(අජන්ත කුමාර අගලකඩ)
ආණ්ඩුවට එරෙහිව රට පුරා පැවැත්වෙන උද්ඝෝෂණ සහ විරෝධතා වලට සහාය පළ කරමින් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කිරීමට ආණ්ඩුවෙන් ඉවත් වූ හවුල්කාර පක්ෂ ඇතුළු කණ්ඩායම තීරණය කර ඇත.
රටේ ඇතිව තිබෙන අර්බුදය විසඳීම සඳහා අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවන ලෙසට හවුල්කාර පක්ෂ කළ යෝජනාව ආණ්ඩුව ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් මෙම පියවර ගැනීමට තීරණය කළ බව එම කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.
ආණ්ඩුව තම කණ්ඩායමේ මතයට අවනත නොවන්නේ නම්,ආණ්ඩුවට එරෙහිව වීදි බැස සිටින ජනතාවට සහාය පළ කරනවා හැරෙන්නට ,වෙනත් විකල්පයක් නැති බවද ඔහු සඳහන් කළේය.
ඒ අනුව මේ සතියේ රැස්වී අදාළ නිවේදනය සකස් කර ,නිකුත් කරන බව හෙතෙම කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබතුමන්ලා ජනතා නැගිටීමට සහයෝගය ලබාදෙන්නේ නම් ජාතිවාදය පිටුදැකිය යුතුයි...!
ඔය මොන උප්පරවැට්ටිය දැම්මත් මිනිස්සු ඔයාලට සහාය පලකරන්නේ නම් නැහැ. ඔයගොල්ලෝ දැන් ආණ්ඩුවට විරුද්ධ වුණාට මේ දක්වාම රට වලපල්ලට යවන්න හවුල් වුණානේ නේද? දැන් මූණ මාරුකරන් ආවට වැඩක් නැහැ.