(ඩයනා උදයන්ගනී සහ විනීතා එම් ගමගේ)
මෙරට කණ්ඩායම් සංගීත ක්ෂේත්‍රයේ ප්‍රවීණයකු වූ, ජිප්සීස් සංගීත කණ්ඩායමේ නායක සුනිල් පෙරේරා මහතා අද (6) අලුයම අභාවප්‍රාප්ත විය.
කොරෝනා ආසාදනය වී රෝහල්ගතව සිටි ඔහු දින කිහිපයකට පෙර සුවය ලබා නිවසට ගිය අතර යළි ඇතිවූ හදිසි රෝග තත්වයක් හේතුවෙන් ඊයේ (5) දිනයේදී යළිත් පෞද්ගලික රෝහලකට ඇතුළත් කර තිබිණි.
එහි ප්‍රතිකාර ලබමින් සිටි සුනිල් පෙරේරා මහතා මිය යන විට 68 හැවිරිදි වියෙහි පසුවිය.
ගායකයකු, වාදකයකු, සංගීතඥයකු මෙන්ම ගීත රචකයකු ද වූ සුනිල් පෙරේරා මහතා මෙරට කණ්ඩායම් සංගීතයේ විප්ලවයක් කළ අයකු ලෙස සැලකේ.
ඔහු සමාජයේ විවේචනය කළ යුතු දේ විවේචනය කිරීම සඳහා සිය නිර්මාණ හැකියාව යොදා ගත් කලාකරුවෙකි. සිංඤ්ඤෝරේ, ලුණු දෙහි, පාවෙන පීරිසියක්, වඩුවැඩෙන් දිවි රකින, ලංකාවේ, එහෙම වෙන්නෙ ඇයි අයි ඩෝන්ට් නෝ වයි, කැඩපතකින් කිසි දවසක නෑ, නෝනෙ මගෙ සුදු නෝනේ, කොත්තමල්ලි, සුමිහිරි පානේ, ඕයේ ඔජායේ, පිටි කොටපං නෝනේ ආදී ගීත රැසක් ඔහු නිර්මාණය කර ගායනා කළේය.
සිය පියාගේ 'ජිප්සීස්' සංගීත කණ්ඩායමට වයස අවුරුදු 11 දී පමණ සම්බන්ධ වූ සුනිල් පෙරේරා මහතා පසුව පියල් පෙරේරා ඇතුළු තම සොහොයුරන් හා ඥාති සොහොයුරන් එක් කරගනිමින් එය මෙරට ජනප්‍රියම සංගීත කණ්ඩායමක් බවට පත් කළේය.
ගීතා පෙරේරා මහත්මිය සමඟ විවාහ වී සිටි සුනිල් පෙරේරා මහතා ඩැඩී සංගීත කණ්ඩායමේ නිර්මාතෘ, ජනප්‍රිය ගායක ගයාන් පෙරේරා මහතා ඇතුළු දරුවන් සිවු දෙනකුගේ පියෙකි. ඔහුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම් දෙන බව ඥාතීන් පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරිම හිත හොඳ කෙනෙක්, හරිම දුකයි, හොඳ තැනක යලි ඉපදේවා.
ඉතාම කනගාටුදායකයි. හොඳ මිනිහෙක්. ඔබට නිවන් සුව!
සමාදානයේ සැතපේවා!
සංගීත ක්ෂෙත්‍රය නවමු මගකට යොමු කල ඔබ අපට නැවත හමු නොවනු ඇත. නමුත් ඔබගෙන් සිදු වූ මෙහෙය සදානුස්මරණීය වනු ඇත. ඔබ පැතූ මග විවර වේවා ! සුබ ගමන් !
සංගීතයේ ලේජෙන්ඩ් කෙනෙකුගේ නික්ම යාම. නිවන්සුව අත්වේවා.!
අතිශය කණගාටුදායක පුවතක්. කොවිඩ් රෝගයේ භයානකම සෙස්සන්ට කියාදී ඔබ නික්ම ගොස් ඇත..... ඔබට නිවන් සුව ලැබේවා....!!!
ලංකාවේ සංගීතයට ලොකු පාඩුව මෙතුමාගේ වියෝව. එහෙත් සැමදෙනාටම පොදු දහමට අප සියලුදෙනා යටත්. නිවන් සුව ප්‍රර්ථනා කරමි.
හොඳ කලාකරුවෙක්. නිවන්සුව ලැබේවා.!
සියලු යහපත් මිනිසුන් අපව හැර යයි, හරිම දුකයි. ඔහුට නිවන් සුව ලැබේවා.!
වැරදි දේට වැරදියි කියන්නත් නිවැරදි පැත්තට කතාකරන්නත් හොද කොන්දක් තිබුන කලා කරුවෙක්. රටේ හොද මිනිස්සු එකා දෙන්න මැරෙනව. ඉගනගත්තු හොද මිනිස්සු රට අතෑරල යනව අනේ මන්ද මොනව වෙයිද කියලා මෙහෙම ගිහිල්ල. අවසානයේ ලංකාව මොන තත්වයට වැටෙයිද කියලා අපි දන්නෙ නෑ.
අහෝ .. දුකකි. අප හදවත් සතුටින් තැබූ සුනිල් පෙරේරා මහතානෙනි, මේ සිදුවූ දෙයට හදවතින්ම දුක්වෙමි. ඊයේ දිනයේත්, මාගේ මාධ්‍ය මිතුරෙකු එවූ ඔබගේ වීඩියෝවක් බලා ඇති සේ සිනහ වීමු. ඔබගේ ආගම අනුව ඔබගේ පරලොව දිවියට සැනසීම ලැබේවා ... !!!
ජාතිවාදය ආගම් බේදයක් නැති රට වෙනුවෙන් පෙනීසිටිමින් සේවය කල එතුමාට මගේ ආගමට අනුව නිවන් සුව පතමි.!
නිවන් සුව අත්වේවා සුනිල් අයියේ.
ඔහුගේ ආත්මය සාමදානයේ සැතපෙවා...!!!
ඉතාමත් විශිෂ්ඨ කලාකරුවෙක්. සමාදානයේ සැතපේවා.!
රටේ සිටිය හොඳම ගායකයෙක් දේශපාලනය හෝ ඔහුගේ මතය පිළිබඳව කතා කිරීම වැදගත් නොවේ. ඔහුට නිවන් සුව ලැබේවා.
බන්දුල ගැනත් ආරංචියක් නැතිද?
පින්කෙත හෙළ රන් දෙරණේ යලි ඉපදෙන්නට හේතුවාසනා වේවා...
ලක්‍ෂ සංඛයාත රසිකයන්ගේ මන දොල පින වූ ඔබට නිවන් සුව පතමි. ඔබ වැනි අවංක දක්‍ෂ කලාකරුවන් ඉතා දුලබය.
මැරෙන්න ඕනේ අය තවමත් නිදැල්ලේ..... හොරාකනවා.....
මාගේ බලවත් ශෝකය.!
ලංකාවේ සංගීත කලාව තුල වෙනසක් කල කලාකරුවෙක්. සුබ ගමන් සුනිල් අයියා.
ඔබට නිවන් සුව අත්වේවා...!!!
ඔබට නිවන් සුව ලැබේවා...!!!
මේ දවස් වල කවුරුත් හිතන් නැති විදියට ගොඩක් අය අපෙන් සමු ගන්නවා කොරෝනා මාරාන්තිකයි පරිස්සම් වෙන්න. විශේෂයෙන් ගෙදර ඉන්න අම්මා තාත්තා. එතුමාට නිවන් සුව ලැබේවා.!
සුනිල් පෙරේරා මහතානෙනි,සුවවී නිවසට පැමිණ නැවතත් සිදුවූ මේ දෙයින් අපි බොහෝ සංවේගයට පත්වුනෙමු. ඔබ සමාදානයේ සැතපේවා ... !!!
සොමිය 1 සහ 2 ,පාටි ටයිම්ස් ,ඔජායේ , ලුණු දෙහි ,කොත්තමල්ලි ,ඇල්බම් සහ ගීත අපට දායාද කර දී නික්ම ගියා .හරිම දුකයි .ඔබ නිකංම ගියත් ඔබේ කටහඩත් ඒ ගීතත් ඒ ලබා දුන්න විනොදශ්වාදයත් අපගේ සිත් තුල සදා රැඳෙනු ඇත .ඔබේ ආත්මය සමාදානයේ සැතපේවා
සාමදානයේ සැතපේවා
වැරදි දේට වැරදියි කියන්නත්, නිවැරදි පැත්තට කතාකරන්නත් හොද කොන්දක් තිබුන කලා කරුවෙක්. ලංකික සංගීතයේ පුරාවෘත්තයක නික්මයාම. සාමදානයේ සැතපේවා.
හරිම කණගාටුදායක පුවතක්...
ජිප්සිස් සුනිල් මහතා ගැන බොහෝ අය බොහෝ දේ ලියනවා.මට කෙටියෙන් කියන්න තියෙන්නේ ඉතා ජනප්‍රිය ප්‍රාසාංගික ගීත කලාවක් සමග යහපත් දියුණු දේශපාලන පණිවුඩයක් සමාජය හමුවේ තැබූ කලාකරුවෙකු බවයි.ඔබට නිවන් සුව ලැබේවා.
සංගීතයේ අලුත් අත්දැකීමක් ලබාදුන් ඔබට අනේක වරක් ස්තුතියි. ඔබට නිවන් සුව... මොක් සුව පතමි...!
සුනිල් අයියා කියලා කියන්න පුළුවන් රත්තරන් මනුස්සයෙක්... යහපත් මනුස්සයින් මේ මාතෘභූමියෙන් නිකන්ම යනවා. ඒක රටේ අවාසනාව... රටට වැඩක් නැති හොර තක්කඩි තාම ඉන්නවා.
අපගේ බලවත් කණගාටුව.
ඇත්තෙන්ම කම්පන සහගත ආරංචියක්. ශ්‍රේෂ්ඨ මනුෂ්‍යයෙකු සහ මනුෂ්‍යත්වයේ ශ්‍රේෂ්ඨ තානාපතිවරයෙක් අපට අහිමි වුණා. ඔහුගේ යකඩ හඬ තවමත් දෝංකාර දෙනවා. එතුමාට හදවතින්ම නිවන් සුව පතනවා...
හිත හොඳ මනුස්සයෙක්... ඔබට සුබගමන්... නිවන් සුව ලැබේවා..!!!
දේශපාලකයින්ට කත් අදිමින් වන්දිබට්ටකම් කරමින් මඩිය තර කරගත් නිවට, නින්දිත, ලංකාවේ නලාකරුවන්ව අප්‍රසන්න වී සිටින අවධියක, සුනිල් පෙරේරා මහතා සැබෑමවටම නිර්භීත සැබෑ කළා කරුවෙක්. වටිනා ගීත රැසක් දායාද කල එතුමාට, නිවන් සුව ලැබේවා යයි පතමි!!
සුන්දර මනුස්සයෙක්.., ඔබ අපව හැර ගියේ ඇයි? මම දන්නේ නැහැ ඇයි කියලා... ඔබේ හඬ අපේ දෙසවන් තුළ තවමත් රැව්දෙනවා. හරිම දුකයි.
අන්තිමට මෙයාව හමුවුණේ ලන්ඩන්වලදී... මොහු සොඳුරු මිනිසෙකි. හරිම දුකයි.
මගේ හිතට මහ පාලු, මූසල තනිකමක් දැනුණා පළවෙනි වතාවට... ඔබට නිවන් සුව පතනවා ගායකයාණෙනි..
බලවත් කණගාටුව....
අනේ අපේ කාලය සුවඳ කළ සැබෑමල් මිලින වෙමින් යන කළකි... ස්තුතියි රැඳවූ ඒ සුවඳට, අකමැතියි පිළිගන්න ඔබත් සමුගත් බව, ඔබ පැතූ ලෙසටම ඔබ ආත්මය සදා සුවපත් වේවා..!!!
තවත් සොඳුරු චරිතයක අවසානය. ඔබට නිවන් සුව පතමි...!
ඇත්ත ඇති සැටියෙන්ම කතාකළ නිර්භීත, නිවහල් මිනිසෙක් ලෙස මම ඔබට සැමදා ගරු කළා. මම පාසල් යන අවදියේදී මගේ "සංගීත පිස්සුවේ" හිටපු දැවැන්ත විරයාණෙනි... ඔබට දෙව් සමිඳුන්ගේ රාජ්‍යයේ දොරටු විවර වේවා...!!!
හොඳ මිනිස්සු මැරිලා... නරක මිනිස්සු ඉතුරුවන රෝගයක් මේක... මේ අඩුව කවදා පුරවන්නද?
මේ සමග මගේ පවුලේ සියලු දෙනාගේම දැඩි ශෝකය පලකරමු...
මේ සුන්දර මනුස්සයාගේ හොඳ වර්ණනා කරලා තියෙන ප්‍රතිචාරවලට විරුද්ධව කීපදෙනෙක් අන්ලයික් දාලා තියෙනවා. ඒවගේ මිනිස්සුත් මේ රටේ ඉන්නවා කියන එකයි තේරුම...
සල් මල් වැල්, තොරන් බඳින්නට, රබන් ගසන්නට, ලොවේ සැමා... ගිනි අගුරු ගොඩක දැවෙනා මොහොතක, ඔහු අද කතා නැත්තේ මොකද? අයි ඩෝන්ට් නෝ වයි. ලොරන්සෝ ඩි අල්මේදලා, සයිමලා කට්ම වෙලා, ලිඳ ළඟ සංගමය, නර්ස් නෝනලා, නායක වැද්දගේ දුවලා මොකටද විස්කි බ්‍රැන්ඩි කියලා කොත්තමල්ලි බොනවා. පාවෙන පීරිසියක් උඩ නැගලා, ලුණු දෙහි එක්ක පිටි කොටපු සිඣ්ඣෝරේට ඔහුට ඕවත් වැඩද?. ගිය දේ ගියාවේ... සුනිල් පෙරේරා සුන්දර කලාකරුවාණෙනි, ඔබට සුබ ගමන්!!!
ඔහුගේ හැම ගීතයකින්ම අපිව අමන්දානන්දයට පත් කළා. බලපු, අහපු වාර ගණන අප්‍රමාණයි. විටෙක ඔබ සැබෑ නලුවෙක්. හැමදාම අපේ හදවත්වල ජීවත් වෙනවා.. සුනිල් අයියාට මොක් සුව පතමු..!!!
අපි අතරම නැතත් වෙන යහපත් රටක ඔබ මතු ඉපදේවා...!!!
ඔබ ශරීරයෙන් අප හැර ගියත්…….. ඔබ අපගේ හදවත් තුල සදාකල් ජීවත් වනු ඇත.