(රංජන් කස්තුරි)
අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ -2021 විභාගය ලබන වසරේ 2022 පෙබරවාරි මස 21 වැනි දින සිට මාර්තු මස 3 වැනි දින දක්වා කාලය තුළදී පැවැත්වෙන බව අධ්‍යාපන අමාතයංශය සඳහන් කරයි.
අධ්‍යාපන පොදු සහාතික පත්‍ර උසස් පෙළ 2021 වාභාගය නොවැම්බර් මස 15 වැනි දින සිට දෙසැම්බර් මස 10 වැනි දින දක්වා පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍යංශය කියයි.
මේ අතර ශිෂ්‍යත්ව විභාගය නොවැම්බර් මස 14 වැනි දින පැවැත්වෙන බව අධ්‍යාපන අමාතයංශය සඳහන් කරයි.
කෝවිඩ් හේතුවෙන් දින වකවානු වෙනස්විය හැකි බව ද අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාසල් විවෘත කරන්නේ කවද්ද? බොරුවට ඔන්ලයින් එකක් අටවගෙන හැමදාම ඒ ළමයින්ගෙන් මුදල් අයකරනවා. ජාත්‍යන්තර පාසල්, අපි ඔන්ලයින්වලට ගෙවන්නත් ඕන, පාසල් වලට ගෙවන්නත් ඕනැ.. අවුරුදු 02ක් රටම වහලා... මේවා ගැන කවුද හොයා බලන්නේ..?
කරුණාකරලා 5 ශිෂ්‍යත්ව විභාගය හැකි ඉක්මනින් තියන්න.
කලබල වෙන්නෙපා... මඩේ හිටවපු ඉනි දෙකක්..
අධ්‍යාපන අමාත්‍යාංශය අවුරුදු 2තිස්සේ පිස්සු නටනවා. කිසිම වැඩ පිළිවෙළක් නැහැ. ඕන කෙනෙකුට තේරෙනවා නොවැම්බර් වල කිසිදු විභාගය ක් තියන්න බැහැ කියලා. ගුරුවරුන් ගේ ප්‍රශ්නෙ ඉඳල ම සියලු වැඩ අනාගෙන. ළමයින්ට වැක්සීන දෙන්න වැඩ පිළිවෙළක් හදලද. ගුරුවරුන් ට දුන්නේ විදුහල්පති ලා සංවිධානය කරල වෛද්‍යවරුන් එක්ක . කරුණාකරල පාසල් මට්ටමේ වැඩ පිළිවෙළක් හදන්න. පාසල් විවෘත කිරීම ඊට පස්සේ කතා කරන්න .
තවම 2020 O/L විභාගයේ ප්‍රතිඵල නැත.කිසිදු උත්තරයක් මේවන විට විභාග දෙපාර්තමේන්තුව නිකුත් කර නැත. දරැවන්ට උසස් පෙළ කරන්නට විෂයන් තෝරා ගැනීමට ලත වෙවි ඉන්නවා. ප්‍රයෝගික විභාග ඔන්ලයින් කරන්නෙත් නැතිව කුමන අගාධයකට ලමයි ගෙන යාවිද?