
( එම්.සුසිල් ප්‍රියන්ත )
මුහුදු බඩ දුම්රිය මාර්ගයේ බලපිටිය පාතෙගම්ගොඩ දුම්රිය හරස් මාර්ගයේදී අද (16) යතුරු පැදියක් දුම්රියේ ගැටී එහි ගමන්ගත් පියා සහ පුතා මියගොස් ඇතැයි අහුන්ගල්ල පොලිසිය කියයි.
මෙසේ මිය ගොස් ඇත්තේ බලපිටිය වැල්ලවත්ත ප්‍රදේශයේ පදිංචි පියපුතු දෙපළක් බවද පොලිසිය කියයි .
අවුරුද්දට සිය ඥාතියෙකුගේ නිවසට යතුරු පැදියෙන් ගොස් ආපසු එමින් සිටියදී කොළඹ සිට මාතර බලා එමින් සිටි දුම්රියක මේ දෙදෙනා ගමන් ගත් යතුරු පැදිය ගැටී ඇති බවද පොලිසිය කියයි .
දැනට කාලයක පටන් මේ දුම්රිය හරස් මාර්ගයේ සංඥා පද්ධතිය දුම්රියක් පැමිණියත් නැතත් නිතරම ශබ්ධ නගමින් තිබෙන බව ප්‍රදේශවාසීහු පැවසුහ .
අහුන්ගල්ල පොලිසිය මේ පිලිබදව වැඩිදුර පරීක්ෂණ පවත්වයි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd