(අජන්ත කුමාර අගලකඩ)
ආණ්ඩුවේ කටයුතු පවත්වාගෙන යාම සදහා සීමිත කැබිනට් මණ්ඩලයක් පත් කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කැබිනට් මණ්ඩලයේ හිටපු ඇමැතිවරුන්ගේ හමුවේ දී ප්‍රකාශ කර ඇත.
තමා කටයුතු කරන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව බවත්,ඉන් පිටස්තර ක්‍රියාමාර්ගයක් නොගන්නා බවත් ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කර ඇත.
ජනාධිපතිවරයා සහ කැබිනට් මණ්ඩලයේ හිටපු අමාත්‍යවරුන් අතර හමුව ජනාධිපති මන්දිරයේදී අද (16)රාත්‍රියේ පැවැත්විණි .
ඇතිව තිබෙන අර්බුදය හමුවේ රජයේ කටයුතු පවත්වාගෙන යාම සම්බන්ධයෙන් එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇත.
තමන්ට ඇමතිධූර අනවශ්‍ය බවත්, තරුණ පිරිසක් පත්කර කැබිනට් මණ්ඩලයේ කටයුතු පවත්වා ගෙන යන ලෙය හිටපු ඇමතිවරුන් කිහිප දෙනෙකු එහිදී ප්‍රකාශ කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටටම අප්‍රිය වුණු අයෙකු තම පැවැත්ම සඳහා කරන අරගලයේ නිෂ්ඵල පියවරක්...!
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ කොමිස් ගැහිලි, වංචා, දූෂණ වලංගුද? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව රකිනවා නම් මුලින්ම හොරකම නවත්වන්න...
අලුත් ජෝකර්ලා ටිකක් හඳුන්වා දෙන්නයි යන්නේ... රට තවත් සුන්...
හිටපු මැටිමෝල්, හොර ගොබ්බයින් සෙට් එකේ කවුරුවත් එපා. අපිට ඕනෑ ආචාර්ය, මහාචාර්ය වැනි උගත් අයගෙන් සමන්විත ඒ ඒ විෂයයන් පිළිබඳ දැක්මක් ඇති විසි දෙනකුගෙන් යුත් කැබිනට් මණ්ඩලයක්...
‘ගෝඨා ගෝ හෝම්‘ කියන එක තේරෙන්නේ නෑ වගේ. මේක ‘ගෝඨාභය ගෙදර යන්න‘ කියලා කිව්වා නම් මිනිහට තේරෙයි. මොකද මෙයාලා කපුටා පරම්පරාවෙනේ...!
හූනා කිව්වා වගේ කියන්නම්... කා මොන ඇමැතිකම දුන්නත් ජොනියට මහාමාර්ග ඇමැතිකම...
අතීසාරයට අලුත් අමුඩයක් ඇඳ බැලීම...
මින් ඉදිරියට තමන්ගේ බූදලේ වගේ හිතේ හැටියට විවිධ වරදාන වරප්‍රසාද, දීමනා, පරමිට් ලබාගන්න මේ කවුරුවත් සුදුසු නෑ.. මේ මෝඩ තීරණ හින්දා සල්ලි තියෙන මිනිහත් අද අමාරුවේ වැටිලා...
රටේ නායකයා ගේ විකාර වැඩ. කැබිනට් හදහදා දිගටම බලයේ ඉන්න වගේ හදන්නේ....