
(සුජිත් හේවාජුලිගේ සහ ශාන්ත රත්නායක)
මෙරට නිපදවූ පළමු සේලයින් තොගය වෛද්‍ය සැපයුම් අංශයට අද (5)බාරදී ඇත.
මෙසේ බාරදී ඇති සේලයින් බෝතල් සංඛ්‍යාව ලක්ෂ දහයකට අධිකය.
මින් ඉදිරියට මෙරටට සේලයින් ආනයනය සම්පූර්ණයෙන්ම නතර කරන බව රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ සභාපති වෛද්‍ය උත්පල ඉන්ද්‍රවංශ මහතා පැවසීය.
මෙහි දෙවන පියවර වශයෙන් ඉදිරියේදි සේලයින් බෝතල් දෙකෝටි පනස් ලක්ෂයක් අපනයනය කිරීමට අපේක්ෂා කරන බවද ඔහු සදහන් කළේය .
ශ්‍රී ලංකාවේ පළමුවරට දේශීයව නිෂ්පාදනය කරන ලද සේලයින් තොගය වෛද්‍ය සැපයුම් අංශයට බාර දීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ ඖෂධ නිෂ්පාදන සැපයුම් සහ නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසූවේ අවලාද, මඩ ප්‍රචාර, ගැරහුම් මධ්‍යයේ දේශීයව ඖෂධ නිෂ්පාදනය කිරීමේ අභියෝගය ජය ගත් බවයි.
රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ එස්.පී.එම්.සී ලේබලයෙන් පාරිභෝගිකයා අතට පත්වන්නේ උසස්ම ඖෂධ පමණක් බව රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කීවේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කැළණි ගඟේ වතුරද දන්නේ නැහැ.?
ඉතාම හොදයි. අප රට තුල තව තවත් ඖෂධ නිෂ්පාදනය කිරීමට ඔබ සැමට හැකි වේවා.....
හොඳ වැඩක්. දේශීය බෙහෙත් වලටත් ඔලුව උස්සන්න ඉඩක් දෙන්න.
ලේබලය SPMC. බඩු පුද්ගලික අංශයේ.
ඉතා සතුටුදායක තත්ත්වයක්. මේවාට විරුද්ධත්වය පළ කරමින් කතා කිරීමට පෙළඹී සිටින්නේ ඖෂධ ආනයනය පසුපස සිටිමින් අසරණ රෝගීන්ගෙන් ගසා කෑමට හුරුව සිටින්නන් බව පෙන්වා දිය යුතුය. හැකි සෑම ඖෂධයක්ම මෙරට නිෂ්පාදනය කිරීමට ශක්තිය ලැබිය යුතුයි.
මේ ව්‍යාපෘතිය ආරම්භ කල යහපාලන ආණ්ඩුවේ සෞඛ්‍ය ඇමති ගරු රාජිත සේනාරත්න මැතිතුමාට උපහාර වේවා !!!
සුපිරි වැඩක්. මෙම කාර්ය තව දුරටත් පුළුල් කර ඉදිරියට යාමට හැකි වේවා.
යහපාලන සමයේ පටන්ගත් තවත් එක් ව්‍යාපෘතියක්...
අපට අවශ්‍ය හැමදේම අපේ රටේම හදමු. දේශපාලු කොමිස් කාක්කෝ තමයි රටේ දියුණුවට වෙට්ටු දාන්නේ.
මෙහි දක්වා ඇති අදහස් අනුව මිනිසුන්ගේ මානසික මට්ටම් කුමක් දැයි තේරුම් ගැනීම පවා අසීරු බවයි මට නම් දැනෙන්නේ.
ඉතාම හොඳ වැඩක්... ඒත් ආනයනය දැන්ම නතර කරන්න එපා..