
තුසිත කුමාර ද සිල්වා
බේරුවල නගර සභාව මගින් පාලනය වන කසල බැහැර කරන ට්‍රැක්ටර් රථ ඇතුළු අත්‍යවශ්‍ය සේවාවල යොදවා තිබෙන වාහන රැසක් ඉන්ධන අර්බුදයක් හේතුවෙන් නගර සභා පරිශ්‍රය ඉදිරිපිට ගාලු පාරේ ගාල්කර තිබේන බව නගර සභාව කියයි.
දෛනිකව එම රථ වාහන නිසි ලෙස ධාවනය සඳහා දින තුනක කාලයක සිට ඉන්ධන නිසි පරිදි නොලැබෙන බැවින් එම වාහන ධාවනය නොකර රියදුරන්ට නිහඬ පිළිවෙතක් අනුගමනය කරන්නට සිදුව ඇතැයි ද නගර සභා බල ප්‍රදේශයේ කසළ එකතු කරන සෞඛ්‍ය කම්කරුවන් ඇතුළු රියදුරන් ඇතුළු සේවකයින් තිස් දෙනකුට පමණ සිය රාජකාරි ඉටු කිරීමට නොහැකි වී ඇති බවත් බේරුවල නගර සභාවේ නගරාධිපති අල්හාජ් මසාහිම් මොහොමඩ් මහතා පවසයි.
නගර සභාව ඉන්ධන ලබා ගන්නේ බේරුවල විවිධ සේවා සමුපකාර සමිතියෙ ඉන්ධන හලෙන් ඉන්ධන ලබා ගැනීමේදී අදාල ගෙවීම් කටයුතු කළ යුත්තේ ලේකම්වරිය විසිනුයි විෂයභාර නිලධාරීන් සිටියත් චෙක්පත්වලට අත්සන් කිරීමට ලේකම්වරිය කටයුතු නොකිරීම මෙම අර්බුදයට හේතුවයි.
දැන් බේරුවල නගර සභා බල ප්‍රදේශය ම දුගද හමන්නට පටන්ගෙන තිබෙන්නේ මේ තත්වයට ඉක්මනින් විසදුමක් අවශ්‍ය වෙනවා නගර සභාවක් හැටියට ජනතාව දොස් කියන්නෙ පාලක පක්ෂයේ මහජන නියෝජිතයන්ට



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බේරුවල ඉන්නේ කිඹුල් පැටව්. ඒකයි ඔය බේරුවලට විතරක් තෙල් නැති වෙන්නේ.
ලේකම්ට දොස් කියලා හරියන්නේ නැහැ. සභාපතිවරයා ඇතුළු සභා නියෝජිත පිරිස් ඡන්ද එකතු කරන්න මුදල් නාස්ති කළාම ලේකම්ට ගෙවන්න මුදල් නැතුව චෙක් අත්සන් කරන්නේ කොහොමද? සභාපති හදන්නේ ලේකම් එලවලා වෙන කෙනෙක් ගන්න කියලා කියන්න පුළුවන්...