
(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
මතර දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සභාපති හා පාර්ලිමේන්තු මන්ත්‍රී නිපුණ රණවක මහතාට අද (16) මාතර ඌරුබොක්ක හීගොඩ ප්‍රදේශයේ දී කිසියම් පිරිසක් හූ තබමින් විරෝධය පල කර තිබේ.
පාක්ෂිකයකුගේ සුව දුක් බැලීමට එම නිවසට ගොස් ආපසු යන අතරතුරදී මෙම සිද්ධියට මුහුණ පා තිබෙන බව කියති.
කෙසේ වෙතත් හූ හඩ මධ්‍යයේ ඒ මහතාගේ ජීප් රථය වේගයෙන් එම ස්ථානයෙන් ඉවත්ව යන අයුරු දැක ගත හැකි විය.
පාර්ලිමේන්තු මන්ත්‍රී නිපුණ රණවක මහතා ජනපති හා අගමැතිගේ නැගණියගේ පුත්‍රයා වෙයි. ඔහු ඉකුත් පාර්ලිමේන්තු මැතිවරණයෙන් මාතර දිස්ත්‍රික්කයෙන් වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාවක් හිමි කර පාර්ලිමේන්තුවට තේරී පත් විය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අය දුටු දුටු තැන පන්නන්න ඕනෑ. එළියට බහින්න බැරි වෙන්න. මොකද මේ අය අපිට එළියට බහින්න බැරි වෙනකන් ෆන් එකේ හිටියා. දැන් ඔය අය හිටපුදෙන් ඒ විදිහට... 225ම එකයි. ඔය 225 අයින් කරනකන් රටට හොඳක් වෙන්නේ නැහැ.
මන්ත්‍රියයි, වාහනෙයි දෙකම වෙන්දේසි කරන්න තිබුණේ...