(සුජිත් හේවාජුලිගේ )
ආණ්ඩුවට එරෙහිව ඉදිරිපත් කෙරෙන විශ්වාසභංග යෝජනාවට දෙමළ ජාතික සන්ධානයද සහය ලබාදීමට තීරණය කර ඇත.
එම සන්ධානයේ මන්ත්‍රීවරුන් ඊට අත්සන් තැබීම ආරම්භ කළ බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.
ලබන සඳුදා පැවැත්වීමට නියමිත සමගි ජන බලවේගයේ කණ්ඩායම් රැස්වීමේදී විශ්වාසභංග යෝජනාව සහ දෝෂාභියෝග යෝජනාව කතානායක වරයාට ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් අවසන් තීරණය ගන්නා බව කිරිඇල්ල මහතා වැඩිදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමගි ජන බලවේගයේ විශ්වාස භංග යෝජනාව සහ දෝෂාභියෝග යෝජනාව පරාජය වුවහොත් සජිත් ප්‍රේමදාස පරාජයේ වගකීම බාරගෙන විපක්ෂනායක තනතුරින් ඉල්ලා අස්විය යුතුවේ...!
ජයවේවා.. TNA සහ අපේ සහෝදරයින්ට..!
ඒ මොකද? වෙනමම පරිපාලනයක් දෙන්න එකඟ වුණාද?
අපේ අරගලය 225ම ගෙදර යායුතුමයි. වසර74 ක්ම අහිංසක ජනතාව බොරු කියකියා රවට්ටගෙන සූරන් කෑව වරදට මොවුන් හිරගෙට ගෙනයා යුතුමයි. රාජපක්ෂලා විතරක් කියා.. විපක්ෂය සිතුවාට අපි කියන්නේ සියල්ලෝම එකයි. ඔබලා කිව්වාට (පාර්ලිමේන්තුව) ව්‍යවස්ථාදායකය, විධායකය, අධිකරණය. නොමැතිව රට කරන්න බෑ.. කියලා. ගොබ්බරැල. ඒ නුඹලා දන්න ටික... ලෝක ඉතිහාසයේ රටවල් පාලනය කලේ.. රජවරු. අපට රජෙක් ඉන්නවා නියම හෙළයෙක්... නුබලා මොකුත්ම නොකියා යන්න.. අපි මේ රට සුපිරියට හදලා පෙන්වන්නම්. නුඹලාගෙ ඔය ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය දැන් ෆේල්... හොඳටම ෆේල්... තේරුණාද? අපි තරුණයින් විදිහට මේ රට ගැන, ලෝකය ගැන හොඳටම දන්නවා. ඔක්කෝම බොරුකාරයින්... තියෙන්නේ බොරුවයි, වංචාවයි, දූෂණයයි පමණයි. ඔය ක්‍රමයත් අකුලගෙනම කරණාකරලා යන්න. තාම ගමේ අපි බැස්සේ නෑ හොඳේ.. අපිත් ගෙන්න ගන්න වගේ ලෑස්තිය.. හෙට අනිද්දාම අපිත් කොළඹ එනවා සත්තයි. ඔබලා සේරම ගෙදර යන්න. රට ගැන නුඹලා බයවෙන්නෙ ඇයි? දුක්වෙන්නෙ ඇයි? දාල යන්න දුකයිනේ... කන කෑම දන්නේ නුඹලා විතරයිනේ...!
‘‘අඬන්න බලාගෙන ඉන්න අයට ඇඟිල්ලෙන් ඇන්නා වගෙයි..‘‘