(අංජුල මහික වීරරත්න)
රට වසා තැබීම නිසා රත්නපුර දිස්ත්‍රික්කයේ සුළු මැණික් ව්‍යාපාරිකයින්ගේ ව්‍යාපාර කටයුතු අඩාල වී ඇති බැවින් ඔවුනට රුපියල් 25,000 ක පොලී රහිත ණයක් දෙන්නැයි රජයට යෝජනා කළ බව ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසයි.
මෙම යෝජනාව මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත, බන්ධනාගාර හා සිරකරුවන් පුරත්ථාපන කටයුතු රාජ්‍ය ආමත්‍ය ලොහාන් රත්වත්තේ මහතාට ද යොමු කළ බව වාසුදේව නානායක්කාර මහතා කියයි.
රත්නපුර දිස්ත්‍රික්කයේ මහජන නියෝජිතයකු ලෙස මේ යෝජනාව ඉදිරිපත් කළ බවද නානායක්කාර මහතා වැඩිදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩේ හොඳයි. ඒත්, රටේ මිනිසුන්ට විඳින්න එන්නත් ගේන්න හදනා විට, මහා ඉහළින් සද්දේ දාලා නැවැත්තුවේ මෙතුමා තමයි. තවත් මේ වගේම කිහිපදෙනෙක් ඒ අදහසට උඩගෙඩි දුන්නා. දැන් නිකන් මුකුත් නොදන්න බබාලා වගේ ඉන්නවා. එන්නත් කලට වෙලාවට නොවිදීම නිසා කිසියම් ජීවිත සංඛ්‍යාවක් මියගියේ නම්, එයට මෙතුමා ඇතුළු ඒ කිහිපදෙනා වගකිව යුතුයි. කලට වේලාවට එන්නත් විදීම නොකළ නිසා ජනපති ඇතුළු රජය අපකීර්තියට පත්වුණා. එහි වගකීමද මේ අය බාරගත යුතුයි. අද රජයට බැන්නත්, එයට වගකිවයුතු අයට කව්රුවත් බනින්නේ නැහැ.
මෙලහකට ගජ මිතුරන් ටිකක් ඇති පතල් හාරන... නහින දෙහින කාලේ ගෙදර ඉන්නේ නැතිව පව් දෙනවා මිනිස්සුන්ට.. කොරෝනා වලට එන්නත් ගේන්න ඕන නෑ කිව්වෙත් මෙයා තමයි. දැන් බොරු අනුකම්පාව... ඡන්ද ගුණ්ඩු...
මේ මනුස්සයාව අල්ලලා. ඔය රැවුල කපන්න කෙනෙක් නැද්ද? ඊටපස්සේ මෙයාට සනීප වෙන්නත් ඉඩතියෙනවා.
ඔය හදන්නේ පතල් කාරයින් ලෙස නම් කරලා ගෝලයින් කීපදෙනෙක්ට 25000 බැගින් අරන් දෙන්න.
රටට වැඩක්ම නැති අය මොන කරුමයකට පාර්ලිමේන්තු එනවද මන්දා.?
දැන්වත් ගෙදර යන්න බැරිද ඇත්තටම. මෙතෙක් කල් ප්‍රගතිශීලී ආණ්ඩු කිය කියා හොරුත් එක්ක රට විනාශ කර ලාංකික ධනපති විනාශ කර ආයෝජනය විදේශික සමාගම් වලට ලබාදුන්නේ මේ කට්ටිය.
අච්චර හොඳ මිනිස්සු අපෙන් ඈත්වෙනවා, සති කීපයකට පෙර මංගල, ඊයෙ සුනිල් පෙරේරා ඒත් මේ වහන්තරාවන් කුනුගොඩවල් තාමත් අපි පෙලමින් අපි සමගයි. දෙවියනි ඔබ කොහෙද?