
(ජේ.කේ.එල්. චාමින්ද සහ සිරංගිකා ලොකුකරවිට)
ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට දි පැවැත්වෙන විරෝධතාවයට සහාය පලකරමින් ගාල්ල බස්නැවතුම්පොළ ඉදිරිපිටද ආරම්භ කළ අඛණ්ඩව පවත්වාගෙන යන විරෝධතාකරුවන් ඉදිකොට තිබු කුඩාරමක් ඉවත්කිරිමට යාමේ දි පොලිසිය සහ විරෝධතාකරුවන් අතර දැඩි උණසුම්කාරිතත්වයක් ඇතිවිය.
ගෝල් ෆෙස් තනිනොකරමු යන තේමාව යටතේ ගාල්ල තරුණයන් සිවිල් ක්‍රියාකාරින් වෘතිකයන් ඇතුළු පිරිසක් විසින් මෙම අඛන්ඩ වි රෝධතාවට ආරම්භ කරණු ලැබිය.
ගාල්ල මහින්ද හා රිච්මන්ඩ් විද්‍යාලය අතර 17 හා18 දිනවල පැවැත්වෙන් වාර්ෂික ක්‍රිකට් තරගය නිසා විරෝධතා භුමියේ ඉදිකොට ඇති තාවකාලික කුඩාරම ඉවත්කරගන්නා ලෙස විරෝධතාකරුවන්ගෙන් පොලිසිය ඉල්ලා සිටියහ.
එහෙත් විරෝධතාකරුවන්ගෙන් ඒ සදහා එකගතාවයක් නොලැබිම නිසා පොලිසිය විසින් විරෝධතා භුමියේ තිබු ඉදිකොට තිබු කුඩාරම ඉවත්කිරිමට කටයුතු කරණු ලැබිය. මෙකි සිද්ධියත් සමග විරෝධතාකරුවන්ට සහාය ලබාදිම සදහා නිතිඥ කණ්ඩායමක්ද පැමිණ සිටියහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගාල්ලේ තිබුණු මේ උද්ඝෝෂණය කරපු හට් එක ගලවාගෙන යද්දී ගස් ගල් වගේ එතන හිටගෙන හිටියේ වයසක තාත්තලා කීප දෙනෙක් විතරයි. පොලිසියත් එක්ක ඒ තාත්තලාට අරගල කරන්න බෑ. හැබැයි අඩියක්වත් ඔතැනින් හෙළ වුනේ නෑ. ලංකාවේ අනිත් හැමතැනම සමාජ අවබෝධයක් සහිත ප්රබුද්ධ තරුණයින් ටිකක් අවදි වෙලා ඉන්න මොහොතක තාමත් ෆැන්ටසි ලෝකවල හිරවෙලා ඉන්න ලපයි සිපයි තාරුණ්‍ය තියෙන තැන්වල අර වයසක තාත්තලා අසරණයි...