(සුජිත් හේවාජුලිගේ )
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනාගේම ආදායම් සහ වත්කම් විධිමත් විගණනයට ලක් කළ යුතු බවත් එම කටයුත්ත තමාගෙන් ආරම්භ කරන්නැයි රජයෙන් ඉල්ලීමක් කරන බවත් සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ සී අලවතුවල මහතා පැවැසීය.
වසර 30ක දේශපාලනයේදී තමා දේශපාලනයෙන් අයථා ලෙස මුදල් හරි හම්බ කරගත් පුද්ගලයෙකු නොවන බව සඳහන් කළ මන්ත්‍රීවරයා වත්කම් සම්බන්ධයෙන් විගණන පරීක්ෂණයකට පමණක් නොව වෙන ඕනෑම පරීක්ෂණයකට මුහුණදීමට සූදානම් බවද ප්‍රකාශ කළේය.
අලවතුවල මහතා මෙසේ පැවසූවේ කුරුණෑගල දී අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.
පාර්ලිමේන්තුවේ දෙසිය විසි පහටම අද හොරු කියන ලේබලය අලවා ඇති බවත් සාධාරණ අවංක ලෙස දේශපාලනය කරන මන්ත්‍රීවරුන්ට මින් බරපතළ අසාධාරණයක් සිදුවන බවත් හෙතෙම සඳහන් කළේය.
පාර්ලිමේන්තුව 1977 පසුව නියෝජනය කළ සියලුම මන්ත්‍රීවරුන් මෙන්ම පළාත් සභා, පළාත් පාලන ආයතන නියෝජිතයන්, සංස්ථා ආයතන මණ්ඩල නිලධාරීන් ඇතුළු සියලු දෙනා විගණනයට ලක් කළ යුතු බවද ඔහු පෙන්වා දුන්නේය.
සාධාරණ දේශපාලනයක යෙදුණු දේශපාලනඥයන්ට සාධාරණයක් වෙන්නත් අවංක සේවයක් කළ නිලධාරීන්ට සාධාරණයක් වෙන්නත් විගණන පරීක්ෂණ වැඩපිළිවෙළ වහාම ආරම්භ කළ යුතු බව පැවසූ ජේ සී අලවතුවල මහතා ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ඕනෑම පනතකට තමා සහය දෙන බවද සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැනටම හොයාගත්තු ඒ එක එකාගේ නම්වලට හරවලා ඇති.., තොත්ත බබා
මෙතුමාගේ ඉදිරිපත් වීම අගය කළයුතුයි. මෙතුමාගෙන් පටන් ගෙන අනෙක් 224 දෙනාගෙත් විගණනය කරන්න. නමුත් මම නම් සිතන්නේ නැහැ මේ අය නූගත් අයකියා.. තමන්ගේම ගිණුම්වලට අයථා ලෙස ඉපැයූ මුදල් දාගන්න තරම්.. එමනිසා මම යෝජනාවක් කරන්න කැමැතියි මේ අයගේ දරුවන්ගේ, බිරින්දෑවරුන්ගේ සහ පවුලේ අයගේත් විගණනය කරන්න. එවිට හොරු හඳුනා ගැනීම පහසු වේවි... ඒ වගේම ප්රාදේශීය සභා, නගර සභා සහ පළාත් සභා වලත් මේ ක්රමයටම විගණනය කරන්න. මොකද මේ අය මේවා පුරුදු වෙන්න කරනවා නෙමෙයි. නීති උපදේශක සහායත් සමඟයි කරන්නේ... මේ සියලු දෙනාගේම අයථා ගනුදෙණු වලින් කළ සියලු ඉපැයීම් රාජසන්තක කර මන්ත්‍රී ධුරය අහෝසි කරන්න. වැටුප් දීමනා රහිත ගරු සේවයක් බවට පත් කරන්න. එදාට රට නිවැරැදි මගට ගමන් කරාවි...!
මේ යෝජනාව අගය කළ යුතුය... හොඳ දේ නරක විදිහට දකින සමාජයක් නිසා තමයි අද මේ රටට මේ වින්නැහිය වෙලා තියෙන්නේ.. !