එල්ලේ නායක ඝාතනයට හමුදා සාමාජිකයන් තව පහක් අල්ලයි තොටළඟ ‘අරුණ’ එල්ලේ ක්‍රීඩා කණ්ඩායමේ නායකයා මරා දැමීමේ සිද්ධියට අදාළව යුද හමුදා ගැමුණු හේවා බලකායේ මෝදර කඳවුරට අනියුක්ත තවත් යුද හමුදා සාමාජිකයන් පස්දෙනෙකු කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය විසින් අද (17) අත්අඩංගුවට ගනු ලැබ තිබේ. 17 September 2021
ගෝඩා සමග සමෘද්ධි නිලධාරියා මාට්ටු කසිප්පු පෙරීමට යොදා ගන්නා ගෝඩා මිලි ලීටර් 15750 ක් සහ පෙරුම් උපකරණ සමඟ සමෘද්ධි සංවර්ධන නිලධාරියකු අත් අඩංගුවට ගෙන ඇති බව උහන පොලීසිය කියයි. 17 September 2021
එජාපය අනගාරික ධර්මපාලතුමන්ගේ සහ ජේ.ආර් ජන්ම දින සමරයි අනගාරික ධර්මපාලතුමන්ගේ සහ එක්සත් ජාතික පක්ෂයේ හිටපු නායක සහ ප්‍රථම විධායක ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතාගේ ජන්ම දින සමරුව ඇතුළු කරුණු කිහිපයක් මුල් කරගෙන එජාප නායකයින්ගේ සහභාගීත්වයෙන් ආගමික වැඩසටහනක් රත්මලාන පරම ධම්මචේතිය පිරිවෙන් විහාරස්ථානයේදී අද (17) පැවැත්විණි. 17 September 2021
”ඤාණම්‘‘ පදනමේ ගණකාධිකාරි, බිරියට විවෘත වරෙන්තු බ්‍රිතාන්‍යයේ ‘ලයිකා’ පදනම විසින් උතුරු නැගෙනහිර ජනතාවගේ සුබසාධනය සඳහා ලබාදෙන රුපියල් මිලියන 300ක මුදලක් සාපරාධි පරිහරණය කර විදේසයකට පලා ගොස් සිටින මෙරට රාජ්‍ය නොවන සංවිධානයක ගණකාධිවරයකු සහ ඔහුගේ බිරිද වහාම අත්අඩංගුවට ගන්නා ලෙසට නියම කළ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර නෙළුම්දෙණීය මහතා අද (17) විවෘත වරෙන්තු නිකුත් කළේය. 17 September 2021
රට තවත් දින දහයක් වසා තැබීමට ගත් තීරණය ප්‍රායෝගිකයි රජය රට තවත් දින දහයක් වසා තැබීමට ගත් තීරණය බොහෝ ප්‍රායෝගික යැයි රාගම වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා ලංකාදීපයට පැවැසීය. 17 September 2021
කොරෝනා මරණ 121ක් වාර්තා වෙයි කොවිඩ් ආසාදිතවූ තවත් 121 දෙනකු ඊයේ (16) මරණයට පත්ව ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය පවසයි. 17 September 2021
ඇමරිකාවේ ජාතික පිළිකා උපදේශක මණ්ඩලයට ලාංකික සම්භවයක් සහිත විද්‍යඥවරියක් ඇමරිකාවේ ජාතික පිළිකා උපදේශක මණ්ඩලයේ සාමාජිකාවක් ලෙස ශ්‍රී ලාංකික සම්භවයක් සහිත ජෝන්ස් හොප්කින්ස් විද්‍යාඥවරියක වන අශානි තනූජා වීරරත්න මහත්මිය එරට ජනාධිපති ජෝ බයිඩන් විසින් පත් කරනු ලැබ ඇත. 17 September 2021
“වැලිකඩ - අ.පුර බන්ධනාගාරවල සී.සී.ටී.වී පද්ධති නෑ’’ වැලිකඩ බන්ධනාගාර පරිශ්‍රයේ හෝ අනුරාධපුර බන්ධනාගාරයේ සී සී ටී වී කැමරා පද්ධති සවිකර නැතැයි බන්ධනාගාර මූලස්ථානය පවසයි. 17 September 2021
ලෝක කුසලානයට පස් දෙනකුගේ ‘බැකප්’ සංචිතයක් එක්සත් අරාබි එමිර් රාජ්‍යයේදී ලබන ඔක්තෝබර් මස පැවැත්වීමට නියමිත විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට අතිරේක ක්‍රීඩකයන් පහක් සහ අතිරේක පුහුණුකරුවකු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වියදමින් සහභාගි කරවීමට තීරණය කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා ‘ලංකාදීප’යට පැවසීය 17 September 2021
කොවිඩ් ආසාදිතයන් 1,278ක් කොවිඩ් 19 ආසාදිත රෝගීන් තවත් 1,278 දෙනකු අද (17) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. 17 September 2021
අනගාරික ධර්මපාල ගුණ සැමරේ බෞද්ධ ධර්ම ප්‍රචාරකයෙකු සහ ශ්‍රී ලංකාවේ නිදහස් සටනේ පුරෝගාමීකයෙකු වූ ශ්‍රීමත් අනාගාරික ධර්මපාලතුමන්ගේ 157 වැනි ජන්ම දින සැමරීම අද මරදාන මාලිගාකන්ද මහාබෝධි විහාරයේදී පැවැත්විය 17 September 2021
“සෞඛ්‍ය නීති කඩකරන්නන්ට දැඩිව ක්‍රියා කරන්නැයි පොලිස්පතිට උපදෙස්’’ සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව කටයුතු නොකරන සහ නිරෝධායන ඇඳිරි නීතිය කඩකරන පුද්ගලයන්ට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පොලිස්පතිවරයාට අද (17) උපදෙස් දුන්නේය. 17 September 2021
නැගෙනහිර ටිමෝරය සමඟ රාජ්‍යතාන්ත්‍රික සබදතා ඇරඹිමට පියවර නැගෙනහිර ටිමෝරය හෙවත් ටිමෝර් – ලෙස්ටේ රාජ්‍යය සමග විධිමත් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ඇති කර ගැනීමට රජයේ අවධානය යොමුව ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය කියා සිටී. 17 September 2021
ලබන සතියේ මැතිසබා රැස්වීම් දින දෙකකට සීමාවෙයි කොවිඩ් අවදානම හේතුවෙන් පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා සහ 22 වැනිදා පමණක් රැස්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද (17) තීරණය කළේය. 17 September 2021
’ගමන් බිමන් යාමේදී එන්නත් කාඩ්පත පරීක්ෂා කරන්නේ නැහැ’ ගමන් බිමන් යාමේදී හෝ යම් සථානයකට ඇතුළුවීමෙදී හෝ කොරෝනා මර්දන එන්නත් ලබාගෙන ඇති බවට වන කාඩ්පත පරීක්ෂා කිරීමේ ක්‍රමවේදයක් නැතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසීය. 17 September 2021
ජගත් කුමාර ප්‍රාදේශීය සංවර්ධන කමිටු සභාපති ධුරයෙන් අස්වෙයි කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස් ඒ ඩි ජගත් කුමාර මහතා පාදුක්ක ප්‍රාදේශීය සංවර්ධන කමිටු සභාපති ධුරයෙන් අද (17)ඉල්ලා අස්විය . 17 September 2021
ළමයි අලෙවි කළ වෙබ් අඩවියේ හිමිකරු රිමාන්ඩ් අසභ්‍ය වෙබ් අඩවියක් පවත්වාගෙන යමින් ලිංගික කටයුතු වෙනුවෙන් කාන්තාවන් සහ දරුවන්ගේ දැන්වීම් පළකළැයි කියන සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් එම වෙබ් අඩවියේ හිමිකරු ලබන 22 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බී. ආර්. නෙ`ථම්දෙණීය මහතා අද (17) නියෝග කළේය. 17 September 2021
ඉබ්රාහිම්ලාගේ තඹ කම්හල කාර්මික සංවර්ධන මණ්ඩලය යටතට පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ වූ ඉබ්රාහිම් පවුලට අයත් තඹ කම්හල, ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය යටතට ගෙන මෙරට තඹ කර්මාන්තයට අවශ්‍ය නිෂ්පාදන සපයා දෙන ස්ථානයක් බවට පත් කරන බව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය. 17 September 2021
’රාජ්‍ය ආයතන දෙකක් සාමන්‍ය ලෙස පවත්වාගෙන යන්න ඉඩ’ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු සහ ඉඩම් රෙජිස්ටාර් ජනරාල් යන ආයතනවල කාර්යාල සුුළු වශයෙන් හෝ පවත්වාගෙන යෑමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අනුමැතිය ලබාදුන් බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය. 17 September 2021
ගොවීන් වී අලෙවි නොකළොත් රටින් හාල් ගේන්න වෙිවි ගොවීන් දිගින් දිගටම වී අලෙවි කිරීමෙන් වැලකී සිටී නම් රටේ ඇති විය හැකි සහල් හිඟය මඟ හරවා ගැනීමට සහල් ආනයනය කිරීමට රජයට සිදුවනු ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය. 17 September 2021
සජබෙන් පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතාගේ හැසිරීම පිළිබඳව සහ යළිත් ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල විය හැකි බවට ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් පොලිස් මුලස්ථානයට අද(17) පැමිණිල්ලක් ඉදිරිපත් කරනු ලැබීය. 17 September 2021
බදියුදීන්ගේ බිරිදට -මාමණ්ඩියට ඇප මෙහෙකාර සේවයේ යෙදී සිටියදී පිලිස්සීමෙන් මියගිය බව කියන දැරියගේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා ගේ බිරිඳ සහ මාමණ්ඩිය එක් අයකුට රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසූරිය මහත්මිය අද (17) නියෝග කළාය. 17 September 2021
“ගොවි ජනතාව සමග ආණ්ඩුවේ සෙල්ලම වහා නවතනු’’ ගොවිජනතාව සමග ආණ්ඩුවේ සෙල්ලම වහා නවතා රටේ සමස්ථ ජනතාවගේ නාමයෙන් ගොවිජනතාවගේ ප්‍රශ්න කෙරෙහි සංවේදීව වහා විසඳුම් සලසන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. 17 September 2021
වයස 15ත් 19ත් අතර දරුවන්ට ෆයිසර් එන්නත් ෆයිසර් එන්නත වයස 15ත් 19ත් අතර දරුවන්ට ලබාදීමට ජනාධිපතිවරයා තීරණය කළ බව ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවැසීය. 17 September 2021
“කටුනායක ගුවන්තොටුපල විද්‍යුත් තැපැලට ව්‍යාජ පණිවිඩයක්’’ ප්‍රහාරයක් එල්ල වන බවට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල බලධාරීන් වෙත ලැබී ඇති ව්‍යාජ විද්‍යුත් තැපැල් සම්බන්ධයෙන් මහජනයා කිමිදු ආකාරයකින් කලබල විය විය යුතු නැතැයි ආරක්ෂක ලේකම් ජෙනරාල්.ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා වෙද නිකුත් කරමින් දන්වා සිටී. 17 September 2021
ප්‍රමුඛතාව අනුව උසස් පෙළ - සාමාන්‍ය පෙළ සිසුනට ෆයිසර් එන්නත දෙන්න ප්‍රමුඛතාවය අනුව උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ සිසුන් සඳහා වහා පාසල් විවෘත කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා කොළඹ දී පැවසීය. 17 September 2021
හොරා ගත් ජිප් රථය තිබූ තැනටම ගෙනත් දමලා පළාත් සභා හා පලාත් පාලන අමාත්‍යාංශයට අයත් රුපියල් ලක්ෂ 50 ක් පමණ වටිනා කැබ් රථයක් හෝමාගම ගොඩගම මංසන්ධිය ආසන්නයේ නවත්වා තිබියදි පැහැර ගෙන ගොස් දින කිහිපයකට පසු අදාල කැබ් රථය යළි පැහැරගත් ස්ථානයේ දමා ගිය බව කියන සැකකරු අද දින අත්අඩංගුවට ගත් බව මීගොඩ පොලිසිය පවසයි 17 September 2021
ජයන්ත කැටගොඩ පත් කෙරෙන ගැසට් නිවේදනය නිකුත් වෙයි අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩුවූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලයිස්තු මන්ත්‍රීධූරය සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතා පත් කිරීමට අදාළ ගැසට් නිවේදනය රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව විසින් අද (17) නිකුත් කරනු ලැබීය. 17 September 2021
ඔන්ලයින් ගුරුවරුන්ට තර්ජනය කළොත් දැඩි දඬුවම් මාර්ග ගත ක්‍රමය ඔස්සේ (online) ඉගැන්වීම් කටයුතු සිදු කරන ගුරුවරුන්ට එම ඉගැන්වීම් කටයුතු සිදු නොකරන ලෙසට කිසිවකූ හෝ තර්ජනය කරන්නේ නම් ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හෝ පොලිස් හදිසි ඇමතුම් අංශයට (119) වෙත පැමිණිලි කරන ලෙසට පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්තුදූව මහතා ඉල්ලා සිටී . 17 September 2021
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026