(යොහාන් භාසුර)

රජයේ පාසල් පැවැත්වෙන කාලය පැයකින් දීර්ඝ කිරීමට ගත් තීරණය තාවකාලිකව අත්හිටුවූ බව අධ්‍යාපන අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවසීය.

සියලුම රජයේ පාසල්වල මෙම වසරේ (2022) පළමු වාරය හෙට (18) ආරම්භ වන බවත් සාමාන්‍ය පරිදි පෙරවරු 7.30 සිට පස්වරු 1.30 දක්වා පාසල් පැවැත්වෙන බවත් එම නිලධාරියා වැඩිදුරටත් කීය.