(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සැපයීම සහ ආහාර සැඟවීම වැළැක්වීම සඳහා ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයට පත් කෙරුණු හදිසි නීති රෙගුලාසි සම්මත කිරීම සඳහා විශේෂ විවාදයක් පාර්ලිමේන්තුවේදී හෙට ( 6 ) පැවැත්වේ.
මෙම විවාදය උදේ 10.30 සිට සවස 4.30 දක්වා පැවැත්වීමට නියමිතය.
පාර්ලිමේන්තු රැස්වීම හෙට ( 6) මන්ත්‍රීවරුන්ගේ ප්‍රශ්න වාරය සඳහා මුලින්ම වෙන් කර තිබූ නමුත් හදිසි නීති රෙගුලාසි පිළිබඳ විවාදයට අවස්ථාව ලබාදීම සඳහා එය හදිසියේම අවලංගු කළ බව පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය පවසයි.
පාර්ලිමේන්තුවේ දී අනිද්දා (7) මුදල් පනත් පිළිබඳ විවාදයක් පැවැත්වේ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අත්‍යාවශ්‍ය සේවා කියන්නේ ආහාර නිෂ්පාදනය, බෙදා හැරීම, මේ වගේ තවත් බොහෝ දේවල්... ලංකාවේ හෝටල්, රෙස්ටුරන්ට් වහලා මේවා අත්‍යාවශ්‍ය සේවා නෙවෙයිද?