
(මඩුකන්ද සිතුම් චතුරංග සහ රොමේෂ් මධුෂංක)
නිරෝධායන නීති උල්ලංගනය කරමින් යාපනය අච්චුවේලි ප්‍රදේශයේ මියගිය පුද්ගලයකුගේ අවසන් කටයුතු විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් සිදුකොට ඇතැයි යාපනය සෞඛ්‍ය අංශ පවසයි.
අච්චුවේලි ප්‍රදේශයේ වෙල්යායක දී පසුගිය 02 වැනිදා අකුණුසර වැදී අදාල පුද්ගලයා මියගොස් සිටි අතර ඔහුගේ දේහයේ අවසන් කටයුතු හින්දු චාරිත්‍ර අනුව සිදුකෙරිණි.
එලෙස මියගොස් ඇත්තේ යාපනය අච්චුවේලි ප්‍රදේශයේ පදිංචි තිදරු පියකි.
මියගිය පුද්ගලයාගේ දේහය රන්සිළු ගෙයක් නිර්මාණය කොට ආදාහනය සඳහා සුසාන භූමිය වෙත රැගෙන යාමත් බෙර වයා රැගෙනයාමද අච්චුවේලි ප්‍රදේශවාසීන් සිදු කර ඇත.
දේහයේ අවසන් කටයුතු සඳහා නිරෝධායන නීති උල්ලංගනය කරමින් අච්චුවේලි ප්‍රදේශයේ පුද්ගලයින් 600කගේ පමණ සහභාගීත්වයෙන් පවත්වා ඇතැයි සෞඛ්‍ය අංශ පැවසීය.
අවම සෞඛ්‍ය මාර්ගෝපදේශ හෝ අනුගමනය නොකරමින් මෙම අවමංගල්‍ය වැඩසටහන පවත්වා ඇති බවත් එය යාපනය ජනයාගේ සෞඛ්‍ය තත්වයට දැඩි අවධානමක් බවද යාපනය සෞඛ්‍ය අංශ වැඩිදුරටත් පැවසීය.
යාපනය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයෙන් විමසීමේදී එහි නිලධාරියකු පැවසූයේ සිද්ධිය සම්බන්ධයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සොයාබැලීම් සිදුකරන බවත්ය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එක රටක්... නිති ගොඩක්...
අපි ඡන්දෙ නොදුන්නා නම් මේ ගොල්ලන්ට අර හොයාගත්ත ලැම්බෝගිනි ලබෙයි නේද?. මම මැට්ටොත් දකිනවා නමුත් මෙහෙම...!
අපේ පොලිසියට මේ ගොල්ලන්ව කොන්ට්‍රෝල් කරන්න බැහැ. ඉන්දියන් පොලිසිය ගෙනෙමු..
මිනිස්සුන්ගේ මනසට කොරෝනා බලෙන් දැම්මට ජනතාව දන්නවා කොරෝනා කියන්නේ තනිකරම බොරුවක් කියලා.
දැන් කොරෝනා හැදිලා හරි මොකක් හරි වෙලා යයි.
සියලු දෙනාම මුව ආවරණ පැළඳ සිටිනු දැකීම සතුටක්...
යාපනේ අය එස්. බී. දිසානායක කියනදේ අහනවා. එකයි මේ සෙනග.
වසංගත සමයේ දේශපාලන කෙරුමෙක් නොවන සාමාන්‍ය මනුෂයෙක් ගේ අවමගුලකදී මෙවන් සෙනගක් රැස්වීමට තරම් මේ මිනිසා තම ක්‍රියාවෙන් ජන ප්‍රසාදයට පත්ව සිටින්නට ඇති.