(සුජිත් හේවාජුලිගේ )
එන්නත් මාත්‍රා දෙකම ලබාගත් සහ මෙරටට පැමිණීමෙන් පසු නිරෝධායන කාලය දින 14 අවසන් කළ විදේශිකයන්ට සංචාරක බුබුලෙන් ඉවත්වී රට පුරා සංචාරය කිරීමේ අවස්ථාව ලබාදීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තීරණය කර ඇත.
මේ තීරණය සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ප්‍රාදේශීය සෞඛ්‍ය නිලධාරීන්ට විශේෂ චක්‍රලේඛයක් මගින් දැනුම් දෙනු ලැබ ඇත.
මේ අනුව මෙම කරුණු සපුරන සංචාරකයන්ට නිරෝධායන කාලයේදීද රට පුරා ගමන් කිරීමේ හැකියාව උදා වන බව සංචාරක සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ධම්මිකා විජේසිංහ මහත්මිය පැවසුවාය.
මේ අතර මෙරටට පසුගිය මාසයේදී සංචාරකයන් පන් දහස් හතළිහක් පැමිණ ඇත.
මේ සංචාරකයන් පැමිණ ඇත්තේ කැනඩාව, ජර්මනිය, එංගලන්තය ,ඉන්දියාව සහ පාකිස්ථානය යන රටවලිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දියාවෙන් පාකිස්ථානයෙන් ආපු අය නැවත ගියාද කියලා හොයලා බලන්න වටිනවා...
ලංකාවට එන්න කළින් නිවුස් බලනවා හැම කෙනාම... ඔක්කොම නිවුස් තියෙන්නේ කොරෝනා මරණ ගැන, ඩෙල්ටා ගැන, මිනී කඩු ගැන, බොරුවැඩ නොකර පළමුව මීඩියාවල පුවත් පාලනය කරන්න. රටම විවාත කරන්න. හැමදාම බොරුවෙන් කන්න අමාරුයි. දැන් අවුරුදු 2ක් කෑවානේ..