IMG-LOGO

2025 මැයි මස 14 වන බදාදා


‘‘ජනතා උද්ඝෝෂණ මර්දනය නොකරන්න‘‘

රට මුහුණදී සිටින අර්බුදයට දීර්ඝ කාලීන විසඳුමක් ලබා දෙන තෙක් අගමැතිවරයා සහ අමාත්‍ය මණ්ඩලය ඉවත් කර ජනතාවට යම් තරමකින් හෝ පිළිගත හැකි පක්ෂ විපක්ෂ දෙපාර්ශවයම ඇතුළත් අමාත්‍ය මණ්ඩලයක් පත් කළ යුතු බවත් එම විසැඳුමින් බැහැරව ජනතාවගේ සාමකාමී උද්ඝෝෂණය කවර ආකාරයෙකින් හෝ මර්දනය කරන්නට රජය කල්පනා කරන්නේ නම් එය ඉතිහාසයෙහි කිසි දිනෙක නිවැරැදි කරගත නොහැකි වරදක් වන බවත් බුද්ධශාසන කාර්යසාධක මණ්ඩලය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමුකරමින් පවසයි.

බුද්ධශාසන කාර්යසාධක මණ්ඩලයේ සම ලේකම් තිරිකුණාමලේ ආනන්ද මහානායක හිමියන් ජනාධිපතිවරයා වෙත යොමු කළ ලිපිය පහත දැක්වේ.

“ අද බක් පුනු පොහෝ දවස. බුදුරජාණන් වහන්සේ දෙවැනි වරට මේ පින් බිමට වැඩම කළේ අද වැනි පොහෝ දවසක. අද දවසේ ලක්වැසි මහ ජනතාව විවිධ ගැටලු‍ හා ප්‍රශ්නවලින් පෙළෙමින් දුකට පත් වී ඇති අයුරු මෙහි ලා විස්තර වශයෙන් පැවැසීම අවශ්‍ය නො වේ. දුකින් පෙළෙන ජනතාව ගේ ඉවැසීම දැන් ලිහිල් වී ඇත. ඔවුන් මහ පාරට බැස උද්ඝෝෂණය කිරීම පිළිබඳව කිසිවකුටවත් එරෙහි විය නොහැකි ය.

මහ ජනතාව සාමකාමී ලෙස ජාති - ආගම් - පක්ෂ භේදයකින් තොරව හඬ නඟන්නට පටන් ගෙන ඇත්තේ ඔවුනට වෙන විකල්පයක් නැති නිසා ය. ජනතා පරමාධිපත්‍යය ගැන ඉහළින් කතා කරන ඔබතුමාත් රජයත් ඊට සවන් දිය යුතුය. ජනතාව ගේ ආර්ථික හා සෞඛ්‍ය ප්‍රශ්න උග්‍රව පැන නැඟී ඇති අවස්ථාවෙහි දීත් රජයේ ඇතැම් මැති ඇමැතිවරුන් ජනතා ප්‍රශ්න නොසලකා, නියම තතු වළහමින් පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවාවී විවිධාකාරයෙන් කළ වහසි බස් දෙඩවීම් හා ගැටලු‍ වළක්වාගත හැකි අවස්ථාවලදීත් ඒවා ගැන නො සලකා අත්තනෝමතික ලෙස තමතමන්ගේ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම් ආදිය නිසා ජනතාව තව තව ද ප්‍රකෝපයට පත් ව ඇත.

හේතු - ඵලවාදීව මේ ප්‍රශ්න දෙස නො බලා ඒවාට නිසි විසැඳුම් සොයා ගත නොහැකිය. අතිපූජ්‍ය මහානායක මාහිමියන් වහන්සේලා මෙම අර්බුදය විසඳා ගැනීම සඳහා අදාළ වන යෝජනා ඇතුළත් කොට ඉදිරිපත් කළ සන්දේශය පිළිබඳව රජය හෝ ප්‍රතිපක්ෂ හෝ මෙතෙක් අවධානය යොමු කැර නැත. සියලු‍ දේශපාලන පක්ෂ ඇති බලය රැක ගැනීමටත් නැති බලය ඩැහැ ගැනීමටත් දරන ප්‍රයත්නය මහා ජනතාවගේ පිළිකුලට භාජනව ඇත.

රජයේත් රටේත් මේ අස්ථාවරභාවය ජනතාව තව තව ද පීඩනයට පත් කරනු නොඅනුමානයි. ජනතා අර්බුදය විසැඳෙන සාකච්ඡාවක් හෝ ක්‍රියාමාර්ගයක් හෝ පාර්ලිමේන්තුව තුළ සිදු නොවන හෙයින් එක් අතකින් මන්ත්‍රීවරුන් 225 දෙනාම ජනතා අප්‍රසාදයට ලක්වීම සාධාරණ ය.

මේ උද්වේගකාරී අවස්ථාවෙහිදී රාජ්‍ය නායකයා ලෙස ජනාධිපතිතුමා ජනතා පරමාධිපත්‍යයේ හඬට සාවධාන වී රාජ්‍ය බලයටත් වඩා ජනතා බලයට ඉඩ කඩ ලැබෙන පරිද්දෙන් බුද්ධිමත්ව ක්‍රියා කරනු ඇතැයි සිතමු. ප්‍රතිපක්ෂ නියෝජනය කරන සියලු‍ මන්ත්‍රීවරුන් ද තමන් ගේ භූමිකාව අර්ථවත් වන පරිද්දෙන් සියලු‍ වාද භේද හා පටු අපේක්ෂා අත්හැර ජනතාව හා රටේ ආර්ථිකය පැත්තෙන් බලා සාධාරණ සාමුහික විසැඳුම් මාර්ගයකට අවතීර්ණ වීම අත්‍යවශ්‍යය.

එසේ හෙයින් දීර්ඝකාලීන විසැඳුම් මඟකට යන තෙක්, ජනාධිපතිතුමා, අගමැතිතුමා ඇතුළු ඇමැති මඩුල්ල ඉවත් කොට මධ්‍යස්ථ මහ ජනතාවගේ ප්‍රසාදය එක්තරා පමණකට හෝ දිනාගත් පක්ෂ - ප්‍රතිපක්ෂ මන්ත්‍රීවරුන් ගෙන් යුත් අවම අමාත්‍ය මණ්ඩලයක් පත් කොට මහ ජනතාව උග්‍ර ලෙස පෙළන ආර්ථික හා සමාජීය අර්බුදයෙන් වහ වහා මුදවා ගන්නා ලෙස කරුණාවෙන් දන්වමු.' ප්‍රතිපක්ෂවල සියලු‍ මන්ත්‍රීවරුන් ද මේ අර්බුදයෙහි බැරෑරුම් කම දූරදර්ශීව බුද්ධිමත්ව වටහාගෙන ජනතාව සුවපත් කරන ආර්ථික ස්ථාවරත්වයක් ඇති කැරගැනීමට උත්සුක වනු ඇතැයි අපි උදක්ම විශ්වාස කරමු.

මෙම විසැඳුමින් බැහැරව සිතමින් ජනතාව ගේ සාමකාමී උද්ඝෝෂණය කවර ආකාරයෙකින් හෝ මර්දනය කරන්නට රජය කල්පනා කරන්නේ නම් එය ඉතිහාසයෙහි කිසිදිනෙක නිවැරැදි කැරගත නොහැකි වරදක් වන බව ද මේ සමඟම සඳහන් කරනු කැමැත්තෙමු.

අපගේ, මාතෘ භූමිය තුළ සාමකාමී සමෘද්ධිමත් දේශයක් ගොඩනංවා ගැනීම සඳහා පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ද ඉක්මවා යන සියලු‍ ජාතිකයනට ද සියලු‍ ආගමිකයනට ද සියලු‍ පුරවැසියනට ද සාධාරණය හා යුක්තිය ඉටු වන “ධර්මතාන්ත්‍රික රාජ්‍යයක්” පිහිටුවා ගැනීමට උත්සුක වන ලෙස පක්ෂ - ප්‍රතිපක්ෂ - රටවැසි හැම දෙනා ගෙන් ම ශාසනාලයෙන් ඉල්ලා සිටිමු”

 



අදහස් (6)

‘‘ජනතා උද්ඝෝෂණ මර්දනය නොකරන්න‘‘

lakvidu Sunday, 17 April 2022 12:10 AM

සාධු.., සාධු... සාධු...!

:       1       12

sudath Sunday, 17 April 2022 07:43 AM

ඉතා වටිනා කාලීන උපදේශයක්...

:       1       15

විනිවිද Sunday, 17 April 2022 07:45 AM

රටේ දේශපාලන පක්ෂ පිළිබඳව නොව සමස්ත දේශපාලන ක්‍රියාවලියේ විශ්වාසනීයත්වය මේ වනවිට බිඳවැටෙමින් තිබේ. මේ දිනවල පවතින දේශපාලන විරෝධී තරුණ රැල්ල රටේ සමස්ත දේශපාලන ක්‍රියාවලියේ වෙනසක් උදෙසා රටට පණිවිඩයක් ලබාදී තිබේ. මෙම පණිවිඩය රටේ නායකයා වශයෙන් ජනාධිපතිවරයා දෙසට ඍජුව එල්ල වුවද තරුණයින් පණිවිඩය ලබාදී තිබෙනුයේ පක්ෂ විපක්ෂ සමස්ත දේශපාලකයින් සියලු දෙනා වෙතයි. ජනාධිපතිවරයා නිහඬ පිළිවෙතක් අනුගමනය කළද අගමැතිවරයා රැල්ලට බියවී වෙරළට පැමිණීමෙන් වැළකි සිටියේය.. සියලු විපක්ෂ නායකයින් සහ අවස්ථාවාදී පරාජිතයින් තාරුණ්‍යයේ දේශපාලන විරෝධී රැල්ල ඔවුන්ගේ වාසියට හරවා ගැනීමට අසාර්ථක උත්සාහයක යෙදෙමින් සිටියි.

:       3       10

AnuraSunday, 17 April 2022 06:23 PM

තරුණයන් ඉල්ලන්නේ මේ ආර්ථික විනාශයට ඍජුවම වගකිව යුතු ජනාධිපතිතුමා ඉල්ලා අස් වෙන්න කියලා..., අත්තනෝමතිකව සිදුකරපු බදු කපාහැරිම සහ රසායනික පොහොර තහනම් කිරීම නිසා ආර්ථිකයට සිදුවූ හානිය මේ සිදුවී තිබෙන විනාශයට බලපාපු ප්‍රධාන කාරණා දෙකක්...

:       1       7

විනිවිද Sunday, 17 April 2022 07:48 AM

දශක 7ක සිට ක්‍රමයෙන් වර්ධනය වූ දුෂිත දේශපාලනය, ආගම්වාදය, ජාතිවාදය, සියල්ල පරාජය කරමින් ශ්‍රී ලාංකික දේශපාලන ඉතිහාසයේ පළමු වරට අවියෙන් නොව තාක්ෂණයෙන් පමණක්ම සන්නද්ධ වූ ශ්‍රී ලාංකික තරුණයන් ප්‍රජතන්ට්‍රවාදය උදෙසා ඉදිරියට පැමිණියේය. එක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු සිටින එක්සත් ජාතික පක්ෂය රැල්ල පිළිබඳ අවබෝධයකින් කටයුතු කරමින් සිටියි. පාර්ලිමේන්තුවේ සිටින්නා වූ වෙනත් කිසිඳු දේශපාලන පක්ෂයක් යුග පෙරළියක් වෙනුවෙන් තරුණයින් කරන්නා වූ මානුෂීය අරගලයේ පණිවිඩය ඔවුන්ගේ වාසියට හරවා ගැනීමට උත්සාහ දරනවා මිස එය නිවැරදිව කියවාගෙන නිසි අවබෝධයක් ලබාගෙන තිබේදැයි කියා සැක සහිතයි...

:       6       8

Bamunuarachchi Monday, 18 April 2022 07:03 AM

ජනතා උද්ඝෝෂණ සෙසු ජනතාවට හිරිහැරයක් නම් පාරවල් අවහිර කරන්නේ නම් උද්ඝෝෂකයින් පලවා හරින්න. මොවුන්ගේ මේ ගොන්පාට්වලට සෙසු ජනතාව අපහසුකම් විඳිය යුතු නැත.

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

පෙම් යුවළ බසයට බිලි
2025 මැයි මස 14 146 0

යතුරුපැදියෙන් වෙසක් සිරි නරඹමින් ගමන් කරමින් සිටි පෙම්වතුන් යුවළක් මාතර බ්‍රවුන්ස්හීල් ප්‍රදේශයේ දී පෞද්ගලික බසයකට යටවීමෙන් මියගොස් ඇතැයි මාතර පො


බේස්ලයින් දුම්රිය හරස් මාර්ගය වහයි
2025 මැයි මස 14 123 0

කැලණිවැලි දුම්රිය මාර්ගයේ බේස්ලයින් පාර සහ නාරාහේන්පිට දුම්රිය ස්ථානය අතර පිහිටි රේල්වේ ඇවනිව් දුම්රිය හරස් මාර්ගයේ නඩත්තු කටයුත්තක් සඳහා එම හරස් ම


කොත්මලේ අනතුරින් මියගිය අයගේ වන්දි යවයි
2025 මැයි මස 14 102 0

කොත්මලේ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී සිදු වූ බස් රථ අනතුරින් ජීවිතක්ෂයට පත් වූ අය වෙනුවෙන් ජනාධිපති අරමුදලින් ලබා දෙන මුදල් මේ වන විට අදාළ ප්‍රාදේශීය ලේකම්


කාදිනල්තුමෝ නව පාප්වහන්සේ හමුවෙති
2025 මැයි මස 14 963 0

මැල්කම් රංජිත් කාදිනල් කොළඹ අගරදගුරුතුමන් නව පාප්වහන්සේ ශුද්ධොත්තම 14 වැනි ලියෝ පාප් වහන්සේ හමුවූහ.


ජනාධිපති කාර්යාල වෙසක් සැමරුම් දෙවන දිනටත්
2025 මැයි මස 14 272 0

කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය, ජනාධිපති ලේකම් කාර්යාලය සහ අග්‍රාමාත්‍ය කාර්යාලය එක්ව සංවිධානය කරන බුද්ධ රශ්මි වෙසක් කලාපයට සමගාමීව පැවැත්වෙන


දෙමටගොඩ ඝාතනයට හතරක් අල්ලයි
2025 මැයි මස 14 1110 0

දෙමටගොඩ ගුවන් පාලම යට නවාතැන් ගෙන සිටි ලියාපදිංචි අපරාධකරුවෙක් පසු පස එලවමින් අතින් පයින් හා පොලු වලින් පහරදී ඝාතනය කළ තරුණයන් සිව් දෙනෙකු අත්අඩංගු


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1365 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1585 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 412 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site