(කාංචන කුමාර ආරියදාස)

දඹුල්ල වෑමැඩිල්ල ජලාශයේ වාන් ඇළට වැටීමෙන් පාසල් සිසුන් දෙදෙනකු මියගොස් තවත් සිසුන් දෙදෙනකු  තුවාල ලබා දඹුල්ල රෝහලට ඇතුළත් කළ බව දඹුල්ල පොලිසිය කියයි.

යතුරුපැදියක වේගය පාලනය කර ගැනීමටට නොහැකි වීම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇතැයි පොලිසිය කියයි.

මෙම සිව් දෙනා විනෝදාංශය සඳහා එක යතුරුපැදියක පැමිණ තිබෙන බවත් අඩි හැත්තෑවක් පමණ ප්‍රපාතයකට මෙම යතුරුපැදිය වැටී අනතුර සිදුවී ඇතැයි පරීක්ෂණ පවත්වන දඹුල්ල පොලීිසිය කියයි

මෙසේ මියගොස් ඇත්තේ ගලේවෙල පුවක්පිටිය නබඩගහවත්ත ප්‍රදේශයේ පදිංචි බිස්සුල් හාෆික් හම්නිදාස් (16) නව්සාඩ් අලි මුසාෆික් (16) යන දෙදෙනා බව හඳුනාගෙන තිබේ .

යතුරු පැදියේ ගමන් කළ අනිත් දාසය හැවිරිදි ම සිසුන් දෙදෙනා බරපතළ තුවාල ලබා ප්‍රතිකාර ලබන බව දඹුල්ල රෝහලේ ප්‍රතිකාර ලබන බව රෝහල් ප්‍රකාශකයෙක් කීය.