
(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
කොළඹ ගෝල්ෆේස් පිටියේ පැවැත්වෙන රජයට එරෙහි විරෝධතාවයට සහාය දක්වමින් මාතර නගරයේ ද අද විරෝධතාවක් ආරම්භ කෙරිණි.
මාතර ඉසදින් නගරයේ පදිංචි විශ්‍රාමික වෛද්‍ය නිලධාරී සරත් විමලසූරිය මහතා මාතර සනත් ජයසූරිය ක්‍රීඩාංගනය ඉදිරිපිටට තනිවම පැමිණ විරෝධතා පුවරුවක් එල්ලාගෙන එම විරෝධතාවය ආරම්භ කළ අතර පසුව ක්‍රම ක්‍රමයෙන් ඒ වටා විශාල පිරිසක් ඒකරාශී වූහ.
රාත්‍රී කාලයේ ද විරෝධතාකරුවන් එම ස්ථානයේ රැදී සිටිමින් අඛණ්ඩව රජයට එරෙහිව විරෝධතාවය දක්වන අයුරු දැක ගන්නට ලැබුණි.
කොළඹ යාමට අපහසු ජනතාව වෙනුවෙන් මාතර දී විරෝධතාවය දැක්වීම සදහා මෙම විරෝධතාව සංවිධානය කළ බව විරෝධතා කරුවෝ කීය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අම්මේ, තාත්තේ, දුවේ, පුතේ, කොල්ලනි, කෙල්ලනි, මාතර ගැම්ම, දකුණේ ගැම්ම පෙන්වන්න. සටනට ජයවේවා..!
අති විශිෂ්ඨයි..!