(අජන්ත කුමාර අගලකඩ)
ඉදිරි දින කිහිපයේදී පත් කරනු ලබන කැබිනට් මණ්ඩලයේ අමාත්‍යධූරයක් තමා බාර නොගන්නා බව හිටපු වෙළෙඳ ඇමති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලිපියක් යවමින් දැනුම් දී ඇත.
ඇතිව තිබෙන අර්බුදය විසදීම සදහා තරුණ පිරිසකගෙන් යුත් කැබිනට් මණ්ඩලයක් පත් කරන ලෙසත්,ඔවුන්ට ඉඩ ප්‍රස්ථාව සලසා දීම සඳහා තමා කැබිනට් මණ්ඩලයේ වගකීමක් බාර නොගන්නා බවත් ඇමැතිවරයා ජනාධිපතිවරයාට යැවූ ලිපියේ සඳහන් කර ඇත .
කෙටි කාලසීමාවක් සඳහා පහළොස් දෙනකුගෙන් පමණ යුත් කැබිනට් මණ්ඩලයක් පත් කරන්නැයි යෝජනා කර ඇති ඇමතිවරයා අර්බුදය සමනය වූ පසුව කැබිනට් මණ්ඩලයට තවත් පිරිසක් පත් කළ හැකි බවට ද යෝජනා කර ඇත.
මීට අමතරව කෙටි කාලීනව සිදු කළ යුතු වෙනස්කම් රැසක් ද බන්දුල ගුණවර්ධන මහතා සිය ලිපිය මගින් යෝජනා කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ කැබිනෙට්ටුවේ සිටිය යුතුමයි.
ඒක හොඳයි, දැන් තිබෙන එකම විසඳුම දෝෂාභියෝගයට එක්වන්න. ඔබ ජනාධිපතිවරයාට යැවූ ලිපියේ ‘‘ගෝඨා ගෝ හෝම්‘‘ කියලා ලිව්වේ නැත්තේ ඇයි?
රට මුහුණපා සිටින තත්වය දන්නා කිසිම කෙනෙක් මේ වේලාවේ ඇමති තනතුරක් බාරගන්නේ නැහැ...!
රුපියලේ අගය පාලනය කළ නොහැකි වූ විට ප්‍රොෆෙෂනල්ස්ලා කියලා කියන්න පුළුවන්ද? බංගලිදේශය ඔවුන්ගේ මුදල් ඒකකය අපට වඩා ලස්සනට පාලනය කරනවානේ. හොඳම දේ බාර දීලා යන්න...!
තරුණ පිරිස කියන්නේ අර ගෝල් ෆේස් එකේ ඉන්න තරුණයෝද? නැතිනම් දැනට පාර්ලිමේන්තුවේ ඉන්න තරුණ හොරුද?
ගිලෙන නැවට කව්ද නගින්නේ...? දැන් බයයි කවුරුත්ම ඇමතිකම් ගන්න. ගෙවල් වටලනවානේ...!
බාරගත්තත් කරන්නත් බැහැ.
ඔහු මහජනතාවට බයයි... ඔහුගේ නිවසත් වටලයි කියලා හිතන හින්දා...
ගොඩක් හොඳයි...හොඳ අදහසක්...