(සෝමසිරි හිඟුරල ආරච්චි)
දැරණියගල ප්‍රදේශයේ කාන්තාවක දැලිපිහි ප්‍රහාරයකින් දැරණියගල ප්‍රදේශීය සභාවේ සභාපතිවරයාගේ නාසය කැපීම නිසා ප්‍රතිකාර සඳහා දරණියගල රෝහලට ඇතුළත් කර ඇතැයි සීතාවක කොට්ඨාස විශේෂ අපරාධ පොලිස් විමර්ශන ඒකකය කියයි.
සභාපතිවරයා කිසියම් අවශ්‍යතාවකට දැරණියගල දෙල්ඔළුව ප්‍රදේශයට ගොස් ආපසු එමින් සිටියදී කිසියම් දැරණියගල පොලොන්නරුව කඩය අසල සිය රථය නැවතූ අවස්ථාවේ එම ස්ථානයට ආ ඔහුගේ හිතවත් කාන්තාවක දැලි පිහියකින් පහරදීමට උත්සහ කළ බවත් එය වැළැක්වීමට යාමේදී නාසය කැපී ගිය බවත් සභාපතිවරයා පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් වේ.
සැකකාර කාන්තාව ද දැරණියගල ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් බවත් සභාපතිවරයා හා ඇය ළඟන් ඇසුරු කර ඇති බවත් වාර්තා වෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙනම් කපන්නම හිතාගෙන එන්න ඇත්තේ?
ලංකාවේ දේශපාලුවන්ට ඔහොම කරලා මදි.
නමට, පිරිමි යයි කියා ගන්න නපුංසකයින් බහුතරයක් ඉන්න රටේ, එවැනි දිරිය කාන්තාවන් තමයි මේ රටට අවශ්‍ය වන්නේ.
මේක පොඩි පෞද්ගලික ප්‍රශ්නයක් වගේ.
මේ මොකද මේ වලිය
වැරැදි වැඩ කළාම නහය කපන්නත් පුළුවන්...
ඇති නහය විතරක් කපල බේරුවා
හොඳ වෙලාවට නාසය... පොඩ්ඩක් පල්ලෙහාට වැදුණානම් ඉවරයි.
හිතවත්කම වැඩි නිසා වෙන මොකක් හරි හිතුණාද දන්නේ නැහැ...
ඉස්සරහට දේශපාලකයින්ට මාස්ක් දාලා හරියන්නේ නැහැ. හෙල්මට් දාන්න වෙයි.
ජනතාව වහල්කමින් මිදෙමින් සිටිති.
වතු පාලක කෙනෙක් මරපු සභාපති කෙනෙක් හිටියෙත් දැරණියගල සභාවෙ නේද? පැත්තෙ හැටි වෙන්න පුළුවන්...
දැන් මහජන මුදල් ගසා කාල ජොලි කරපු යුගය කණපිට හැරීගෙන එන්නේ... කළ පව් හෙවනැල්ලක් මෙන් පසුපස හඹා එනවාමයි.
මේක වෙන්න ඇත්තේ මොකක්හරි වරදක් කරලා ඇති.