(යොහාන් භාසුර)

අන්තර් පළාත් පෞද්ගලික බස් රථවලට  ලංකා ගමනාගමන මණ්ඩලය (ලංගම) අඛණ්ඩව ඉන්ධන ලබා දෙන බව ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක මහතා පැවසීය.

පෞද්ගලික බස් රථවලට කොළඹ  ලංගම  ඉන්දන පිරවුම් ස්ථාන හතරකදී තවදුරටත් ඉන්ධන සපයන බවත් අවශ්‍යතාවයක් අනුව පිට පලාත් ඩිපෝවලින් ද ඉන්ධන ලබාගැනීමේ පහසුකම් සකස් කළ හැකි බවත් රණවක මහතා වැඩිදුරටත් කීය.