(යොහාන් භාසුර)

සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා ගිය ජනතාවට නැවත කොළඹට පැමිණීම සඳහා අන්තර් පළාත් පෞද්ගලික බස් රථ 1000 කට අධික සංඛ්‍යාවක් ධාවනයේ යෙදවෙන බව ජාතික ගමනාගමන කොමිසමේ අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය තිලාන් මිරැන්ඩා මහතා පැවසීය.

මගී අවශ්‍යතාව අනුව අමතර බස් යෙදවීමේ හැකියාව ඇති බවත් එසේ වුවහොත් තාවකාලික ධාවනවල පත්‍රයට යටතේ ධාවනය කිරීමට බස් රථ හිමියන් සූදානමින් සිටින බවත් මිරැන්ඩා මහතා වැඩිදුරටත් කීය.