
(කාංචන කුමාර ආරියදාස)
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය අද අලුයම හතරට විවෘත කිරීමත් සමග එළවළු ලැබීම අලෙවි වීම සහ මිල විශාල වශයෙන් පහත වැටෙමින් පැවැති බව ආර්ථික මධ්‍යස්ථාන වෙළෙන්දෝ පවසති
පෙරදින එළවළු තොග විශාල වශයෙන් ලැබීමත් සමග දිවයිනේ නන් දෙසින් පැමිණි වෙළෙන්දන් එම එළවළු තොග රැගෙන යෑමත් සමග මෙදින ලැබෙන එළවළු සඳහා මිල පහත ගොස් ඇති බව ඔවුහු පවසති
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය තුළ පෙරදා අලෙවි වූ එළවළු තොග මිලට සාපේක්ෂව සියයට 40 කින් පමණ අඩු වීමක් දක්නට තිබේ .කෙසේ වෙතත් ආර්ථික මධ්‍යස්ථානය තුළ පලතුරු වර්ග වැඩි වශයෙන් මෙදින ලැබී තිබීම විශේෂත්වයකි.
කෙසෙල් සහ මිදි ඒ අතර වෙයි, යාපනය අර්ධධද්වීපයෙන් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට වැඩිවශයෙන් මෙදින මිදි තොග ලැබී තිබීම විශේෂත්වයක් වන අතර හොඳ තත්වයේ පවතින මිදි කිලෝවක් රුපියල් 300 ක මිලකට අලෙවි වෙද්දී මධ්‍යම ප්‍රමාණයේ මිදී කිලෝවක තොග මිල වූයේ රුපියල් දෙසීයක් බව වෙළෙන්දෝ පවසති.
පිටස්තර ප්‍රදේශවලින් පැමිණි වෙළෙන්දන් යාපනයේ මිදී මිලදී ගැනීම සඳහා වැඩි උනන්දුවක් දක්වමින් ඇති බවත් කිලෝව රුපියල් 200 බැගින් බොහෝ වෙළඳුන් යාපනයෙන් මිදි රැගෙන යන අයුරු ද දඹුල්ලේ දී දැක ගැනීමට හැකිවිය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිට පළාත්වල එළවළු සහ පළතුරු ගිනි ගණන්. අතරමැදියන් වගේම කූට වෙළඳුන් විසින් ගොවීන් සහ ජනතාව ගසා කනව. මීට විසඳුමක් ලෙස ගොවීන්ගෙන් සාධාරණ මිලට එළවළු සහ පළතුරු මිලදී ගෙන පාරිභෝගිකයාට අලෙවි කිරීමේ වැඩපිළිවෙළක් රජය මගින් ක්‍රියාත්මක කිරීමට කඩිනම් පියවරක් ගත යුතුය.
නෝ කමෙන්ට්