(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙනුවෙන් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ වටයක් හෙට(6) පැවැත්වෙන බව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවැසීය.
පාර්ලිමේන්තු සේවකයන් සහ පාර්ලිමේන්තුව ආවරණය කරන මාධ්‍යවේදීන් සඳහාද එම පරීක්ෂණවලට යොමුවිය හැකි බව හෙතෙම සඳහන් කළේය.
කෙසේ වෙතත් කැමතිනම් පමණක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඊට යොමු විය හැකි බව පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය පවසයි.
මෙම රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ පාර්ලිමේන්තු පරිශ්‍රයේදී උදේ 9.30 සිට දහවල් 12:30 දක්වා පැවැත්වෙනු ඇත.
පාර්ලිමේන්තුවේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් එවැනි පරීක්ෂණ වටයක් ක්‍රියාත්මක කරන්නැයි සෞඛ්‍ය අංශ නිලධාරීහු පාර්ලිමේන්තු ප්‍රධානීන්ට පසුගියදා දැනුම් දුන්හ. මෙම පරීක්ෂණ වටය සඳහා කටයුතු සූදානම් කරනු ලැබ ඇත්තේ ඉන් අනතුරුවය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සහ පාර්ලිමේන්තු සේවකයෝ 50කට ආසන්න පිරිසක් පසුගිය කාලයේදී කොවිඩ් වයිරසයට ගොදුරු වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය ඇන්ටිජන් බොරුව නතර කරන්න. බලෙන් දීලා හොයන්න ඕනේ නැහැ. ලෙඩක් නම් හැමෝම දන්නවා බෙහෙත් අරගන්න.
සල්ලි අපෙන්. බලහතක්ාරයෙන්ම ඇන්ටිජන් එයාලට.