
(සුජිත් හේවාජුලිගේ )
ආණ්ඩුවට එරෙහිව යෝධ පා ගමනක් ලබන 24දා මහනුවරින් ආරම්භ කිරීමට සමගි ජන බලවේගය පක්ෂය තීරණය කර ඇත.
පාගමන මැයි පළවෙනිදා කොළඹට ළඟාවීමට නියමිතය.
මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී මේ පිළිබඳ යෝජනාව පක්ෂයට ඉදිරිපත් කරනු ලැබ ඇත්තේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ සී අලවතුවල මහතා විසිනි.
රැස්වීම සූම් තාක්ෂණය ඔස්සේ ඊයේ රාත්‍රි පැවැත්විණ.
ජන අරගලයේ යෙදී සිටින පිරිස වලට ශක්තිය ලබාදීම පා ගමනේ අරමුණ බව එම පක්ෂය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඌරන් කැකුණ තලනකොට හබන් කුකුළන්ට මඟුල්...
කොහොමහරි ඔලුව දාගන්න වගේ යන්නේ...!
වැඩේ හොඳයි, හැබැයි අර රට වෙනුවෙන් කිසිම දෙයක් බලාපොරොත්තු නැතිව වැස්සට තෙමිතෙමී, අව්වට කරවෙවී... අප වෙනුවෙන් හඬනගන දරුවන් ඉන්න පැත්තට නම් යන්න එපා...
ජාතික ජනබලවේගය බේරුවල සිට කොළඹ දක්වා ආරම්භ කරලා තියෙන යෝධ පාගමන ගැන දන්නේ නැද්ද?
අරගලය බෙදා ගන්නත් ඊළඟට අරගලයක් එයි වගේ...
විරෝධතාව ද්ක්වන්න ඕනෑ. හැබැයි, කිරිඇල්ල රාජිතලා ඉස්සරහට දා ගත්තොත් වැඩක්ම නැතිවෙනවා. ඔබගෙ අරමුණ,/අපේ අරමුණ සජබ රජයක් නම්, දූෂිතයින්ව හලන්න. අඩුගානේ ඉස්සරහින් යන්නත් එපා. නාම පුවරු (සජබ) අල්ලන් යන්න එපා. කවුරුත් ඔබලාව හඳුනනවා. සටන් පාට පුවරු පමණක් ගෙනියන්න්න. නුවර, කුරුණෑගල ආසන බලමණ්ඩල කියලා දාගෙන යන්න එපා...