව් තුරුලේ සැතපේවා...!